ඉතා විශාල ආගන්තුක වස්තු සමූහයක් පෘථිවිය අවට අභ්‍යවකාශයේ දක්නට ලැබුණු බව තාරකා විද්‍යාඥයෝ කියති. එය වෙනත් පිටසක්වල ජීවී ශිෂ්ටාචාරයක් නිර්මාණය වන ලකුණු පෙන්වන බව ඔවුහු පවසති.
පෙන් ස්ටේට් සරසවියේ තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විශ්මයජනක තාරකා සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට යයි.
‘එය දැකීමෙන් මා විශ්මයට පත්වුණා. එය මොනතරම් උමතු වන දර්ශනයක් ද?‘ යනුවෙන් රයිට් පවසයි.
කෙප්ලර් දුරේක්ෂය මගින් වෙනත් ජීවීන් සිටින ග්‍රහලෝක නිරීක්ෂණයේදී මෙම වස්තු සමූහය දැක ගැනීමට හැකිවී ඇත.
වෙනත් ග්‍රහලෝකවල ඇති ආලෝක හා වෙනස්වීම් ආදිය පිළිබඳ කෙප්ලර් නිරන්තර සෝදිසියෙන් සිටිනවා. මේ වස්තු සමූහයේ ඇති එළිය හා එය විහිදෙන ආකාරය අනුව ග්රහලෝකයකින් විහිදෙන සාමාන්‍ය ආලෝකයක් නොවන බව විනිශ්චය කර ඇත.
‘මෙවැනි තරුවක් අප මීට පෙර දැක නෑ. අපි මුලින් සිතුවේ එය වැරදි දත්තයක් හෝ ගුවන් යානයක් නිසා සිදුවූ වෙනස්වීමක් බවයි. නමුත් ඒ සියල්ල පරීක්ෂා කළ පසු එවැන්නක් නොවන බව අප තීරණය කළා. එය බෙහෙවින්ම අස්වාභාවික වස්තුවක්.‘ යැයි යාලේ සරසවියේ ටාබේතා බොයැජියන් පවසයි.
කේඅයිසී 8462852 තාරකාව ලෙස නම් කර ඇති එය ක්ෂීර පථයේ සිග්නස් හා ලයිරා තාරකා රාශීන් අතර දක්නට ලැබුණු බව ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන තාරකා විද්‍යාඥයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ... (නි)
මෙය කුමක් වන්නට ඇද්ද? (නි)
අදින් වසර 2600 ටත් අතීතයේදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන හොයාගෙන ඒ ලෝක වල සිටින අය ගැන දැනගෙන එහෙට ගිහින් ධර්මය පවා දේශනා කලේ අපේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ඒගැන ඕනෙ තරම් බෞද්ධ ඉතිහාසයේ සාක්ෂි තිබෙනවා එය තමා සත්‍යය - අපේ කාලෙ කට්ටිය මේවා ගැන දන්නෙ නෑනෙ ඉතිං ඒකට්ටිය මෙහෙම දෙයක් දූරේක්ෂයකින් දැක්කහම මැජික් තමයි. (ර)
ඉර පායනවා නේද.? (ර)
පිටසක්වලින් වත් ඇවිත්ද.? (ර)
තවත් අධ්‍යනය කරන්න ඕනේ. (ර)
මේ තරුව අපිට හානිකර එකක් වෙන්න බැරිද? (නි)
අපේ මන්දාකිනියේ තරු,,,එහෙම නැතිනම් සුර්යයන් 12,00,000 ක් තියනවා. මන්දාකිනියේ පළල ආලෝක වර්ෂ 100,000 ක් පිරිසියක හැඩයක් මේ මන්දාකිනිය ගන්නවා.එහි කේන්ද්‍රයට වඩා පරිධිය ආසන්නයේ ජීවින් හට ගන්නවා ...සුර්යාගේ විශාලත්වය....හා එහි සිට අදාල ග්‍රහලෝකයට ඇති දුර හා ගුරුත්වය මත ඇතිවන ජීවීන්ගේ..විශාලත්වය..තීරණය .වනවා..එනිසා අපිට වඩා කපාල අස්ථිය ලොකු..මොලය... ලොකු..හා මොලය වැඩි..ජීවින් සිටින්නට පුළුවන්..අැත්තටම මමත් පියාඹන පිරිසියක් වැනි වස්තුවක් දැක්ක කෙනෙක්...කැලනියේදී...මම දැන් ඉන්නේ විදේශයක. (බ)
ඔබ හරියටම හරි චන්ද්‍ර .. මේ අය තාම බුදු දහමේ කියල තියන මුලික දේවල් වත් හොයාගෙන නැහැ ... ගොඩක් අය හිතන්නේ විද්‍යාව තමා දියුණුම දේ කියල ..(රේ)
ටිකක් වැඩි වුණාම මටත් තරු පෙනවා (ම)