හැට නව වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ නිදහස් දින සැමරුවේ දී ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලය, සියලූ ආගමික පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ සංවිධාන හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ජනයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්විණි.
ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියන් බෞද්ධාගමික වතාවත් සිදු කළ අතර අකනෙක් ආගමික නායකයෝ පුජා කටයුතු සිදු කළහ.
අනතුරුව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම,සිදු කළ අතර පැරීසියේ ධම්ම චක්ක දහම් පාසලේ සිසු දරුවන් හා පැරීසියේ දෙමළ පාසලේ සිසු දරුවන් විසින් සිංහල දෙමළ භාෂා වලින් ජාතික ගීය ගයද්දී නිදහස් උත්සවය ඇරඹිණි.
ගායනය කල ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාව ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ, විදේශ ඇමැතිතුමාගේ නිදහස් දින පණිවුඩයන් ශ්‍රී ලාංකික සියලූම භාෂා වලින් සභාවට දැන්වීය.
(උත්සවය අවසානයේ ශ්‍රිලංකා තානාපතිවරයා සමඟ කළ පුවත්පත් සාකච්ඡාව මෙහි දැක්වේ.)
ප්රශ්නය:
ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නිදහස් පණිවුඩයේත් ඔබගේ කතාවේදිත් ශ්‍රීලංකාවේ සියලූම සමගිය හා සංහිඳියාවේ අවශ්ය්යතාවය ගැන කරුණු පැහැදිලි කළා. මෙවර නිදහසේ ප්‍රධාන තේමාවත් ජාතික සමගිය. අපි දශක හතරක පමණ සිට සංහිඳියාව හා සමගිය ගැන කතා කරනවා. ඒ අතර තුර යුද්ධයක් ඇතිවෙලා දැන් අවසන්වී තිබෙනවා. තවමත් සංහිඳියාව ගැන කතා කරනවා. ඔය සංහිඳියාව තවම ඇති වෙලා නැද්ද? නොඑසේ නම් ඇතිවෙලා ක්රියාවේ නැද්ද? එසේත් නැති නම් අද සංහිඳියාවේ තත්වය කුමක්ද?
පිළිතුර:
සංහිඳියාව කියන්නේ චාටු බස්වලින් හදන්න පුළුවන් දෙයක් කෙවෙයි. ඒ සඳහා නීති රීති හදන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක නීතියයි. එබැවින් සංහිඳියාවට අදාල කරුණු කාරණා එම නීති පද්ධතියට ඇතුළත් කරන්න ඕනේ. වාර්ගික පදනමෙන් තොරව රැකියාවක් , නිවසක් ලබා ගැනීම, ඕනෑම කෙනකුට ඕනෑම ආගමක් ඇදැහීමට නිදහස තියෙන්න ඕනේ. ඒවාට ගරු කරන්න ඕනේ. ඒ නිසා පටු දේශපාලන න්‍යාය පත්‍ර මත වෛරයෙන් ජාතික සමගිය බිඳ දැමීමට පෙරමුණ ගන්නා සංවිධාන හා පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එම සංවිධාන තහනම් කරන්න ඕනේ. අන්තවාදීවරුන් එම පසුබිම ඇති කරන දේවල් ඉවත් කරන්න ඕනේ. එහෙම වුණොත් අන්තවාදීන්ට ජාතික අසමගිය ඇති කිරීමට ඉඩ ප්‍රස්ථාව නැතිව යනවා. ඒකට දැන් අනර්ඝතම අවස්ථාවක් ලැබිල තිබෙනවා. අපි එයින් ප්‍රයෝජනය ගනිමු. එම නිසාම මෙවර නිදහසේ ජාතික සමගිය ප්‍රධාන තේමාව ලෙස තෝරා ගත්තා.
ප්රශ්නය:
උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු වලට විසදුම් සොයන්නේ නැතුව විවිධ රැස්වීම්වල ක්‍රීඩා තරග වලදී ”අපි සැවොම ලාංකිකයි කිව්වයි කියල ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. කියල උතුරේ ප්ර්රධාන ඇමති කියනවා. එම ප්‍රකාශය ගැන ඔබගේ අදහස කුමක්ද ?
පිළිතුර:
එතුමා මීට පෙරත් ඔවැනි ආන්දෝලාත්මක කතා කියල තියෙනවා. ඔය කතාවත් ජාතිය බේදබින්න කරන්න සුදානමින් ඉන්න පිරිස් හොද මාතෘකාවක් කරගනිවි. එම නිසා එවැනි කතා ගැන කලබල විය යුතු නැහැ. අපි බොහෝම අසීරු ගමනක් ආරම්භ කර තියෙන්නේ. එය සාර්ථක කර ගැනීමට උත්සහ ගන්න ඕනෑ.
ඡායාරූප - රොහාන් දයාදර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් උළෙල හොඳයි. ලස්සනයි. ජයවේවා! (නි)
69 වන නිදහස් උළෙලට පැරිස් අපි කියමි ජයවේවා ...(ම)
අපේ ශ්‍රී ලංකාවට ජයවේවා .. (ම)
පැරිස් 69 වන නිදහස් උළෙල හොඳයි. හැබැයි අයිතිකාරයෝ ගොඩයි (නි)
69 වෙනි පැරිස් නිදහස් උළෙලට ජයවේවා! (නි)
69 වන නිදහස් දිනය පැරිස් ඉතා හොඳින් සැමරුවා! (නි)
ඉතාම සතුටුයි. ජය ශ්‍රී! (නි)
මේවා දකිනකොට සංහිඳියාව යන වචනයේ තේරුම අපි දකිනවා (නි)
මහින්දගේ කාලේ විරෝධතා, ජිනීවා චාරිකා.... මේ කාලේ නිදහස් උත්සව. ජයවේවා! (නි)
මහින්දලාගේ කාලේ නිදහස් උත්සව තිබුනද ? තිබුනේ ජිනීවා ජාතිවාදී චාරිකා (නි)
විශීෂ්ට වැඩක් (නි)
සංහිඳියාවේ වේදිකාවක් නිර්මාණය කළ ගරු තානාපති තිලක් රණවිරාජා මැතිදුනි, ඔබට තුති! (නි)
පැරිස් ජාතිවාදීන්ට නිදහසක් නැද්ද .(ම)
අපේරටේ ජාතිවාදය වපුරන ලෝකයේ ජාතිවාදය වපුරන පැරිස් ජාතිවාදය වපුරන අයට මේ නිදහස් උළෙල හොද ආදර්ශයක් . (ම)
මහින්දගේ කාලේ තිබුනේ පිකටින් පෙළපාලි ජිනීවා චාරිකා... දැන් නිදහස් උත්සව ප්‍රීති ප්‍රීති ප්‍රීති... (නි)
කාලෙකට පස්සේ ලස්සන, ගොඩාක් සෙනඟ ඉන්න නිදහස් උළෙලක් අපි දැක්කා (නි)
ඉතා සාර්ථක නිදහස් උළෙලක්. මවුබිමට ජයවේවා! (නි)
සතුටුදායක පුවතක් (නි)
තානතිපතිතුමා දෙමල ජනතාවගේ ගැටලු පිළිබද ප්‍රශ්නයට දුන්න උත්තරය ප්රශ්නය මගහැරයමක්.එතුමා ශ්‍රීලංකා තානාතිපති නොව සිංහල තානාපති විය යුතුය. (බ)