පවුලේ පිරිමි දරුවාට බාල සොහොයුරෙකු ලබාදීමේ අරමුණින් වසරක් පාසා ගැබ්ගෙන ගැහැණු දරුවන් 15 දෙනෙකු බිහිකිරිමෙන් පසු අවසානයේ පිරිමි දරුවකු ලැබීමට සමත්වු බව ඉන්දියාවේ සිටියි.
කනූ සැන්ගොඞ් (40) නම් මෙම කාන්තාව පවසන අන්දමට ඇයගේ එකම වුවමනාව වී තිබෙන්නේ පවුලට සිටි එකම පිරිමි දරුවාට ගැලපෙන සොහොයුරකු ලබාදීමය.
මීට වුවමනා වුණේ අපේ පුතාට සහෝදරයෙක් දෙන්න. එතකොට එයාට සහෝදරියන් ටිකත් හොඳට බලා කියාගෙන ඉන්න ලෙහෙසි වෙනවානේ කියලා ඇය කියයි.
නමුත් ඇය ගැබ්ගත් සෑම වාරයකදීම ඇයට ලැබී තිබෙන්නේ ගැහැණු දරුවෙකි. 18 වාරයක්ම ගැබ්ගෙන ඇති ඇයගේ දරුවන් තිදෙනකු බාල වියේදීම මියගොස් දැන් සිටින්නේ ඉතිරි ගැහැණු දරුවන් 15 දෙනාය.
නැවත වාරයක් පිරිමි දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමට සැමියා රාම්සිං නම්මා ගැනීමෙන් පසු දෙවියන් හමුවේ භාරයක් පවා වූ බව කනූ පවසයි.
අන්තිමට දෙවියෝ මගේ මුහුණු බලලා. මට පිරිමි දරුවෙකු ලැබිලා කිව්වහම මට අදහාගන්න බැරිවුණා. මම පැය ගාණක් එයාව පපුවට තියාගෙන තුරුලූ කරන් හිටියා.මට එතරම් සන්තෝසයි ඇය කියයි.
ඇයගේ සැමියා වන රාම්සිංද පිරිමි දරුවකු ලැබීම ගැන සිටින්නේ සතුටින්ය.මේසා පවුලක් නඩත්තු කිරීම දිනකට රුපියල් 400 ක් පමණ උපයන තමන්ට සැබෑ අභියෝගයක් වුවත් එයට සතුටින් මුහුණ දෙන බව ඔහු කියයි.

![2E9859C400000578-0-image-m-53_1447945536952[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E9859C400000578-0-image-m-53_14479455369521.jpg)
![2E98592E00000578-0-image-a-12_1447944403865[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E98592E00000578-0-image-a-12_14479444038651.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි. (ස)
අහන්න දෙයක් නෑ ඉතින්. ඇඳුම දැක්කම තේරෙනවනේ හැම දේම. (ස)
අසරණ දරු පැටවු දැක්කහම ලස්සනයි අපේ අයට. එක දරුවත් ලොකු බරක් වෙලා අද මහමඟ දමා යනවා. අපේ කාන්තාවන්ට ඇය ලොකු ආදර්ශයක්. දෙවි පිහිටයි! (නි)
ඉන්දියානුවෝ බෝකිරීමට දක්ෂයි (බ)
වාසනාවන්ත කාන්තාවක් (නි)
මට නම් හරිම සතුටුයි. මේ අය දැක්කම. සතුට තියෙන්නේ සල්ලි වල නෙවේ. (ස)
දුප්පත් වුනත් ප්රීතිමත් පවුලක්. පිදුරු සෙවී කළ පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ. (ස)
මටත් සොයුරු සොයුරියෝ 11ක් ඉන්නවා. ඒත් එදා පැල්පතේ තිබුන සතුට අද මට සිහිනයක් වගේ. එය කොතරම් සුන්දර කාලයක්ද? මිල මුදල්, අලංකාර ගෙවල්, යානවාහන කිසිවකින් සතුට ලබාගැනීමට නොහැකි බව මම දන්නවා (නි)
වාසනාවන්ත පවුලක්. දෙවියනි,මේ අයට උදවු කරන්න (නි)
තෙරුවන් සරණයි! (නි)