ඇමරිකාවේද සහය ලබන ඉරාක ආරක්ෂක අංශ වලින් එල්ල වන ප්‍රහාර සාර්ථකව මැඩ අයිඑස් ත්රස්තවාදීහු ඉරාකයේ කාන්තාර කලාපයේ පිහිටි ප්‍රධාන නගරයක් වන රමාඩි අත්පත් කරගැනීමට සමත්වූහ.
ඉරාක හමුදා හා සුන්නි ගෝත්‍රික සටන්කරුවන් සමග මාස කිහිපයක සටනින් පසු ත්රස්තයෝ දැන් ඉරාකයට හා සිරියාවට පිවිසෙන අධිවේගී මහා මාර්ගයක් අල්ලාගෙන සිටිති.
පසුගිය දින කිහිපය මුලූල්ලේම රමාඩි අවට දරුණු ගැටුම් පවතින බව වාර්තා වුණු අතර නවතම මාධ්‍ය වාර්තා වල සදහන් වන පරිදි අයිඑස් ප්‍රහාර හමුවේ අවසානයේ ඉරාක ආරක්ෂක අංශ වලට පසුබැස යෑමට සිදුව තිබේ.
අයිඑස් අන්තවාදීහු රමාඩිහි නිවෙස් වල සැඟව සිටින පුද්ගලයින් සොයායමින්,ඔවුන්ව එළියට ඇද දමමින්,වෙඩි තබා නැතිනම් හිස සිද ඔවුන් ඝාතනය කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන රාශියක්ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබේ.ඇතැම් ඡායාරූපයන් වල ස්වයංකී‍්‍රය ගිනි අවි අතින් රැගෙන සිටින කුඩා දරුවන්ද සටහන්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලූ සහන සේවා කණ්ඩායම් වාර්තා කරන ආකාරයට මේ වන ටි පුද්ගලයින් 800 දෙනෙක් පමණ අයිඑස් අන්තවාදීන් අතින් ඝාතනයට ලක්ව තිබේ.25000 ක් පමණ දෙනා නගරය අතහැර පළාගොස් ඇත.
රමාඩි සිට සැතපුම් 20 ක් පමණ දුරින් තිබෙන ප්‍රධාන පෙලේ හමුදා කදවුරක් බලා මේ වන විට අයිඑස් අන්තවාදීන් ගමන්කරමින් සිටින අතර මෙම කදවුරේ ඉරාක ආරක්ෂක අංශ හා ෂියා හිතවාදී සටන්කාමිී කණ්ඩායම් සාමාජිකයින් 3000 ක් පමණ දෙනා සිටින බව සඳහන්ය.
රමාඩි අත්පත් කරගැනීමට අයිඑස් සංවිධානය ලද මහත් ජයග්‍රහණයක් ලෙස යුද විශ්ලේෂකයින් හදුන්වාදී තිබේ.අන්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කය වන ඉරාකයේ බැග්ඩෑඞ් නගරය පිහිටා තිබෙන්නේ රමාඩි සිට සැතපුම් 60 ක් පමණ දුරින්ය.
මේ නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත බැග්ඩෑඞ් නගරයට එල්ල විය හැකි මහා ප්‍රහාරයක් ගැන ඉරාක ආරක්ෂක අංශ දැන් තියාම දැනුම්වත් වී සිටිය යුතුයැයි ඔවුන් අනතුරු අගවයි.විශේෂයෙන් තම සගයින් දැන් ඉතාම ආසන්නයේ සිටින බැවින් බැග්ඩෑඩයේ රහසිගතව කි‍්‍රයාත්මක වන අයිඑස් හිතවාදී කණ්ඩායම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවල නියැලිය හැකි බැවින් ඒ පිළිඹදවද අවධානය යොමුකළ යුතුව ඇතැයි ඔවුන් පවසයි.
ඉරාකයේ ෂීයා මුස්ලිම්වරුන්ගේ බලකොටුව වන බැග්ඩෑඞ් නුවරට සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන අයිඑස් සංවිධානය පහරදීම යනු මුලූ ඉරාකයම ලේ විලක නැහැවීමට සමත් දෙයකි.එපමණක් නොව ඉරාකයේ සුන්නි - ෂියා ගැටුම එහි උච්ඡතම ස්ථානයට පැමිණීම යනු මුළු අරාබිකරය පුරාම සුන්නි - ෂියා ගැටුම් ව්‍යාප්ත වීමටත් හේතුවක් වනු ඇත.අයිඑස් සංවිධානයට අවශ්‍ය වන්නේද මෙයයි.
උපරිම බලය යොදා අන්තවාදීන් මර්දනය කිරීමට මේ වන විට ඉරාක රජය එරට ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇත.ඇමරිකාවද ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන්ට සහයවේ.
නමුත් මේ එකතුවෙන්ද අයිඑස් ඉදිරි ගමන මැඩපැවැත්වීමට තවමත් හැකිව නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා අන්තවාදී සංවිධානයක් යූ ටියුබ් එකේ පවසා ඇති දෙයක් නිසා තමයි මම ජාතිවාදී වුණේ.ප්රභාකරන් හමුවේවත් අපිට මෙච්චර ජාතිවාදී හැඟීමක් දැනිලා නැහැ .(නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ? (නදී)
මොහමඩ්,ඒගොල්ලෝ ඇවිත් තියෙන්නේ ඔයගොල්ලන්ගේ කට්ටිය අහිංසක ගැණු,ළමා ළපටින්ට කරන අමානුෂික වැඩ නතර කරන්න! (බ)
හැතැප්ම 6000 ඈත ඉඳන් ඇවිත් ඉරකයෙ අමෙරිකාවට තියෙන වැඩේ මොකක්ද? (අ)
කැමති ආගමක් කැමති කෙනෙක්ට අදහන්න පුළුවන් නමුත් එකෙන් අන්යගමිකයන්ට හානියක් වෙන්න බැහැ කෙටි කාලීනව හෝ දීර්ග කාලීනව. (ර)
ආගම බලෙන් විශ්වාස ගැන්විය නොහැක..මේක නිදහස් රටක් කැමති කෙනෙක්ට කැමති ආගමක් අදහන්න පුලුවන්...(ම)
ස්වාධින රටේ අපි කැමති සේ නිදහසේ අපේ ආගම දහම ඇදහැයිය හැකිය (ම)
අපේ රටේ අය මේකට අැනකොටාගන්න ඕන නැහැ. අවිගත්තෝ අවියෙන්ම නසි. එ්කයි ලෝ දහම. මේක මොන ආගමටත් ඔට්ටුයි (බ)
ආගම ,ජාතිය ඉස්සරහට දාගෙන ලියලන්නේ ත්රස්තවාදයයි .විසෙන් විස නැසිය යුතුයි (බ)
යන්න අහමඩ් නිකන් බබා වෙන්නේ නැතුව!! (බ)
අහමඩ්,එහෙනම් මොකද ඔයගොල්ලෝ මේගොල්ලන්ට විරුද්දව පෙළ පාලියක්වත් යන්නේ නැත්තේ??? (බ)
ඉජාස් ,කරුණාකරලා ආපු රටකට යන්න මේක බෙලි කපන රටක්වත් නොපෙනෙන ලේ පිපාසිත දෙවියෝන්ගේ රටක්වත් නෙමේ! (බ)
මුන්ට මේවා උගන්වන එවුන්ගේ බෙල්ලි කපන්න ඕන (බ)
අයිඑස් යනු මුස්ලිම් යන නමට මුවාවී ආගමට අපහාස කරන සංවිධානයකි.මේ අය ත්රස්තවාදීන්ය. (නි)
කොච්චර සුක්ෂම විදියට යුද ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙනවද යන්නට අයිඑස් ත්රස්තවාදීහු හොඳ උදාහරණයකි. (නි)
කවදාද මේ ගැටුම් අවසන් වෙන්නේ? (නි)
ගමගේ, විශ්වාස නොකරන්නන් මරාදමන්න කියලා තියෙන්නේ වෙන කොහෙද? (නි)
දෙවියන් විශ්වාස නොකරන්නන් විනාශ කිරීමේ වරදක් නැහැ.(හේ)
ගමගේ, ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ කතා නොකර අනිත් ආගමික පත පොත පොඩ්ඩක් බලන්න. (ර)
එන්න එන්න මේ අය තවත් බලවත් වෙනවා වගේ පේන්නේ.(හේ)
අයි එස් නැති කරන්න ඕනේ.(හේ)
චමල් කිසිම ආගමක කියලා නැ අහිංසක මිනිස්සු මරන්න කියලා... (ර)
අලි,අනේ ඔයත් යන්නකෝ ඉරාකෙට මෙහෙ බින්න බැහැල ඉන්නේ නැතුව!! (බ)
අලි,එතකොට අර විල්පත්තු බලන්න ගිය හාමුදුරුවන්ට චණ්ඩි පාට් දාපු කෙනත් ඇමරිකාවේ නිර්මාණයක්ද?? (බ)
එළකිරි... අපෙත් නැගෙනහිර පැත්තෙන් ගිය ටිකකට පුරවැසි භාවේ නොමිලේම දෙන්න. ඔය ජනගහනේ ඉබේම පාලනය වෙනවා. අපට කිසි වියදමකුත් නැහැ. කොහොමද සිඅයිඑ් එකේ ගැට.. ගැහුවොත් ගැහුවා....(බ)
අනේ අතුල දන්නා දේවල්, ඩිංගක් කියන්ඩකෝ අපිටත් (බ)
ලෝකයේ සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නනම් මේ ජාතිය මුලිනුපුටා දමන්න වෙනවා (බ)
දුමින්ද, බටහිර බිහි කරපු සතුරෙක් නෙමේ මේගොල්ලෝ. (ර)
බටහිර බිහි කළ රකුසෙක්.(හේ)
අයි.එස්. යනු අන් ආගමිකයන්ට ත්රස්තයන් වුවත් ඔවුන් පිළිපදින්නේ ඔවුන්ගේ ආගමේ ලියා තිබෙන දේවල් නිසා ඔවුන් ත්රස්තයන් ලෙස සැළකිය නොහැක. විශ්වාස නොකරන්නන් හා අපහාස කරන්නන් ඝාතනය කිරීම එම ධර්මයයි (නි)