IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


’ෆයිසර්’ සමාගමෙන් පෙත්තක්

ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම, 'කොවිඩ් 19' වයිරස අඩපණ කළ හැකි බෙහෙත් පෙත්තක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මෙම පෙත්ත වෙළෙඳපොළට නිකුත් වනු ඇත්තේ 'පැක්ස්ලොවිඩ්' යන වෙළෙඳ නාමය යටතේ යැයි 'ෆයිසර්' සමාගම පැහැදිලි කරයි.

'පැක්ස්ලොවිඩ්' සම්බන්ධයෙන් අවසන් සායනික පර්යේෂණ ඉතා සාර්ථකව අවසන් වෙසින් පවතින බවත් 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල් ගත කිරීමට සහ මරණයට පත්වීම සියයට 89 කින් අඩු කිරීමට බෙහෙත් පෙත්තට හැකියාව ඇති බවත් 'ෆයිසර්' සමාගම පවසා ඇත.

සායනික පර්යේෂණ සම්පූර්ණ වූ සැණින්,  'පැක්ස්ලොවිඩ්' සඳහා ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට 'ෆයිසර්' සමාගම සූදානමින් සිටී.

'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත 'කොවිඩ් 19' ආසාදිතයන්ට නිවසේ සිට වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගැනීමට හැකිවෙයි. 'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ සමාගම නිපදවා ඇති 'මොනුපියර්වියර්' බෙහෙත් කරලට සමාන යැයි ද වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

'මොනුපියර්වියර්' බෙහෙත් කරලට මේ වනවිට ලොව රටවල් රැසකින් ඇණවුම් ලැබී ඇත. ඒ, බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය 'මොනුපියර්වියර්' භාවිතයට සුදුසු යැයි අනුමත කිරීමත් සමඟය. 'මොනුපියර්වියර් බෙහෙත් කරලට හිමිවුණු පළමු අනුමැතිය එයයි.

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ 'ෆයිසර්' එන්නතය. අවුරුදු 5 සිට 11 දක්වා ඇමෙරිකාවේ කුඩා දරුවන්ට හෙට (8) සිට 'ෆයිසර්' එන්නත ලබා දීම පවා ආරම්භ වෙයි. 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත සේම, 'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත ද ලොව පුරා ජනප්‍රිය වනු ඇති බවය.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

’ෆයිසර්’ සමාගමෙන් පෙත්තක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site