තමන්ගේ විවාහ දිවිය දෙදරායාමට මුල්වීයැයි ඇපල් සමාගමට එරෙහිව නඩු පැවැරීමට ඇමරිකා ජාතික නීතිඥවරයෙක් කටයුතු කර තිබේ.
හිටපු හමුදා භටයකුද වන මෙම නීතිඥයා ඇපල් සමාගම විසින් සපයන අන්තර්ජාල පරිශීලකය (වෙබ් බ්රවුසර්) නිසාවෙන් තමා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට සුදුසු වෙබ්අඩවි වලට ඇබ්බැහිවූ බවත් ඒවා නිසා තමන්ට සිය බිරියද අමතකව ගිය බවත් පවසයි.
මේ සියල්ලට මුල එම අන්තර්ජාල පරිශීලකයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙබ් අඩවි වෙත යාම වළක්වන ක්රමයක් නොමැති වීම යැයිද ඒසේ ක්රමයක් පැවතියේ නම් තමන් මෙසේ කාම වෙබ් අඩවි වලට ඇබ්බැහි වන්නේ නැතැයිද හෙතෙම කියයි.
කෙසේ වුවත් ඇපල් සමාගම නම් තවමත් මේ සම්බන්ධයෙන් කිසිත් ප්රකාශ කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සමාගම මොනවා කරන්නද විකාර (දී)
දෙපක්ෂයේ පූර්ව සමාදානයකට නොපැමිණියහොත් නඩුවෙන් දිනීමටද ඉඩ තිබේ.(නදී)
මේවා ප්රසිද්ධිය තකා කරන දේවල්. හැබැයි, ඇමෙරිකාවේ සමහර නීති අර්ථකතන දිහා බැලුවම ජයී තිසර කියන්න වාගේ එයා නඩුවෙන් දිනන්නත් ඉඩ තියෙනවා. (නි)
එහෙනම් වස හදන කොම්පැනි වලටත් නඩු දන්නා ඕනෑනේ. වස හදපු නිසයි මිනිස්සු ඒවා බීලා සිය දිවි නසා ගන්නේ කියලා. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියන්නේ ඕක තමයි (නි)
හරි හරි ඉතින්, බොරු බයිලා නොගහා කෙලින්ම “මට මේ දවස් වල සල්ලි වලින් හරිම අමාරුයි. මට සල්ලි ටිකක් දෙන්න“ කිව්වා නං ඉවරනෙ. (අ)
තමන්ගේ හැගීම් පාලනය කරගන්න තමන් දැනගන්න එපැයි... (නි)