අතුරුදන්ව ඇති එම්.එච්.370 මලයාසියා ගුවන් යානය සෙවීමේ කටයුතු මධ්‍යම ආසියාවේ රටක්වන කර්ගස්ථානයේ බෙෂ්-ටාෂ් උතුරු දිග නිම්නයේ සිදුකරන ලෙස නවසිලන්ත අභ්‍යාවකාශ හා භෞතික විද්‍යාඥයකු වන බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා ඇමෙරිකා නාසා ආයතනයේ පර්යේෂක ඩන්කන් ස්ටීල් පවසයි.
ඔහු පවසන්නේ දැනට පරික්ෂණ කටයුතු සිදුකරන ඉන්දියන් සාගර ප්‍රදේශය වන පර්ත් හි සිට බටහිරට වන්නට ඇති ප්‍රදේශයට යානය කඩා වැටුණායැයි සිතිය නොහැකි බවයි. මේ ගුවන් යානය අතුරුදන්වන වේලාවේ දී කිරිකිස්ථානයේ නිම්න ප්‍රදේශය දුම් වළාවන්ගෙන් වැසි ගොස් තිබූ බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පැහැදිලිවන්නේ යැයි පවසයි. ඔහු පවසන්නේ මේ නිම්න ප්‍රදේශය පිරික්සීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කැර ගැනීමට හැකිවනු ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එතන බැලුව එත් එ්ක තිබුණේ නෑ. (ස)
යානය තිබෙනවා..... සිවුවන මානයේ.... මට මතකයි මම කුඩා කාලයේ ස්පෙල් බයින්ඩර් කතා මාලාවක් නැරඹුවා....! (ස)
මේ ගුවන් යානයට මොනවා වුණාද මන්දා? (නි)
තාක්ෂණයේ දියුණුව නිසා තමයි ඉතින් මේ හැමදේම වෙන්නේ (නි)
බොරුවට කිසි කෙනෙක් කෑගන්නේ නැහැ. එයාල එයාලගේ හිතේ තියෙන දුක තමා පිට කරන්නේ . (දී)
මේ යානයේ සිටි පිරිසට මොකද උනේ (දී)
අපේ හුගක් අය කරුණු කාරණා නොදැන බොරුවට කෑ ගහන අය බව සමහර කමෙන්ට්ස් දැක්ම තේරෙනවා. (ස)
මම හැම දාමත් ප්‍රර්ථනා කරන්නේ මෙම ගුවන් යානයට කිසිදු අනතුරක් නොවී ගමන් ගත් සියලුම කුඩා දරුවන් හා අනිත් අය කරදරයක් නැතිව ඉන්න කියා (දී)
මෙික ගැන මම හරි උනාන්දුවෙන් ඉන්නේ මොකද උනේ කියලා දැන ගන්න සුවර් එකටම මෙක ඇමරිකානුවන් ඉස්සුව (දී)
මේකට සිදු වු දේ දන්නේ ඒකේ හිටපු අය විතරයි (දිල්)
මේකට මොනවා උනාද දන්නෙ නෑ. (ස)
මේක ඇමරිකානුවන් විනාශ කරා. (නදී)
කොයිතරම් තාක්ෂනය තිබුනත් පාලනය කරන්න බැරි දේත් තිබෙන බව පැහැදිලි වෙනවා නේද? (නදී)
මෙය ඇමරිකන්කාරයාගේ වැඩක් . තායිලන්ත ඇමරිකන් යුද පුහුණු අභ්‍යාසයකදී වැරදීමකින් සිදුවන්න ඇති. තාක්ෂනය අතින් දියුණු ඇමරිකාව මෙය සෙවීමට උදව් දෙන්නේ නැත්තේ ඇයි. එ්කයි රහස (නදී)
හරියටම ඔය ගැන හොයනවා නම් මේ තාක්ෂණයත් එක්ක ඇයි තවම බැරි වුණේ හොයාගන්න? (නි)
නාමල් කොහෙද එහෙම කියල තිබ්බේ? ඇමරිකාවේ දියගොගාශියාවේ කඳවුරට පහලින් පියාසර කෙරෙව්වා කියලා නම් වාර්තාවුනා මුලදීම? ලෝකේ ලොකුම අපරාධ කාරයා..? (නදී)
තාක්ෂනය දියුණුයි කීවට කෝ අපි ඇමෙරිකාවට බය විය යුතු නැහැනේ.(නදී)
මේක ඇමෙරිකා ගුවන්යානා යුද පුහුණු වීම පැවති ඉසව්වකදී විනාශ වුණා.. එය දැන් ඇමෙරිකා රඡය හෙළිදරවු කොට ඇත (දිල්).
ආලෝක වර්ෂ 500 කට එහා ග්‍රහලෝක නම් හොයාගන්න හරිම ලේසියි. මේක නම් අමාරුයි.(නදී)
සොයන්නාට සම්භවේ! හැබැයි තිබුනොත්. (නදී)
ඒකත් හරියට අර එළියක් තිබෙන තැනක බලා වෙන තැනක නැති වුණ යතුර හොයන්න කිව්වා වගේ. (නි)
ඇති යන්තම් කට්ටියට තාම මේක ගැන මතක තියෙනවා (නදී)