IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හොර මඟුල කඩයි

ඉතාලි ජාතික තරුණියක හා සාවද්‍ය විවාහයකට එළැඹ යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍යය ආගමන විගමන නිළධාරීන් සමත්ව තිබේ.

ලැබුණු ඔත්තුවකට අනුව කි‍්‍රයාත්මක වී ඇති ආගමන විගමන නිළධාරීන් බි‍්‍රතාන්‍යයේ හැරෝ ප‍්‍රදේශයේ විවාහ ලියාපදිංචි කාර්යාලයක සිටි මෙම යුවළගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී දෙදෙන සාවද්‍ය විවාහයක් සිදුකරන්නේයැයි තහවුරු කරගෙන ඇත.

තරුණියගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඇයව මුදා හැර ඇතත් ශී‍්‍රලාංකික තරුණයා තම ගමන් බලපත් කාල සීමාව ද ඉක්මවා බි‍්‍රතාන්‍යයේ රැදී සිට ඇතැයි හෙළිවීම නිසාවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට නිළධාරීන් කටයුතු කර තිබේ.

ඔහු මෙසේ ‘‘විවාහ‘‘ වන්නට පැමිණ තිබෙන්නේ යුරෝපා ජාතිකයෙකු හා විවාහ වූ පසු එම විවාහ වූ තැනැත්තාවද යුරෝපා ජාතිකයෙකු ලෙස සැළකෙන බැවින් එමගින් බි‍්‍රතාන්‍යය පුරවැසියෙකු ලෙස පෙනී සිටීමට බව ආගමන විගමන නිළධාරීන් පවසයි.

අත්අඩංගුවේ සිටින තරුණයාට එරෙහිව නඩු විභාගයක්ද පැවැත්වීමට නියමිත අතර වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුව යළි ශී‍්‍ර ලංකාව බලා පිටත්කර එවනු ලැබෙනු ඇත.

 



අදහස් (0)

හොර මඟුල කඩයි

දොඩන්ගොඩ Wednesday, 30 October 2013 03:09 PM

දුක තමා රන්ජනී. විසා හදා ගන්න කරපු දේ මාට්ටු උනා. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 30 October 2013 03:11 PM

මේ වගේ හොර බොරු කරලා, රට ජාතිය විතරක් නොවෙයි තමන්ගේ ආත්මයත් පාවලා දීලා, තමන්ගේ අම්මා තාත්තාවත් පාවලා දීලා පිටරටක පුරවැසිකමක් ලබා ඇති පලේ කුමක්ද? (නි)

:       0       0

මොහාන් Wednesday, 30 October 2013 03:12 PM

මෙතන කිසි අවිශ්වාසයක් නැහැ. කාගේ හරි ඊර්ෂ්‍යාවට දීපු ඔත්තුවක්. (නි)

:       0       0

තිස්ස Wednesday, 30 October 2013 03:16 PM

අනේ කවුරු මොනා කිව්වත් ඒ දෙන්නට වෙන් වෙන්න වෙච්ච එක නම් දුකයි. (ස)

:       0       0

නිමල් රණසින්ග්හේ Wednesday, 30 October 2013 03:21 PM

මැන්දිස් මහතා, ඔබ හරි. ඔත්තුව දෙන්න ඇත්තේ අපේම කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 30 October 2013 03:48 PM

මට ආපායේ කතාව මතක් උනා . යම රජ්ජුරුවන්ගේ යහළුවෙක් ආවලු අපායට.යාලු ෆිට් එකට කිව්වලු කැමති දඩුවමක් තොර ගන්න කියලා .දැන් මෑන් යනවලු රවුමක් අපායේ .දකිනවලු ලෝදිය පොවනවා. ශරීරය දෙකට මැදින් කියත් වලින් ඉරනවා. කටු ඉඹුලේ නග්ගනවා. හැම තැනම ෆුල් ආරක්ෂාව මොකද පැනලා යයි කියලා අපායෙන් .එක තැනක කට්ටියක් ලෝ දිය බිබී වලක බැහැල ඉන්නවලු. නමුත් කිසිම ආරක්ෂාවට කෙනෙක් නැහැලු. යමපල්ලගෙන් අහව්වලු හැම තැනම යමපල්ලෝ ආරක්ෂාවට ඉන්නවා මොකද ඒ වල ලග කවුරුවත් නැත්තේ කියලා. ආ ඒ වලේ ඉන්නේ සිංහල සෙට් එක්කක් ඒ ගොල්ලෝ ඔය වලෙන් කවුරුහරි උඩට එන්න හැදුවොත් වලේ ඉන්න කෙනෙක් කකුලෙන් ඇඳලා වලටම දානවා. ඒක නිසා ඒ වලට ආරක්ෂාව නැහැ කියලා.ඒ ගොල්ලෝ හැමදාම ඔය වලේම තමයි කියලා. (ස)

:       0       0

ක්‍රිස් Wednesday, 30 October 2013 03:51 PM

රන්ජනී, මෙහෙ එවන් විසා ගන්න රට ජාතිය හමුදාව ඔක්කොම පවා දෙනවා. ඒත් ඒ කොල්ල විසා ගන්න දෙන්නේ සල්ලි විතරයි . පව් කොල්ල. (ස)

:       0       0

ක්‍රිස් Wednesday, 30 October 2013 03:53 PM

ජනක හරියටම හරි. අම්ම කෙසේ වෙතත් එකට බෝතල් හිස් කරන, රූම් එකේ බුවලගෙන් වසන් කරන්න. (ස)

:       0       0

නලින්ද Wednesday, 30 October 2013 03:54 PM

රන්ජනී ආස නැද්ද මාව කසාද බැඳලා ස්වාසිලන්තයේ පුරවැසි භාවය ලබා ගන්න ? (ස)

:       0       0

ගුරු Wednesday, 30 October 2013 11:33 PM

රන්ජනී, රට ජාතිය හා වීසා අතර ඇති සම්බන්ධය මොකක්ද? (නි)

:       0       0

ලිලක් Thursday, 31 October 2013 05:42 PM

වැඩේ හොදයි. ආසියාවේ මිනිස්සුන්ට ගොඩක් අසාධාරනකම් සිද්ධ වෙනවා (නි)

:       0       0

මෙන්ඩිස් Wednesday, 30 October 2013 11:24 AM

ඔත්තුව දුන්නෙත් ඉතින් අපේ ලංකාවේම එක් කෙනෙක් වෙන්න ඇති. (ස)

:       0       0

රොෂාන් ජයමාන්න ,මිලානෝ Wednesday, 30 October 2013 05:09 PM

සාමාන්‍යයෙන් එංගලන්තයේ අපේ ලාංකිකයෙක් යම්කිසි විදියකට තමන්ට රැඳීසිටීමේ බලපත්‍ර ලබාගැනීමට තැත්කළහොත් ලාංකික සිංහලයන්ම තමා පාවාදෙන්නේ.මේ එංගලන්තයේ ලාංකිකයන්ගේ සිරිතකි. ශ්‍රී ලංකාවෙන් පිටත කුහකම ලාංකිකයන් වාසය කරන්නේ එංගලන්තයේ බව මේ සිද්ධියෙන් වඩා පැහැදිලි වේ. (නි)

:       0       0

ක්‍රිෂාණි Wednesday, 30 October 2013 05:16 PM

මෙන්ඩිස් ඔයා හරි, ඔහු කළ දේ වැරදි වුණත්,ඔත්තුව දුන් කෙනා ඔහුගේ ළගම හිතවතෙක් වෙන්න ඕනෑ. එංගලන්තයේ විසා අවසන් වී නමුත් වෙනත් ප්‍රශ්න නිසා හැංගී රැකියා කරන බොහොමයක් දෙනා මෙහෙ අනන්තවත් ඉන්නවා. (නි)

:       0       0

පිනිබබා Wednesday, 30 October 2013 12:04 PM

අපෝ මෙහෙත් හරියට චීන පොඩි කෙල්ලෝ වයසක සුද්දෝ සමග විවාහ වෙලා කාලයක් ඉඳලා පුරවැසි භාවය ගත්තට පස්සේ අත හැරලා දානවා. (ස)

:       0       0

චමී Wednesday, 30 October 2013 12:10 PM

මෙන්ඩිස් හරි. (ස)

:       0       0

කසුන් Wednesday, 30 October 2013 06:18 PM

කොල්ලා මොළකාරයා.පොඩ්ඩක් ගැස්සිලා වැඩේ.. (නි)

:       0       0

චමත් [ලංකාව] Wednesday, 30 October 2013 06:31 PM

මා අසා ඇති විදියට නම් යුරෝපයේ පුරවැසියෙකු හා විවාහ වූ පමණින්, එම තැනැත්තාට පුරවැසිකම එදා සිට ලැබෙන්නේ නැත. ඔවුන් දෙදෙනා අවුරුදු දෙකක කාලයක් එකට ජීවත් විය යුතුයි. එතෙක් එම තැනැත්තා හට ලැබෙන්නේ තාවකාලික වීසා බලපත්‍රයක් පමණි. එම අවුරුදු දෙක තුල ආගමන විගමන නිලධාරීන් ඒ දෙදෙනා එකට ජීවත් වනවාදැයි සොයා බැලීමට ඔවුන් ජීවත් වන නිවසට කඩා පනිනු ඇත. එම කඩා පනින වෙලාව සමහර විට මහා රෑ විය හැකිය. නැතිනම් පාන්දර ජාමේ විය හැකිය. කඩා පනින අවස්ථා ගණනද දන්නේ එම නිලධාරීන් පමණි. එම කර්තව්‍යයත් හිතනා තරම් ලේසි නැත. කෙසේ හෝ , අපේ මේ ශ්‍රී ලාංකිකයාට සිදු වූ දෙය ගැන නම් ,මම අවංකවම කණගාටු වෙමි. (නි)

:       0       0

සුදත් රෝහණ Wednesday, 30 October 2013 06:42 PM

ප්‍රශ්න පත්‍රය වරද්දාගෙන වගෙයි (නි)

:       0       0

සම්පත්. බොලොඥ ඉතාලි Wednesday, 30 October 2013 06:54 PM

මේ මනුස්සය ගැන ඔත්තුව දීපු කෙනා හරි කැත වැඩක් කරලා තියෙන්නේ.(නදී)

:       0       0

ජනක Wednesday, 30 October 2013 12:54 PM

මේ වගේ වැඩ කරද්දී අම්මටවත් නොකියා කරන්ඩ ඕන. (ස)

:       0       0

අමිල - කටුණායක Wednesday, 30 October 2013 01:33 PM

ඔත්තුව කොහොම උනත් ලංකාවට එරෙහි වැඩක්. (ස)

:       0       0

ක්‍රිස් Wednesday, 30 October 2013 08:13 PM

කසාදය ලියාපදිංචි කළහොත් කවදාවත් ඔහුව යුරෝ‍පයෙන් පිටමන් කළ නොහැක (නි)

:       0       0

රන්ජනී Wednesday, 30 October 2013 02:03 PM

හොර වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා.රට, ජාතිය පාවා දෙනවා මදිවට ආදරෙත් පාවා දෙන අයට ඔහොම වෙලා මදි. (ස)

:       0       0

සුදත් Wednesday, 30 October 2013 08:17 PM

ලංකාවේ මිනිස්සු හැම තැනම නම කනවා. හරියට ඉන්න කෙනෙක්ට වත් ඉන්න නැති වෙනවා මේ බොරුකාර මිනිස්සු නිසා.(නදී)

:       0       0

මධු Wednesday, 30 October 2013 08:32 PM

වෙන යුරෝපීය රටකින් නැවත උත්සාහ කරන්න. වරදින එකක් නැහැ. (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Wednesday, 30 October 2013 08:38 PM

අමිල කටුනායක.ඔබ ලංකාවට එරෙහි වැඩක් කියන්නේ මේක ලංකාවට විරුද්ධ වැඩක් නොවේ. ඔය වගේ බොරු කියන, වැඩ කරන හොරු ඕනෑතරම් මේ රටවල්වල ඉන්නවා. මෙයා කසාදයක් බැදගෙන වීසා හදාගෙන දෙමව්පියන්ට සළකාගෙන ඉන්න උත්සාහයක් ගන්න ඇති. (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 30 October 2013 09:08 PM

ඕක මම නම් හරියටම කරගත්තා. හැබැයි සල්ලි දීලා නෙමෙයි. නිකන්.මේ ජෝඩුව කොහේදී කසාදය ලියාපදිංචි කළත් ඉදිරියට විසා ගන්න ආගමන දෙපාර්තමේන්තුවට යන්න සිදුවෙන බව නොදැනද කසාද බැඳලා තියෙන්නේ? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 30 October 2013 09:08 PM

මල්ලිගේ සල්ලි ඔක්කොම වතුරේ ගියා නේද ? (නි)

:       0       0

කසුන් Wednesday, 30 October 2013 02:59 PM

එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. අපෙ කට්ටිය හොරෙන් බඳින්නෑ.. ♫ (ස)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 09:23 PM

අපේ රට වල මානව හිමිකම් නැහැ කියලා කියනවා.ඒ රටේ තියෙනවද ? (නි)

:       0       0

කමල් Wednesday, 30 October 2013 09:36 PM

මොනවා වුණත් ඔත්තුව දුන්න කෙනා නරක කෙනෙක්. අපේ කෙනෙක් වැඩ කරලා කීයක් හරි හම්බ කරලා එවනවානෙ ලංකාවට... අනෙක් අය හැදෙන දිහා බලලා සතුටුවෙන්න පුරුදු වෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 972 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 609 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 143 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8425 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 244 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site