ෆේස්බුක් වෙබ් අඩවියට ඇබ්බැහිව සිටින්නන් ඉන් මුදා ගැනීමේ සමත් උපකරණයක් හඳුන්වාදීමට ඇමරිකාවේ එම්.අයි.ටී. අධ්‍යාපන ආයතනයේ සිසුහු දෙදෙනෙක් සමත්ව සිටීති.

තමන්ද සතියකට පැය පණහක පමණ ෆේස්බුක් වෙබ් අඩවියේ කල් මැරීමට පුරුදුව සිටි බවද එම පුරුද්ද තමන්ගේ දෛනික වැඩකටයුතුවලට බාධාවක් වීමෙන් මෙසේ එයින් ගැලවීමට මං සෙවීයැයිද ඔවුහු කියති.

එහි ප‍්‍රතිඵලය ‘‘පැව්ලොව් පෝක්‘‘ නම් මේ උපකරණයයි.

පරිගණකයට සම්බන්ධ කෙරෙන මෙම උපකරණය පරිගණකය භාවිතා කරන්නාගේ අතෙහි ස්පර්ශ වෙමින් තිබේ.පරිගණකයේ ස්ථාපනය කෙරෙනු ලබන විශේෂ මෘදුකාංගයකින් මෙම උපකරණය පාලනය කෙරේ.මෙම මෘදුකාංගය  පරිගණකය භාවිතා කරන්නා අන්තර්ජාලයේ වැඩියෙන්ම කාලය ගත කරන වෙබ් අඩවි මොනවාදැයි සටහන් කර ගනු ලබයි.

හදිසියේවත් එක් වෙබ් අඩවියක පමණට වඩා වැඩි වේලාවක් රුදී සිටිනවා යැයි මෘදුකාංගයට හසුවූවිට එය ‘‘පැව්ලොව් පෝක්‘‘ උපකරණය කි‍්‍රයාත්මක කරවයි.මෙම උපකරණයේ ඇති විද්‍යුත් දඟරයෙන් අධි වෝල්ටීයතා ආරෝපණයක් උපදින අතර එය පරිගණකය භාවිතා කරමින් සිටින්නාගේ අතෙහි වැදේ.

මෙම ආරෝපණය කෙනෙකුහට දැඩි වේදනාවක් ගෙන දීමේ සමත්ය.එයින්ම තමන් අදාළ වෙබ් අඩවියේ රැදී සිටියා ඇතැයි පරිගණකය භාවිතා කරන්නාට සිතෙනු ඇතැයි මෙම සිසුහු දෙදෙනා පවසති.

ප‍්‍රායෝගික භාවිතයේදී ගැටළු තිබුණත් ෆේස්බුක් මේනියාවෙන් මිදීමට මෙවන් උපකරණද අත්වැලක් බව බොහෝ දෙනාගේ අදහසයි.