අයන්ස්ටයින් පෙන්වා දී තිබූ විශ්මිත සිද්ධාන්තයන් සහ පෙරළිකාර සමීකරණයන් හේතුවෙන් 1955 අප්‍රේල් මස 18 දින ඔහුගේ මරණින් පසු එම හිස තුල පිහිටි අවයව ගැන විද්‍යාඥයින් අධ්‍යනයන් සිදු කළහ.
කලින් විශ්වාස කළේ ඔහුගේ අසාමාන්‍ය බුද්ධි ප්‍රභාව ඇතිවූයේ විවිධ හෝ සංකීර්ණ වර්ධනයක් පෙන්වූ මොළය හේතුවෙන් බවයි. නවතම පර්යේෂණයක් මගින් යෝජනා කර සිටින්නේ එය එසේ නොවන බවයි. අයන්ස්ටයින්ගේ මොළය ද අනෙක් මනුෂ්‍යයන්ගේ මොළය හා සමාන බවත් එහි වර්ධනයේ වෙනසක් ඇතැයි සිතීම මුලාවක් බවත් පර්යේෂකයෝ කියති.
1985 දී ඩයමන්ඩ් ඉට් අල් ගේ අධ්‍යනයට අනුව අයින්ස්ටයින්ගේ මොළයේ, සීමිත බුද්ධි මට්ටමක් ඇති අයට වඩා වැඩි ප්‍රමාණයක් උපස්තම්බක සෛල තිබී ඇති බව කියා ඇත. උපස්තම්භක සෛල මගින් මොළයේ නියුරෝන ආරක්ෂාකරන අතර මෙ මගින් චින්තන හැකියාව ඉහළ දමන බවත් මොළයට වැඩි ශක්තියක් ලබා දෙන බවත් ඉට් අල් පෙන්වා දී තිබිණි.
අයන්ස්ටයින් පිලිබඳව නවතම පර්යේෂණය කරණ ලද නිවියෝරක් හි පේස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටෙරන්ස් හින්ස් නියුරොස්කෙප්ටික් නැමැති සඟරාවට වාර්තාවක් සපයමින් පෙන්වා දි ඇත්තේ මෙම සියලුම අධ්‍යනයන් වැරදි බව සහ ඉහත දක්වා ඇති හේතු මගින් ඇත්ත වශයෙන්ම මොලයට විශේෂ තත්වයක් ඇති නොවන බවයි.
අයන්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් යම් තරමක මතබේද පවති. එනම් කටකථාවකට අනුව කියවෙන්නේ මරණයට පෙර ඔහු විසින් ඔහුගේ මුළු ශරීරය ම ආදාහනය කරණ ලෙස ඉල්ලා සිටි බවයි.
නමුත් ව්‍යාධවේදියෙක් වු තොමස් ස්ටොල්ස් හාර්වේ මෙම මහා මොළය අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා ආරක්ෂා කිරීමට වැඩි කැමැත්ක් දැක්වූ හෙයින් අයන්ස්ටයින්ගේ මරණයෙන් පැය හතහමාරකට පසු ඔහුගේ මොළය ඉවත් කර ඇත.
මෙම ක්‍රියාව සාමාන්‍ය සිද්ධාන්තයන්ට එරෙහි වුවත් අයන්ස්ටයින්ගේ පුත් හාන්ස් පසුව තම පියාගේ මොලය විද්‍යාත්මක කටයුතු සඳහා භාවිතා කිරීමට තම කැමැත්ත ලබා දුන් බව නැෂනල් ජෝග්රැපික් වෙබ් අඩවිය කියයි.
ඒ හේතුවෙන් 1985 දි අධ්‍යනය ආරම්භ විය. එම අධ්‍යනයේ සම ප්‍රධානත්වය හාර්වේ විසින් දැරීය. එතැන් සිට බොහෝ විද්‍යාඥයින් යෝජනා කර තිබුනේ අයන්ස්ටයින්ගේ මොළය විශේෂිත එකක් වු බව නිරීක්ෂණය කිරීමට තමන් සමත් වූ බවයි.
ආචාර්ය හින්ස් එයට එකඟ වන්නේ නැත.
පළමුව ආචාර්ය හින්ස් පවසන්නේ 1985 දී අයන්ස්ටයින්ගේ මොලය වෙනත් පාලක මොලයක් සමග සංසන්දනය කරමින් පරික්ෂණ 28 ක් කළ බවත් එහිදී එකම එකක් පමණක් නිරවද්‍ය යැයි විශේෂයෙන් පර්යේෂකයන් විසින් එම අවස්ථාවේදී සැලකූ බවයි.
තවදුරටත් ආචාර්ය හින්ස් පෙන්වා දෙන්නේ වෙනත් අන්වීක්ෂීය විශ්ලේෂණ වලට අනුව අයන්ස්ටයින්ගේ මොලයේ සහ අනෙක් පාලක මොලය අතර ඉඳුරාම වෙනස්කමක් නොතිබූ බවයි.
මෙම අධ්‍යනයන් සිදුකළේ අයන්ස්ටයින්ගේ මොලයෙන් ම පෙතිගසන ලද කුඩා කැබලි එකක් හෝ කීපයක් විශ්ලේෂණය කරමින් බවත් එමගින් එහි විශේෂිත ඥානාත්මක හැකියාවන් ගැන අව්‍යජ අදහසක් ලබාගත නොහැකි වු බවත්ය ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්, මට පෙනෙන්නේ ඔබට පොඩි වැරදීමක් වෙලා වගෙයි. (නි)
කාල තරණය නොහොත් ටයිම් ට්‍රැවලින් කියන සංකල්පය මෙතුමාගේ. එ්ක තියරියේ පොතේ සුත්‍රවල ඔප්පුකරල පෙන්වන්න පුළුවන් උන මෙතුමාට. නමුත් ප්‍රයෝගිකද මන්දා. හැබැයි දැනට වසර දෙතුන් සියකට උඩදී කවදාවත් නොවෙති කියල හිතපු දේවල් දැන් වෙනවනේ. එහෙම හිතද්දී නම් මොනවා වෙයිද කවුද දන්නේ. (නදී)
අප අද පාවිච්චි කරන නුතන වැසිකිලියේ සිට අන්තර්ජාල මෝටර් රථ,ගුවන් යාන වැනි මෙකි නොකී සැම දෙයකම ඔබ සොයා ගත් විද්‍යාව ඇත. ඒ වගේම හිට්ලර්ට හේත්තුවෙලා පැසිෆික් රටවල ලක්ෂ ගානක මිනිස් සංහාරයේ යෙදිච්ච ජපනාට පරමාණු බෝම්බ සප්පායම හම්බෙන්නෙත් මෙතුමාට පින් සිද්ද වෙන්ට.(නදී)
මෙතුමා ජර්මනියෙන් පැනල යද්දී ජර්මන් කාරයෝ පරමාණු බොම්බේ හදන්ට අත ගහලයි හිටියේ. එහි අනතුරින් ලොවම ගලවා ගැනීමට ජර්මනියට කලින් පරමාණු බෝම්බ හැදීමට ඇමරිකාව මොහුට සියලු දේ ලබාදුන්නා. එ්ත් හැමටම කලින් යුද්දේ ඉවර උනා. ජපානේ මෝඩකමට පරාජය නොපිළිගන තවතවත් පැසිෆික් සංහාර කරමින් හිටියා. පරමාණු බෝම්බ පාරක් හම්බුනේ එ්කයි. (නදී)
පොදුවේ සියලුම ආගම් මතිමතාන්තර වලින් නිදහස්ව හිතන්න. ගැල්ලියෝල, ඩාවිනල, අයින්ස්ටයින්ලා එහෙම හිතපු නිසා නේද බොහෝ වැදගත් දේ ලොවට දායාද කලේ? (නදී)
මම හිතන්නේ මොලය කියන්නේ මිනිස්සු පාවිච්චි කරන විදිය අනුව දියුණු වෙන එකක්. ඉතින් එ්ක පාවිච්චි කරන හැටි ඉගෙනගත්තොත් නරකද.(නදී)
මොලයේ ප්‍රමණය කුමක් වුවත් එය පාලනය කරන සිත ඊට වඩා වැදගත් කියලයි මම හිතන්නේ. මේ පුද්ගලයා සිතන ආකාරය විශේෂ විය යුතුයි. ඒ බව දැන් පරීක්ෂණ කරලා සොයා ගන්න බැහැ. මොකද සිත හොයා ගන්න ඔය කාටවත් බැරි නිසා. (නදී)
අමුතුවෙන් මොළේ වර්ධනය වෙන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන 10% වෙනුවට අයින්ස්ටයින් වගේ අය 80-90% විතර පාවිච්චි කරලා තියෙනවා. බුදු දහම හරියට ප්‍රගුණ කළා නම් ඒ දෙය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම 10% වෙනුවට 20% වත් ක්‍රියාත්මක කර ගන්න පුළුවන්. (ස)
අයින්ස්ටයින් මැවුම්වාදය පිළිගත් කෙනෙක්ය. ඔහු දෙවියන් විශ්වාස කළේය. (නදී)
අයින්ස්ටයින් බුදු දර්ශනය ,සරණ ගිය පුද්ගලයෙක්. (නදී)
අයින්ස්ටයින් යනු සාමාන්‍ය මිනිසෙකි... (නි)
පාල, රීටා, සහන් කතාව සහතික ඇත්ත.(නදී)
අයින්ස්ටයින් ස්කෝළෙ නොගිය නිසා තමයි එයාට ඔහොම හිතන්න මොළයක් ලැබුනේ. එයාගේ ජීවිත කතාව කියවලා බලන්න.(නදී)
ජ. තිසර, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය මුලින්ම දේශනාකලේ බුදුරජානන් වහන්සේ. සිත ආලෝකයේ ප්‍රවේගය ඉක්මවයි (නදී)
මෙතුමාගේ කුවොන්ටම් ෆිසික්ස් වත් සයිකෝ සයිබනටික්ස් වත් මටනම් කොතෙක් උත්සහ කලත් නොවැටහේ. කවුරුත් ඉන්නවද කියවල තේරුම් ගත්ත.(නදී)
භූමි පුත්රයිනේ, තව ඔය සුද්දන්ට හොරකන් කරගන්ට බැරිවෙච්ච අපේ කියන දෙයක් ඉතුරුවෙලා තියනවා නම් හොයල බලල දැන්ම විද්‍යාත්මකව ලෝකෙට කියමු. හැමදේටම අපෙන් හොරකන් කළා කියල කියන්ට කට විරිත්තන් කුසීතව ඉඳලා පස්සේ විලාප තියන එක විහිළුවක්. (නදී)
මොළය සිරුරේ තවත් එක ඉන්ද්‍රියක් විතරයි . වෙනස තියන්නේ ඒ ඉන්ද්රිය බාවිතා කරන විදිහ. මිනිසාගේ දැනුම හා බුද්ධිමත් බව හා අවබෝධය කියන්නේ වෙනමම කරණා තුනක් . අවබෝධය කියන එක බටහිරයන්ගේ මනසින් තේරුම් ගන්න බැහැ. ඔවුන් දන්නේ මොළය තේරුම් ගන්නා දේ පමණයි. (ස)
බුදුන්ට සමාන කළ හැකි කිසිවෙක් මේ විශ්ව තලයේ නැහැ.(නදී)
ඔහුට හොඳ මොළයක්, හදවතක් තිබුණා වගේම වඩාත්ම වටිනා දේ තමයි අනික් හැමෝටම වඩා මොළය හොඳින් පාවිච්චි කළා. (නි)
අනිත් කෙනෙකුගේ මොළය ගැන තර්ක විතර්ක කර වැඩක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ......යම් කෙනෙක්ට පුලුවන් නම් තමන්ගේ මොළයේ පුරවාගෙන ඉන්න සියලු දෙවල් හිස්කරන්න අන්න එයයි ශ්‍රේෂ්ඨ වන්නේ. (නි)
නිමල්, අයින්ස්ටයින් නොකඩවා පාසල් ගිය කෙනෙක් (නි)
අපේ අය නටන පිස්සු වල හැටියට කොහොමද අයින්ස්ටයින්ගේ මොළය තේරුම් ගන්නේ? (නි)
මොහු ගොඩාක් දුක් විඳපු කෙනෙක්. මුලදී විශ්ව විද්‍යාලා එකකටවත් බාර ගත්තේ නැහැ. ආර්ථික අමාරු කම් වලට උදව් කලේ ඔහුගේ හොඳම යාළුවා. ඉතාමත් අමාරුවෙන් ඉගෙනගත්තේ. විභාග අසමත් වෙලත් තියෙනවා. ඔහු මුලින්ම බාර ගත් විශ්වවිද්‍යාලය සුරිච්. ඔහුට 1896 සිට 1901 දක්වා කිසිම රටක පුරවැසි කමක් තිබුනේ නැහැ. නමුත් එක එක කාල සිමාවන්හිදී ස්විස්, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, යු.එස්.ඒ වැනි රටවල පුරවැසිකම් ලැබුනා. ඉතාලිය. ඔස්ට්‍රියා, බෙල්ජියම යන රටවලත් ජීවත් වුනා. ගොඩාක් දේවල් ලැබුනේ ප්‍රසිද්ද උනාට පස්සේ. 1921 දී භෞතික විද්‍යාවට නොබෙල් තෑග්ග ලැබුණා. පළමු බිරිඳ චෙක් ජාතික ගැහැණු කෙනෙක්. දික්කසාද වීමෙන් පසු දෙවැනි බිරිඳ ගන්නවා. එයත් 1936 දෙසැම්බර් වල හදවත් සහ වකුගඩු රෝගයකින් මිය යනවා. දරුවන් 3 ක් සිටියා. ජර්මනියේ උපත ලද මොහු මිය ගියේ යු.එස්.ඒ වල. යුද්ධය දරුණු විදියට ජිවිතයට බලපෑ කෙනෙක්. (නදී)
ඔව් ඉතින්, එයත් අපි වගේම සාමාන්‍ය මිනිසෙක්නේ... (නි)
7500 න් කනහැටි කියලදීපු මොළ මොළ නෙමේද ? (දී)
ඔය කියන්නේ ඒකාලේ ඒ රටේ උන්න මිනිසුන්ගේ මොලේ හා සාමාන්‍යයි කියල පටලව ගන්න එපා (දී)
අපේ මිනිසුන්ට නම් ඉතින් නටන්න බැරිවුණාම පොළව ඇදයිනේ (නි)
ඉතා වැදගත් ලිපියක් (නි)
ඔබේ මනස නිදහස් කරගන්න. ඔබටත් අයින්ස්ටයින් කෙනෙක් වීමට නොහැකි වුනත් බොහෝ දේ තේරුම් ගත හැකි වෙයි. කළ හැකි වෙයි. භාවනාව හොඳම මාර්ගයයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ පංච නීවරණ තේරුම් ගෙන ඒවායින් වැළකෙන්න. භෞතික ළෝකය කෙසේ වෙතත් අධ්‍යාත්මික ළොව ජයගත හැකි වේවි. (නදී)
මාර කතාවක් නේ. (ස)
දයාන්, බුදු රජාණන් වහන්සේ ගැන අහලවත් නැද්ද? (ස)
ඇත්තටම අපට බැහැ මේ පර්යේෂකයින් කියන ඒවා එක හෙලාම විස්වාස කරන්න. මම නම් හිතන්නේ නවතම තොරතුරු ඇත්ත වෙන්න පුළුවන්. අසාමාන්‍ය චින්තන හැකියාව සාමාන්‍ය මොළයක භෟතික වෙනසක් නිසා ඇති උන සිදුවීමක් මීට පෙර නම් වාර්තා වෙලා නැති තරම්. (ස)
දයාන්, ඔයාගේ මොළය පරික්ෂා කරගත්තොත් නරකද? (නි)
ඔහු ගැන සවිස්තරව කියෙවුවොත් බොහෝ අදහස් දැනගත හැකිවේවි. (නි)
බුදුන්ගේ මොළයට සමකළ හැකි පුද්ගලයෙක් නැත (නි)
සියල්ල තාවකාලිකයි. නැසෙන සුළුයි.ඊයේ ඇත්ත කියා ඔප්පු කර තිබුණ ඒවා අද බිඳිලා යන්න පුලුවන් (නි)
සමහර විද්වතුන් පිළිගන්නවා අයින්ස්ටයින් හා සමාන හෝ ඊට වඩා බුද්ධිමත් නුතන විද්‍යාඥයෝ සිටිනවා කියා. වරක් මම සඟරාවක කියෙව්වා ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් එවන් බුද්ධිමතෙක් කියා. ඔහු විසින් එළිදක්වන ලද විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ සමීකරණ තවමත් භෞතික විද්‍යාවේ අග්‍ර ගණයේ සමීකරණයක් ලෙසයි හඳුන්වන්නේ. (නි)
ඉතාමත් හොඳ මොළයක් ඔහුට තිබුනේ... (නි)
බුදුන් වහන්සේ ජීවත්වුනු යුගය හා අයින්ස්ටයින්ගේ කාල වකවානු අතර දිගු පරතරයක් තියෙනව. එම තත්වය හා බැලුවහම අයින්ස්ටයින්ගේ විද්‍යාත්මක සොයා ගැනීම් මිනිසාගේ පැවත්මට බොහෝ සේවයක් කොට තිබෙනව. (ස)
මොළයේ භෞතික ස්වභාවයෙන් බුද්ධිය ගැන සෙවීම මෝඩ කමකි. අයින්ස්ටයින් ගේ බුද්ධිය වෙනස් වූයේ මොළය පාවිච්චි කිරීමෙන් මිස මොළයේ හැඩ රුවේ හා ප්‍රමාණයේ වෙනසක් නිසා නොවේ. බුද්ධිය සඳහා බලපාන නියුරෝන අතර පණිවිඩ හුවමාරුව බොහෝ විට ජාන වල වෙනස් වූ සැකසුම් මත වෙනස් වේ. (ස)
අපි හිතන්නේ මොලෙන් කියලා විශ්වාස කරන අයට ඕවා තේරෙන්නේ නැහැ. හදවතෙහි අඩපතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන තමයි අපේ හිත පවතින්නේ කියල අභිධර්මයේ සඳහන් වෙන්නේ. මේ භවාංග සිත අප පෙර කල කර්මානුරූපව ඇතිවෙන්නේ. බුද්ධියේ ප්‍රමාණය තීරණය වන්නේ ඒ අනුවයි. මොලේ කියන්නේ සංඥා ගබඩාවක් පමණයි. (නදී)
මේක පාවිච්චි කල මොළයක් නිසා සෙකන්ඩ් හෑන්ඩ් නේ. පාවිච්චි නොකරන ලද හොද තත්ත්වයේ මොළ තියෙන්නේ අපේ රටේ සමහර දේශපාලකයින්ට කියලා කථාවක් තියනවා නේද? කාටද ආඩම්බර ? (ස)
ඇත්තෙන්ම ඔහුගේ මොළයට සමාන කළ හැකි වෙනත් අයෙක් සිටීද? (නි)
ජෝර්ජ් හොප්කින්ස් මෙතුමා ලගින් ඉන්න ඊළඟ විදඥයා කියල මන් අහල තියෙන්නේ.(නදී)
අද අපි අන්තර්ජාලේ පාවිච්චි කරන්නේ, දුරකථන වලින් කතා කරන්නේ, දුරස්ථ පාලක තාක්ෂනය පාවිච්චි කරන්නේ, හඳට යන්නේ රුපවාහිනි ගුවන් විදුලි පාවිච්චි කරන්නේ සහ අනෙකුත් බොහෝ දේ කරන්නේ ඔබ මොලේ පාවිච්චි කල නිසා. ඔබ නැවතත් අප අතරම ඉපදේවා. ලංකාවේ නම් එපා. ජර්මනියේම ඉපදේවා.(නදී)
මන් නම් මෙතුමාට කැමති නැහැ. වෙන මොකුත් නිසා නෙවේ අපේ උපාදි මේ තරම් අමාරු මෙතුමාගේ මේ මහාප්රන්න තියරි නිසා. අර ලෝකේ නැති තියරි නිසා ඔලුව කුරුවල් වෙනවා.(නදී)
චින්තක හරියටම හරි. හැමෝම නැට්ට පාගගෙන ඉන්නෙ. මම අහල තියෙන විදියට මිනිස් මොලයෙන් අපි සාමානයයෙන් පාවිච්චි කරන්නෙ ඉතා සුලු ප්‍රමානයක්. ආසන්නව 10% විතර. අපේ ඔලුවට හරි දැනුම ඇතුලු කලොත් හා හරි විදියට ප්‍රගුන කලොත්, නියමිත ප්‍රතිපල ගන්න පුලුවන්. බුද්ධ ධර්මය අනුව මේක ඉතා ප්‍රායොගික හා පැහැදිලි සත්‍යක්. සරල උදාහරනයක් විදියට යමෙකුට ගනිත විද්‍යාවේ මූල ධර්ම (තියරි ) කියල දීපුවහම, එයා ඒවා ප්‍රගුන කරලා, තමන්ගෙ නිර්මානශිලිත්වයත් එක්ක විශ්මිත නිමැයුම් කරන ඉන්ජිනේරුවෙක් බවට පත්වෙනවා. සමහරවිට ඔහු කරන නිර්මාන මිනිසුන් අතින් කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා. ඒ විදියට බලපුවහම අපි අතර ඉන්න කීයෙන් කීදෙනාද තමන් ඉන්න ක්ශේත්ත්රයේ ඔලුව පාවිච්චි කරන නිර්මාන ශීලී අය ඉන්නේ? (නදී)
පද්මා, නියමයි! (නදී)
අපෙන් අරන් ගිය දෑනුම විස්තාරාත්මකව අපිටම කියා දෙන්න ලොකු මොළ අවශ්‍ය නැහැ......බටහිරයන් අදටත් කරන්නෙ ඒ දේ.. පුදුම වෙන්න එපා. (ස)
එතුමාගේ නානා නැණි බුද්ධි ප්රබෝධය සහ මනසේ පවතින්නට ඇතැයි සිතිය හැකි ප්රභාෂ්වරය ගැන සීමා මායිම් ලකුණු කිරීමට අප වැනි සොක්කන්ට සුදුසු කම් තිබේදැයි මට නම් ප්‍රශ්නාර්ථයකි.?(නදී)
විද්‍යුතය සහ වුම්භකත්වය සම්බන්ධිත මැක්ස්වෙල්ගේ අවකලන සමීකරන හතර අයින්ස්ටයින් පෙන්වාදුන් සාපේක්ෂතාවාදයට සමාන කිරීමෙන් දෙදෙනාගේ ඥාන ශක්තිය මැනීම එතරම් නිවරැදි නැතයි මට සිතේ. මැක්ස්වෙල්ගේ පලමුවන අවකලන සමීකරනය ගවුස්ගේ සිද්ධාන්තයේ සාමාන්‍ය විලාසයයි. මැක්ස්වෙල්ගේ දෙවන අවකලන සමීකරනය දක්වන්නේ හුදෙක්ම නිදහස් තනි වුම්භකත්වයක් නැති බවයි. වුම්භකත්වය නිතර උතුර දකුණ ලෙස ජෝඩු වශයෙන් පවතින බවයි. මෙය වුම්භකයක් අතට ගත් පාසල් සිසුවෙකුව උවද දන්නා දෙයකි. තුන්වන අවකලන සමීකරනය පැරඩේගේ නීතියයි.(කාලය වෙනස් වන වුම්භක ක්ෂේත්රයක් අවකාසය වෙනස්වන විදුලි ක්ෂේත්රයක් නිපදවන බවය. විදුලිය උත්පාදන යන්ත්‍රයේ සිද්ධාන්තය. මැක්ස්වෙල්ගේ හතරවන අවකලන සමීකරනය තුන්වැනි අවකලන සමීකරනයේ අනිත් පැත්තය. (කාලය වෙනස් වන විදුලි ක්ෂේත්රයක් අවකාසය වෙනස්වන වුම්භකත්වයක් ඉහලට නංවා සිටින බවයි (මෝටරයේ සිද්ධාන්තය.) මැක්ස්වෙල්ගේ අවකලන සමීකරන සතර මගින් මුළු විදුලි ඉන්ජිනේරු විද්‍යාව පහදා දිය හැකි බව සත්‍යයකි. මැක්ස්වෙල්ගේ අවකලන සමීකරන වෙක්ටර් ගණිතයට හොදම උදාහරණයන්ය. එහෙත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මිනිසා කිසිදා නොසිතූ දෙයකි. කාලය සහ අවකාශයේ ඇති සම්බන්ධතාවය මුලින්ම ලෝකයාට ඔප්පුකර පෙන්වූයේ අයන්ස්ටයින්ය. එහෙත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිහිටා සිටින්නේ ආලෝකයට වඩා වැඩි වේගයක් විශ්වයේ නැති බව යන ප්‍රධාන කරුණ මතය. ආලෝකයට වඩා වැඩි වේගයක් තිබේයයි මිනිසාට අනාගතයේ යම් දිනක ඔප්පුකර පෙන්විය හැකිවුවොත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය දෙදරා යන්නත් පුළුවන් වේ. (නදී)
සුකිරි ඔය කියන ජෝජ් හොප්කින්ස් කොහේද ඉන්නේ. මම නම් දන්නේ ස්ටීවන් හොකින් කියල සයන්ටිස්ට් කෙනෙක්.(නදී)
ඔබේ මනස සියලුම ආගමික රොඩු බොඩු වලින් සුද්ද කර ගන්න එවිට ඔබට බොහෝ දේ වැටහෙනවා ඇත. උපන්දා සිට අවුරුදු 5 ක් දක්වා අපේ ඔලුවට ඇතුල් කරන ලද දේ වලින් බැහැර වෙලා හිතන්න තරමක් අමාරු තමයි නමුත් ප්‍රගුණ කරගත්තොත් බැරි කමක් නැහැ. ගැලිලියෝ, ඩාර්වින්, අයින්ස්ටින් ඇතුළු බොහෝ අය ඉඳල තියෙනවා, තාමත් ඉන්නවා.(නදී)
ජාතිකවාදී භූම් පුත්‍රයෝ මෙතුමාගේ බුද්දියට අභියෝග කරලා. ලෝකේ කොහේ නිර්මාණයක් කලත් ඕක අපෙන් අරන්ගිය දෙයක් කියන කුහක කම ආයෙත් එලියට පැනලා. ඕවා අපෙන් අරන් යනකන් අපි මොකෝ කලේ එහෙනම්. මෙතුමාගේ කුවොන්ටම් ෆිසික්ස්,සයිකෝ සයිබනටික්ස් වගේ දේවල් අපේ උදවිය විද්‍යාත්මකව කලින්ම නොකීවේ ඇයි? (නදී)
මෙතුමා යුදෙවුවෙක්. දැන් මෙතන කට්ටිය කියන විදියට ලෝකේ හැම සොයා ගැනීමක්ම අපෙන් හොරකන් කරපුවා. ෂා මරුනේ. මන් කලින් අහල තියන විදියට අපේ අයුර්වෙදෙන්,දේශීය සම්පත්වලින්,අපේ සංස්කෘතියෙන් හොරකම් කරපු ලැයිස්තුවට දැන් බුදුදහමේ තියරිත් හොරකන් කරයි කියලද කියන්නේ.(නදී)
ලෝකේ හැම සොයාගැනිමක තාක්ෂනයක්ම අපෙන් හොරකන් කළා කියන උදවියගෙන් මන් කැමතියි දැනගන්න ඔබ කියන දේ කොතෙක් දුරට නිවැරදිද. ඔබ නිවැරදි නම් එකම වරද නැවත නැවත වීමට ඉඩදී බකන් නිලන් හිද විලාප පමණක් තියන අප නපුන්සකයන් නොවේද...(නදී)