ඇමෙරිකානු ගුවන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවන් හා ළමයින් ඇතුළු 16 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ඇමෙරිකාවට දෝෂාරෝපනය කර සිටියේ.
පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි කුනාර් ප්‍රාන්තයේ වටාපූර් දිස්ත්‍රික්කයට පසුගිය සෙනසුරාදා මෙම ප්‍රහාරය එල්ල විය.
නේටෝ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ප්‍රහාරයෙන් මියගියේ සතුරු කණ්ඩායම් බවයි.
එහෙත් පළාත් ආණ්ඩුකාර මුල්ක් ජලාලාගේ ප්‍රකාශයකට අනුව ජනාධිපති කාර්යාල ප්‍රකාශ කළ නිවේදනයකින් කියැවුණේ ළමයින් හා කාන්තාවන් ඇතුළුව සිවිල් වැසියන් ගමන් කරමින් සිටි වාහනයකට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
ජනපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙම ප්‍රහාරය ජාත්‍යන්තරය පිළිගත් සියලූම නීතීන් හා ප්‍රතිමාන උල්ලංඝණය කරන බවත් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත්ය.
කුනාර් පොලිසියද පැවසුවේ ප්‍රහාරයෙන් මියගියේ ට්‍රක් රථයක ගමන් කරමින් සිටි ළමුන් හා කාන්තාවන් පිරිසක් බවයි.
නේටෝව යටතේ පවතින ඉන්ටනැෂනල් සෙකියුරිටි ඇසිස්ටන්ස් ෆෝස් (අයි.එස්.ඒ.එෆ්) ආයතනය පැවසුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.
එසේම අයි.එස්.ඒ.එෆ්. සංවිධානය ප්‍රකාශයක් කරමින් සනාථ කර සිටියේ මීට පෙර එල්ල කළ ප්‍රහාරයකින් සතුරු කණ්ඩායමක 10 දෙනෙක් මියගිය බවයි.
එක්සත් ජනපදය හා මිත්‍ර කණ්ඩායම් ත්රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ කරමින් 2011 දී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන ලදී.
ඇමෙරිකානු හමුදා එල්ල කරන ප්‍රහාර වලින් සිවිල් වැසියන් මියයාම වොෂින්ටනයත් කාබුල් නුවරත් අතර පසුගිය අවුරුදු කිහිපය පුරාවටම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකිරීමට ඉවහල් වූ අතර ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු විරෝධී පිරිසද ක්‍රමයෙන් වැඩිවන්නට හේතු විය. එමෙන්ම ඔවුහු දිගින් දිගටම ප්‍රහාර හෙලා දකිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලේ ලංකාවට ඇවිල්ල හෙවුවේ කොටි කොඩිය නතුව බෞද්ධ කොඩියක් දල තියන එකයි, ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ පිළිරුව ලග ප්රභාකරන්ගේ පිළිරුව හදල නැත්තේ මොකද කියන එක විතරයි. ලැජ්ජයි මේ වගේ ගැහැණුන්න්ව මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා හැටියට තියාගෙන ඉන්නවට. (දී)
ලංකාදීපයට ගරු කරමි ,අපිට එසැණ පුවත් දෙන නිසා (නි)
අමෙරිකාවට ජය.(නදී)
අයියෝ 16 නෙ මැරිලා තියෙන්නේ?(නදී)
ලොකු පොලිස්කාරය....-"පිල්ලේ නෝනා"- (අ)
ඔය ළමයි දුක් වෙන්න එපා.දිට්ඨ දම්ම වේදනිය කර්මය කියල එකක් තියෙනවානේ.(අ)
පිල්ලේට උඩගෙඩි දෙන්නේ ඔය විප්ලවවාදීන් කියා හඳුන්වා ගන්න කොටසක්. මින් කෙනෙක්වත් මේ ඇමෙරිකාවේ හෝ බටහිර රටවල කරන අහිංසක මිනිසුන් මැරීමත් මානුෂික අයිතීන් කැඩිමත් ගැන කතා කරන්නේ නැහැ (නි)
පිල්ලේ නෝනේ, මේ ගැන මොකද කියන්නේ. (නි)
බුදු පිළිම විනාශ කලාට අල්ලාහ් කෝප වෙලාවත්ද? (ස)
ෆස්රුල් ගෆුර්, එකනම් ඇත්ත. කර්සාසි ඉල්ලගෙන කනවාට අපි මොනවා කරන්නද? ඇමෙරිකන් කාරයෝ ලංකර ගත්තනම්, ඒ කිව්වේ "කුම්බලා මාළු කෑව නම්, දුක විඳපන් බලලෝ"! (දී)
ඵස්රුල්ලා වරකා ගහක්වත් දකින්නේ මෙහෙ ඉන්න නිසා තමා. (දී)
ලෝක පොලිස්කාරයා දැන් මොකද කියන්නෙ.සිරියාවට බොරුවට පහරදීලා ආසියාතික රටවල් අතර අර්බුද ඇති කරන්නයි මෙයාලා හදන්නෙ. (ස)
මෙයට ඇමෙරිකාවට කිසිවක් නොකියන්න. ඇමෙරිකාව කල වරදක් නැත.
පිල්ලේ ඇන්ටි , මානව හිමිකම් කඩවීම් ගැන වාර්තා ලියනවනම් ඔන්න ඇෆ්ගන් යන්න. පිටු ගනන් ලියන්න පුළුවන් (දී)
පිල්ලේ ඇන්ටි , මානව හිමිකම් කඩවීම් ගැන වාර්තා ලියනවා නම් ඔන්න ඇෆ්ගන් යන්න. පිටු ගණන් ලියන්න පුළුවන්. (ස)
එදා මුන් හොඳයි කියලා නේ කරේ අත දාගත්තේ මෝඩයා? දැන් මොකද කෑ ගහන්නේ? කන්න හොඳට කාලා ඊට පස්සේ කල්පනා කරලා බලන්න "අලි වගේද කොටි කියලා? වරකා කෑවා නම් කොහොල්ලෑ වදිනවා තමා. (ස)
කෝ දැන් නවි පිල්ලේ නොනයි, මානව හිමිකම් කාරයෝ ටිකයි. කාටවත් මේවා පෙන්නේ නැද්ද ? ඇසෙන්නේ නැද්ද ? ලංකාවේ මොර දෙන මානව හිමිකම් කාරයොත් සද්ද නැහැ මේවට .අනේ අනිච්චං.(නදී)
ඇමරිකාවට ඕක සුළු සිද්දියක්. මෙහෙ මොකක් හරි උනොත් තමයි වැඩේ !! අනිත් එක පිල්ලේ නෝනට ඕක ආරංචි වෙන්නෙත් නෑ. (දී)
පිල්ලේ නෝනට වැඩ වරදිනවා.(නදී)
ඔන්න පිල්ලේ නෝනා කල් අරින්නේ නැතුව දැන්ම වැඩ පටන්ගන්න.(නදී)
පිල්ලෙයාන්ට මේවා පෙන්නේ නැතිව ඇති . පෙනුනත් ඕව බලන්න ගිහින් ජොබ් එක නැතිව ගෙදර යන්න වෙයි. ලංකාවට තමයි මෙයා පොර ටෝක් දාන්නේ. (ස)
අනේ පිල්ලේ අක්කේ, ඒ පැත්තටත් පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. (ස)