IMG-LOGO

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද අභ්‍යාසය අවසන්

ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලයේ දැඩි විරෝධය මැද, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ දින 10 ක් තිස්සේ පැවැත්වූ නාවික යුද අභ්‍යාසය ඊයේ (2) නිමාවට පත්විය. යුද අභ්‍යාසයේ අවසන් දිනයේ දී කිලෝ මීටර් 200 ක් ඈතට විදිය හැකි ‘කාඬේර්’ සහ ‘නූර්’ නමැති මිසයිල දෙකක් අත්හදා බැලූ බවත් එම මිසයිල අත්හදා බැලීම් ඉතා සාර්ථක වූ බවත් ඉරාන නාවික හමුදාව පවසයි. ඉරාන නාවික හමුදාව ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම නාවික අභ්‍යාසය ඇරැඹුවේ ඉකුත් 24 වැනිදාය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදු වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. පරමාණු බෝම්බ නිපදවනවා යැයි බොරු චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක් වී තමන්ට එරෙහිව යෙදූ සම්බාධක වහා ඉවත් කර නොගතහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ජාත්‍යන්තර තෙල් ප‍්‍රවාහන කටයුතුවලට බාධා කිරීමට පවා තමන්ට හැකියාව ඇතැයි   නාවික යුද අභ්‍යාසය ඔස්සේ ඉරානය ලොවට අනතුරු ඇඟවීමක් ද කළේය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයට චෝදනා කරන්නේ ඉරානය  න්‍යෂ්ටික වැඩ සටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානයට එරෙහිව තව තවත් සම්බාධක පැනවීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් පියවර ගෙන ඇත්තේ එහෙයින්ය. යුද අභ්‍යාසය පැවැත්වෙද්දී ඇමෙරිකා නාවික හමුදාව, මැද පෙරදිග මුහුදු සීමාවේ කි‍්‍රයාත්මක ඔවුන්ගේ හමුදාවේ පස්වැනි බල ඇණිය සහ යුද නැව් පහක් ද හෝමූස් සමුද්‍ර සන්ධියට නුදුරින් සීරුවෙන් තැබීය. තමන් පවත්වන නාවික යුද අභ්‍යාසයට ඇඟිලි ගැසීමට ඇමෙරිකාවට කිසිදු අයිතියක් නැතැයි ඉරානය එම අවස්ථාවේදී ඇමෙරිකාවට දොස් පැවැරීය.  ඉරාන නාවික හමුදා ප‍්‍රධානීන් යුද අභ්‍යාසය ගැන සාකච්ඡා කරමින්.. මිසයිල අත්හදා බැලීමක්



අදහස් (0)

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද අභ්‍යාසය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 676 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site