අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වසර 2022 දී නව ඉන්දියාවක් ගොඩනගන බව භාරතීය ජනතා පක්ෂය අද (9) ප්‍රකාශ කළේය.
මේ දිනවල පැවැත්වෙන එම පක්ෂයේ ජාතික විධායක රැස්වීමට සමගාමීව අද (9) ඒ වෙනුවෙන් යෝජනාවක් ද සම්මත කර ගත්තේය.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන රාජ්නාත් සිං ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අදාළ යෝජනාව සම්මත කරගෙන තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ‘2022 දී නව ඉන්දියාවක්’ යනුවෙන් අදාළ යෝජනාව නම් කරනු ලැබ තිබේ.
වසර 2022 වනවිට නව ඉන්දියාවක් ගොඩනගන බවත් අද වනවිට විපක්ෂයට නායකයකු හෝ ප්‍රතිපත්තියක් හෝ නැති බවත් අදාළ යෝජනාව සම්මත කරගනිමින් භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය. දැනට ඉන්දියාවේ සිටින වඩාත් ජනප්‍රියම නායකයා අගමැති නරේන්ද්‍ර මෝදි යැයි ද භාරතීය ජනතා පක්ෂය තවදුරටත් සඳහන් කර ඇත.
භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමේ විපක්ෂය සැලැස්ම සිහිනයක් පමණක් යැයි ද භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය.
පසුගිය වසර හතරක කාලයේදී ආණ්ඩුව සංවර්ධන වැඩ රැසක් සිදු කර ඇතැයි භාරතීය ජනතා පක්ෂය අද (9) සම්මත කරගන්නා ලද යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රකාශ් ජාව්දේකර් පැවැසීය.
“මේ ආණ්ඩුවට දැක්මක්, වුවමනාවක් තිබෙනවා. මේ ආණ්ඩුව ඉදිරිය ගැන හිතනවා. අපේ ආණ්ඩුවට යටතේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ අපි 2022 දී අලුත් ඉන්දියාවක් ගොඩනගනවා. වසර 2022 දී අපි ත්‍රස්තවාදය නැති, ජාතිභේද නැති කුලභේද නැති රටක් බිහි කරනවා. වසර 2022 දී ඉන්දියාවේ හැමෝටම නිවසක් තිබෙනවා. එදාට නිවසක් නැති කවුරුවත් නැහැ” ජාව්දේකර් කීය.

ද හින්දු අනුග්‍රහයෙනි
055
2025 දෙසැම්බර් මස 18
650
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2022 දී නව ඉන්දියාවක්
ලලනී ගුනවර්ධන Sunday, 09 September 2018 05:06 PM
ඔන්න ඉතින් ඔයත් අපේ අය අනුගමනය කරමින් විහිලු කරන්න පටන් අරගෙන වගෙයි.
Bamunuarachchi Monday, 10 September 2018 10:48 AM
හෙට අනිද්දා වෙන වැඩ නැහැ අවුරුදු ගණන්වලින් පස්සේ වෙන වැඩ. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ මෙහෙම කීවාම වැඩකර ගන්න මේගොල්ලන්ව මිනිස්සු තියා ගනී කියලා.