අවසන් වරට එළැඹි අයිස් යුගයේදී රටවල් පැවතුණේ නම් ඒවා කෙසේ තිඛෙනු ඇත්දැයි දැක්වෙන ලෝක සිතියමක් නිර්මානය කිරීමට පරිගණක ග්‍රාපික නිර්මාණ ශිල්පියකු ප්රමුඛ භූවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
අවසන් අයිස් යුගය පෘථීවිය මත පැවතියේ ක්‍රිස්තු පූර්ව 14000 දී බව ගණන් බලා තිබේ.
වෙනත් සිතියම් මෙන් නොව මෙම සිතියම ඉතා නිරවද්‍ය ලෙස සකස් කර ඇති බව එය නිර්මානය කිරීමට එක්වූ කණ්ඩායම කියති.
එදවස සාගර ජල මට්ටම අද තිඛෙනවාට වඩා මීටර 110 කින් පමණ පහළ මට්ටමක තිබී ඇති බව සදහන්ය.මෙනිසා එදවස ඉහළට මතුව තිඛෙන්නට ඇති ගොඩබිම් කොටස්ද මෙම සිතියමේ දැක්වේ.
එම ගොඩබිම් කොටස් නිසා මෙම සිතියමේ රට රටවල් පිහිටි මහාද්වීප අතර අද පවතින්නාක් මෙන් දුරස්ථ භාවයක් දැකගත නොහැකිය.
විශාල පරිමාණයෙන් විහිද තිඛෙන්නට ඇතැයි සැළකෙන අයිස් තට්ටුද සිතියමේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සිතියම ? (නදී)
රුක්ෂාන් ඇයි අනේ ඔයාට පෙනෙන්නේ නැත්තේ. මටත් වඩා ඔයා නාකිවෙලා වගේ.(නදී)
ක්‍රිස්තු පූර්ව සහ බුද්ධ වර්ෂ පටලවාගෙන වගෙයි. බුද්ධ වර්ෂ 14000 කියන්නේ තව අවුරුදු 11500 කට විතර පස්සේ එන්න තියන කාලයක්. (ස)
වික්ටර් හරි. අනිත් එක කෝ සිතියම? දානකොට ඔක්කොම දාන්නකෝ. (ස)
මේවා ගැන නම් අහනකොටත් පුදුම හිතෙනවා (නි)
ක්‍රිස්තු පූර්ව 14000 කියන්නේ ක්‍රිස්තුන් උපදින්න වසර 14000 කට පෙර කියන එක නේද? (නදී)
කට්ටිය මේකට කලබල කරගන්න ඕනෑ නැහැනේ. ඉදිරියේදී මේක බලන්න පුළුවන් වෙයි (නි)
කාටද සිතියම පේන්නේ නැත්තේ? (නදී)
හිම නිසා ඒ සිතියම වැහිලා ඇති (නි)
සිතියම පෙන්වන්න පුලුවන්ද අපිට බලන්න (නි)
තරංග සංජීව, ඔය තියෙන්නේ සිතියම. ඔයාට පේන්නේ නැත්ද?(දිල්)
මම මේ කතාව බැලුව දිගටම, මම හිතන්නේ පොස්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. "ගූග්ලේ ක්‍රෝම් " වල මට සිතියම පෙන්නේ නෑ. ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලොරර් වලින් බැලුවත් පෙන්නේ නෑ. ලංකාදීප අය මේගැන බලන්න. (ස)