සිරකරුවෙකුගේ සිඳිනු ලැබූ හිසකට පා පහර එල්ල කරන්නට කුඩා දරුවෙකු උනන්දු කරවනා පියෙකු දැක්වෙන ඡායාරූප පෙළක් අයිඑස් අන්තවාදීන්ගේ බළකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නගරයේ රහසිගතව කි‍්‍රයාත්මක වන අයිඑස් විරෝධී සංවිධානයක් අන්තර්ජාලයට එක් කර ඇත.
හද කම්පා කරවනසුලූ මෙම ඡයාරූපයන්ගේ හිසට පාපහර දෙන කුඩා දරුවාට අමතරව හිස් ගසා දැමුණු තවත් පුද්ගලයෙකුගේ කවන්ධය අසළ බලා සිටිනා වයස අවුරුදු 10 ක් පමණ යැයි සිතිය හැකි කුඩා දරුවන් පිරිසකගේද ඡායාරූපයන් වේ.
අයිඑස් අන්තවාදීන් කුඩා දරුවන්ටත් අන්තවාදය උගන්වන බව අනාවරණය වූ අවස්ථා ගණනාවක් පසුගිය සමයේ දැකගත හැකිවූ අතර කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව පවා දීමට අන්තවාදීන් කටයුතු කරන බව හෙළි විය.
සිරියාවේ රකා නගරය මේ සියලූ නරුම කි‍්‍රයා වල මූලස්ථානය වී තිබෙන අතර අන්තවාදීන් සැප විදිද්දී නගරයේ වැසියන්ට දරුණු නීති රීති වලට යටත්ව දිවි ගෙවීමට සිදුව ඇත.යන්තමින් හෝ නීතියකට එපිටින් ගියහොත් ලැබෙනුයේ දැඩි දඬුවම්ය.
අන්තවාදීන්ට එරෙහි සටනට මේ වන විට ඇමරිකාව,බි්රතාන්යය වැනි ලෝක බලවතුන් එක්ව සිටියද අයිඑස් සංවිධානය දුර්වල වන බවක් පෙනෙන්නට නැත.ඔවුහු නොනවත්වාම ප්‍රහාර එල්ල කරමින් සිටිති.ඉරාකයේ තෙල් නිධි බොහෝමයක් අත්පත් කරගෙන සිටින ඔවුහු ඒවායින් තමන්ට අවැසි අවි මිලදී ගැනීමට මුදල් උපයා ගනිති.
අයිඑස් අන්තවාදීන්ට ගුවන් බළ ඇණියක්ද තිබෙන බවටද තොරතුරු පසුගිය සමයේ ඔවුන්ට අයත් යැයි සැළකෙන පුහුණු ගුවන්යානයක් බිම හෙළීමෙන් පසුව හෙළි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයින්ට මේ වගේ දේවල් කියලා දෙන්න එපා.(හේ)
පොඩි ළමයින්ගේ සිත් වලට මෙවන් දේ ඇතුලු කිරීම වැරදියි නේද? (නි)
ඇමරිකාව බිහිකළ මේ ත්‍රස්තවාදී සංවිධාන අද ලෝකයටම හිසරදයක් වෙලා (නි)
ගරු කර්තෘතුමනි ජාතිවාදේ අදහස් කිහිපයක් පලවී තිබෙනවා. නමු සාධාරණ හා මධ්‍යස්ත අදහස් ලියන මාගේ අදහස් පලනොවීම විශ්මයට කරුණක්. මමත් ලංකාදීප එසැන පාඨකයෙක්. (බ)
තුච්ඡ, නිහීන, තිරිසන් ක්‍රියාවක්. නොදරුවන්ටත් අමනුස්සකම උගන්වනවා. අර මොනවද බෝර්ඩ් එකේ ලියලා තියෙන්නේ කියලා නම් දන්නේ නැහැ. මනුස්සකමට නොගැළපෙන වැඩ මේවා. මිනිසුන් යක්ෂයන් වී ඇති සැටි! අහෝ! ලෝක විනාශයේ ආරම්භයද? (නි)
මීට වැඩ දේවල් මෙහෙ වෙන්න ඇති.බුද්ධ දර්ශනය නොපිළිපදින කට්ටිය නිසා තම ඒක!(අ)
අපේ ධර්මද්වීපයේ මීටවඩා දේවල් සිදුවුණා. තවමත් සිදුවෙනවා. (නි)
පළවැනි පින්තුරේ ඉන්න ළමයි බලන්ඉන්න දිශාව බලද්දී පෙන්නේ මෙය බොරු පින්ත්රක් වගේ. අනිත් එක ළමයෙක් මල සිරුරේ අතට හේත්තුවෙලා ඉන්නවා පරිගණකය පාවිචච්චි කරලා හදපු එකක්. (ර)
මේ කතාව කියවන කොටත් දුකයි.අපි මෙහෙමත් ලෝකයකනේ ජීවත් වෙන්නේ කියලා.(හේ)
ෆස්රුල් ගෆූර්, ඇත්ත කතාකරන එක ජාතිවාදයක් වෙන්නේ නැහැ (නි)
තව ටික කාලෙකින් අපිටත් වෙන්නේ ඕකම තමයි. (හේ)
ඇත්තටම මේ මිනිස්සු කිසිම දෙයක් නොතේරෙන පොඩි ළමයින්ටත් කියලා දෙන දේවල්.(හේ)
ඇමෙරිකාවට කොච්චර බැන්නත් ඇමෙරිකාව මේ අන්තවාදයට වගකිව යුතු වුනත් මුස්ලිම් අන්තවාදය අද යම් කිසි පාලනයකට ලක් වෙලා තියෙන්නේ ඇමෙරිකාව නිසා බව අපිට අකමැත්තෙන් වුණත් පිළි ගන්න සිද්ධ වෙනවා.ඔවුන් නැත්නම් කට්ටිය මෙලහකට අපෙත් අර මොකක්ද එක කපල අහවරයි.(අ)
රිෂාර්ඩ්,මොහොමඩ් ෆාරුක් කිසිම ආගමක සාස්තෘ වරයෙක් කියල නැහැ අන්යගමිකයන්ව තම ආගමේ නාමයෙන් මරන්න කියල එක්කෙනෙක් හැරෙන්න! ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ වගේ ඉන්නවා! අපි දන්නේ නැහැ කියලත් ඔයගොල්ලෝ හිතනවා! (අ)
මොහොමඩ් ෆාරුක්,රිෂාර්ඩ් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන දේ ඔයගොල්ලෝ කරන හැටි මේ රටේ බහුතරය වුණ දාක අපිට බලාගන්න පුළුවන් වේවි! (අ)
රුචිර ....ඔයානම් නියෙමෙට ඇමෙරිකාවට කඩේ යන කෙනෙක් වගේ (අ).....
රිෂාර්ඩ්,මොහොමඩ් ෆාරුක් ඔයගොල්ලෝ පලස්තිනේ හමාස් ත්‍රස්තයන්ව මරනකොට පාරේ දිගේ අඩ අඩ යනවා.isis ඉස්ලාම් ත්රස්තයෝ මුස්ලිම් නොවන ළමා,ගැහැණු හේතුවක් නැතුව බෙලි කපනකොට නොදැක්ක වගේ ඉන්නවා! (අ)
රිෂාර්ඩ්,ඔයගොල්ලෝ ඉතින් රටකට (ගෙදරකට) ගියොත් ඉතින් එතන විනාසේ තමා! (අ)
කවුරු කළත් මේවා තිරිසන් වැඩ (නි)
දකිනකොටත් ඇඟ කිළිපොලා යනවා (නි)
අපේ රටෙත් ත්රස්තවාදයක් තිබුනනේ ලාංකික අපි හැමෝම එයට විරුද්ධව ක්‍රියා කළා නමුත් අපි කිසිවිටක ඔවුන්ගේ ආගම ගාව ගත්තේ නැහැනේ.? ත්රස්තවාදීන්ට ආගමක් නැහැ මොකද ආගමක් අදහනවානම් ඔවුන් ත්‍රස්ත ක්‍රියාවල නිරත වන්නේ නැහැ. යම්කිසිස් ආගමක් ගැන හැටිහැටි නොදැන අපි ඔවුන්ව අපහාස කිරීම වැරදිය්. මගේ ආගම පිලිබඳ කිසිම විවාදයක් කරන්න මට අවශ්‍ය නැහැ. ජනක - කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය වගේ වසර 2500 පැරණි බෞද්ධ පුද බිම් ඊයේ පෙරේදාද ලංකා සිතියමෙන් මතු වුනේ? මීට පෙර එහි ජනාවාස තිබුනේ නැද්ද? ඒවා යමෙකු විසින් අත්පත් කරගෙන තිබෙනවානම් රජය ඊට මැදිහත්වෙලා ඔවුන්ට විකල්පයක් වශයෙන් වෙනත් ස්ථානයක ඉඩමක් ලබාදීල අවශ්‍ය කටයුතු කරාවි. වෙනත් රටකින් ලංකාවට නැහැල මේක කළා නම් තමා වැරදි.සමහරු එම ඉඩම් මිලට ගන්නත් ඇති. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ජාති ආගම් භේදයකින් තොරව හැමෝම අත්පත් කරගෙන ඉන්නවා ලංකාව වටේම. ඒ යටත් එවැනි විසඳුමත් තමා රජය ලබාදෙන්නේ. හැම ප්‍රශ්නයකට විසඳුම් තිබෙනවා නමුත් ප්රශ්නය විසඳුම් සෙවීමේ ක්‍රමය ගැන අවධානය යොමුකිරීම. (හේ)
කසුන් - මාගේ අදහස් පළවුණේ නැහැ. එහි මාගේ පිළිතුරු සපයා ඇත්තෙමි. ඕනෙම තර්ක වලට මම සූදානම් එසැන පුවත් සුදානම්ද යනවග දැනගන්න කැමති. (අ)
ෆස්රුල් ගෆූර් - කටාර්, පිළිතුරු දෙන්නේ නැහැ නෙමෙයි, දෙන්න පිළිතුරක් නැහැ. ජනක කියන තර්කයට විරුද්ධව ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ.මේක සංවාදයක්. පුලුවන් නම් උත්තර දෙන්න. (නි)
කාලෙකට පස්සේ බන්දුල පෙරේරා කියූ දේට මමත් එකඟයි. (නි)
මම කිසිම පිළිතුරක් දෙන්නේ නැහැ (නි)
ෆස්රුල් ගෆූර්, කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය වගේ වසර 2500 පැරණි බෞද්ධ පුද බිම් අන්ආගමිකයෝ අල්ලාගෙන ඉන්න එක ජාතිවාදය නෙමේද? (ර)
මේ කුමාරන් කියන කෙනාගේ අදහස ගැන මම මොනවත් වැඩිය ලියන්නේ නැහැ. අර කතාවක් තියනවානේ "තම තම නැණ පමණින් දත යුතු " කියලා (නි)
ඒ අයට මනුස්සකම නෑ.(හේ)
දැන් දැන් පොහොයට යන බණත් දේසපලනිකරණය වෙලා බොහොම නින්දිතයි!! (අ)
කුමාරන්ට හීනයක් පෙනිලා වගේ. පරිගණකයෙන් හැදුවා නම් අහක බලාගෙන ඉන්න එකක් හදන්නෙ නැහැ. විවිධ රටවල් වල අය ආශ්‍රය කරලා අවබෝධයෙන් කියන්නේ, මේ මිනිසුන්ගේ මොළ කුණුවෙලායි තියෙන්නේ. ඒ නිසා මේ මිනිසුන්ට ම්ලේච්ඡ වැඩ හරිම සුළු දේවල්. මොන රටේ හිටියත් මෙයාලා ඔක්කොම හිතන්නේ එහෙම තමා. ඒක තමා ඇත්ත. (නි)
දේශපාලන වාසි තකා එල්ටීටීය එක තුරුළු කොරගෙන හිටපු ඇමෙරිකාවට, කැනඩාවට, එංගලන්තයට දැන් ඔලුව ගිනි අරගෙන ඇති. (හේ)
කුමාරන්,අපේ කොටි ඔක්කොම බූට්ස් දැම්මද? මොලේ කොහෙද තියෙන්නේ??(අ)
කුමාරන්,ඔයා අහල තියෙනවද කම්මලේ ඉන්න සුනඛයාගේ කතාව? අන්න ඒක තමා ඔතන ළමයි කරන්නේ.මේක බොරු පින්තුරයක් නොවේ මමත් පරිගණක ග්‍රැපික් ගැන හොදට දන්නවා! (අ)
පොඩි ළමයි ඉස්සරහා මෙහෙම දේවල් කරන අය මහා මෝඩයෝ දරුවො පවු නියමවිදියට සමාජානුයෝජනය වෙනවා මේ වගේ හරක් ජාතියක්. (අ)
මේක බටහිර මාද්යවල හදපු බොරු පුවතක් !! පින්තුර බොරු පරිගණකය පාවිචි කර හදපු එකක් ..මොකද පළවැනි පින්තුරේ ඉන්න ළමය බලන්ඉන්න දිශාව බලද්දී පෙන්නේ ඔවුන් ඉතා සැහැල්ලුවෙන් වෙන කොහේදෝ බලන් ඉන්න බව !! අඩුම තරමේ එක්කෙනෙක් වත් මල සිරුර දිහා බලන්නේ නැහැ !!. අනිත් එක ළමයෙක් මල සිරුරේ අතට හේත්තුවෙලා ඉන්නවා ..මේක පරිගණකය පාවිචච්චි කරලා හදපු එකක්..දෙවෙනි පින්තුරේ ත්රස්තවාදියා සෙරෙප්පු දාගන ඉන්නවා.. සටන්කාමීන් දන්නේ බූට්ස් මිසක් සෙරෙප්පු නෙවෙයි ..මේ දවස්වල ඇමෙරිකාව බෝම්බ හලනවා ඔවුන් මරන්න ..බෝම්බ හලන අවස්ථාවක මේවගේ දේවල් කර කර ඉන්න පුලුවන්ද ? (අ)
ෆස්රුල් ගෆූර්,පලස්තීනයේ හමාස් ත්‍රස්තයන්ව ඊශ්‍රයාල් හමුදාව මරනකොට පාරට බැහැලා අඩනවා. අයි.එස්.අයි.එස්. ත්රස්තයෝ අහිංසකයන්ව මරනකොට නොදැක්කා වගේ ඉන්නවා. ඕක පෙන්වා දෙන එකට ජාතිවාදය කියලා කියන්න බැහැනේ! (නි)
ඇමරිකාවට කව්රු බැන්නත් අර ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන පොතේ මේවා ඔක්කොම ලියවිලා තියෙනවා (නදී)
හා.. හා... මේවට කෑගහන්න එපා. (ර)
මොහමඩ් ෆාරුක්,ඔයගොල්ලන්ට බඩේ අමාරුවක් හැදුනත් ඉතින් ඉස්රායල් ,ඇමරිකා පලිනේ නේද? (බ)
මොහමඩ් ෆාරුක්, ගුවන්තනාමෝ මේ වගේ වැඩ වෙනවා ඇති.නමුත් අයිඑස් කට්ටිය අනුගමනය කරන්නේ කාගේ ධර්මයද කියල ඔයා දන්නවා ඇතිනේ! (බ)
කියුබාවේ පිහිටි ගුවන්තනාමෝ ඇමරිකන් සිර කදවුරේද මෙයම තමා වන්නේ, ඒවා එලි දක්වන්ට බොහෝ මාධ්‍යයන් බිය ගතියක් දක්වනවා. (ර)
මේ ටිකම තමා ඇමරිකන් හමුදා සෙබළුන් කරෙත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්තාන් වල සහ අතීතයේ වියට්නාම් වලදී, ඒවා පල වීම ඔවුන් වලක්වා නීති පැනෙව්වත්, සමහර පින්තූර පිට වුවා, අයි එස් එස් ත්රස්තයන් බිහි කලේද ඇමරිකාව සහ බටහිර යුරෝපය විසින්. (ර)
මේ ගොල්ල අදහන්නේ කාගේ ධර්මයද? (ර)
ඇමෙරිකාවට ජය වේවා. මේ අය මුළු ලෝකයෙන්ම තුරන් වේවා. (නදී)
ලෝකය කරකැවෙයි උඩු යටිකුරු වී යසට....මිනිසුන් පෙළ ගැසෙයි යන්නන්ට යමලොවට.......හිස්වෙයි සුරලොවත් ගියොතින් මේ ලෙසට. ..සිහියෙන් වැඩකරව් මිනිසුනි දිනයේ හෙට.................! (නදී)
මොහමඩ් ෆාරුක්, ඔයගොල්ලෝ ඉතින් බබාලානේ! (ර)
කිව්වට තරහා වෙන්න එපා සමහර විදේශීය පුවත් එසනෙහි පල වෙන්නේ බොහෝ පරක්කු වෙලා. මේකත් සතියක් විතර පැරණි පුවතක්. (බ)
මේක පරණ කතාවක්නේ.(හේ)
ඒ අය කොහොමත් ඒ වගේ තමයි.(හේ)
ඒ අයට මනුස්ස කමක් නැති එකේ.ඕක මොකක්ද?(හේ)
දැන් ලෝකේ වෙන දවල් බලපුවම කලකිරීමක් මිසක් වෙන දෙයක් නෑ. ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම ඉවර නොකර වෙන විසඳුමක් නැහැ. (නදී)
ඇමරිකාව ත්‍රස්තවාදය දකින්නේ කෝන දෙකකින්. කොටි හොඳ ත්රස්තවාදීන්, මුස්ලිම් ත්‍රස්තවාදය නරක ත්‍රස්තවාදය ලෙසයි. (නදී)
ඔවුන්ගේ අඩිපාරේ යන සමහර රටවල් මොවුන්ගේ මේ වැඩ වලට උදව් කරනවා ...(දිල්)
ත්‍රස්තවාදය වපුරපු එවුන් දැන් ත්රස්තවාදයෙන්ම බැට කනවා. (නදී)
මොකක් පොතේ තියෙනවා. මාර වැඩකාරයෝ අද ලංකාවේ ඉන්නේ. තමාගේ ගෙදර වෙන්නේ මොනවද කියා දන්නේ නැහැ අනුන්ගේ පොතේ වැරදි හොයනවා (නදී)
තිරිසන් මිනිස්සු.(හේ)
ජාති,ආගම බේද නොසලකා, පුද්ගලික අන්තවාදී මතවාදයන්ගෙන් බැහැර වු සදාචාර සම්පන්න මානව සමාජයක් උදෙසා පළමු කොට අවශ්‍ය වන්නේ පුද්ගලයා තුල ස්වයන් පාලනයි .(හේ)
මේ මිනිස්සු ඔතරම් දරුණු තත්වයට පත්කළේ ඇමරිකන් දුෂ්ඨයන්ගේ අමානුෂික ප්‍රතිපත්ති. අපට වින කරන්න දැන් අපේ රටේ මානව හිමිකම් ගැන කතා කරනවා.(නදී)
ඇමෙරිකාව හෝ රුසියාව හෝ මොකා බිහිකලත් ආගමික අන්තවාදයෙන් මෙවන් මිලේච්ඡ ක්‍රියා කරන අය තිරිසන්නු. සදාම් හුසේන් කියන මහා මිනීමරුවා තමන්ගේම ආගමික නිකාය වල එවුන් කී ලක්ෂයක් මැරුවාද ? එතකොට ඒ කෙරුමට ගහන්න ඉරාකය වටේම ඉන්න අයට ඕනා උනා. ගහන්න කව්රුවත් නැහැ. ඇමෙරිකාව මොන හේතුවකට හරි සදාම්ට ගහනකොට හිත යටින් සතුටු වුනා. ඊට පස්සේ ඇමෙරිකන් කාරයට දෙස් තියනවා. බින් ලාඩන් ලත් ඇමෙරිකාවට ගිහින් පුරුදු වුනේ පස්සේ ගෙදර ඇවිත් ඔය අන්තවාදය කරගහගන්නම තමයි. කොටි ත්‍රස්තයොත් ඉන්දියාවට ගිහින් පුහුණු වුනේ ඉන්දියාවට තියන ආදරේට නෙමෙයි. උන්ගේ අන්තවාදය නිසා. ප්රභාකරන්ට වෙච්ච දේ දැකලා පාඩමකට ගත්තොත් හොඳා. (නදී)
කවුරු කලත් ත්‍රස්තවාදය හෙලා දැකිය යුතුමය. කෙනෙකුගේ ජීවිතය නැති කිරීමට තවත් කෙනෙකුට අයිතියක් නැත. නමුත් ධනය පසු පස දුවන සුද්දන් විසින් ඇති කල මේ කූට උපක්‍රමය පරදවා ලෝක සාමය ඇති කිරීමට ඉදිරිපත් වීම පසෙක තබා එකිනෙකාට ඇඟිල්ල දික් කිරීම මහා මෝඩකමකි. රටවල් ආක්‍රමණය කර ඒ රටේ සියලු ධනය කොල්ලකා පසුව එය නිවැරදි කිරීමට ඒ රටේ පුරවැසියන්වම ත්‍රස්තවාදී කරන බටහිර රටවල් පසුපස යන ජාතින් සිහියේ තබා ගත යුත්තේ ඉදිරියේදී තමන්ගේ රටවලටත් සිදු වන්නේ ඔය ටිකම බවයි. (නදී)
එල්.ටී.ටී එකයි මේ අයයි දෙකම එකයි (නදී)
දෙවියන් වහන්සේ මේවා කරන්න කියලා නැහැනේ (නදී)
මේ අය අදහන්නේ මොන ආගමක්ද ? (නදී)
ඇමෙරිකාවේ ආශීර්වාදය තමා ඉතින්. පටන් ගත්තු කට්ටිය කෝ දැන් ?(බ)
කුමාර, නොදන්නා දේ කතා නොකර ඉන්න. බහුශ්‍රත වගේ කතා කලාට දන්නා දෙයක් නැහැ. (නදී)
සමහරු අර පොතේ තියන විදියට තමයි වැඩ. බුද්ධියෙන් සිතන්නේ නැහැ. සමහර රටවල අන්‍ය ආගමිකයෙක් බැන්දොත් එලොවම යවනවා. (නදී)
මොහොමඩ් ෆාරුක්, අරයා කරනවා මෙය කරනවා කියලා ඔය වගේ තිරිසන් වැඩ සාධාරණීකරණය කරන්න එපා. ඒ වැඩ වලට විරුද්ධ වෙන්න (නි)
අපි අනුන්ට ඇඟිල්ල දිගුකළාට,මෙවැනිම සිද්ධීන් වෙනවා අපේ මේ රටෙත්. 71 සහ 80 දශකයේ ලංකාවේ මම දුටුවා මීට වඩා භයානක සිදුවීම් (නි)
මාගේ ප්‍රතිචාරයට සමහරු ඔවුන්ගේ වලිග පාගාගෙන. අයි එස් එස් ත්රස්තයන් සහ බින්ලාඩන් බිහිකළේ කවුද කියලා කඩේ යනකොට මල්ල ඔලුවේ දාගෙන යන නිසා පෙනෙන්නේ නැහැ සමහරුන්ට (නි)
කුමාර, ඔයාගේ අදහසට මම එකඟයි (නි)
ජානක, .කවුද ඔය දේ කළේ? (නි)
එතකොට අර 71 කේ හා 80 වේ දසකයේ අග කාලේ අපේ ධර්මද්වීපයේ වෙච්ච එව්වා මතක නැද්ද ? "අනේ කාලේ වනේ වාසේ කියල අපේ සීයා කියනවා ඇහිලා තිබෙනවා". (ර)