ඇඩොල්ප් හිට්ලර් සතුව තිබූ ලෝකඩ අශ්ව ප්‍රතිමා ඇතුළු කලාකෘති කීපයක් ජර්මානු පොලීසිය විසින් ස්මාරක අළෙවි සැලක තිබී සොයා ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ජර්මානු පොලීසිය විසින් පුද්ගලයන් 8 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇත.
බර්ලින් නගරයේ නාසි නායකයාගේ කාර්යාලය පිහිටා තිබු ගොඩනැගිල්ලේ මෙම කලා කෘති තැන්පත් කර තිබිණි. එම ගොඩනැගිල්ල දෙවැනි ලෝක සංග්‍රාමයේ දී විශාල ලෙස අලාභහානි විය. පසුව සෝවියට් හමුදා විසින් එය විනාශ කර දැමිණි.
COMMENTS
අපේ කන්ගැට්ටා ඔය පැත්තේ ගියේ නැහැ නේද? (නි)
තවමත් නිඕ නාසි කියාගන්න කොට්ඨාශයක් ඉන්නවා. ඔවුන් යුරෝපයේ බොහොම රටවල ඉන්නවා. (නි)
එතකොට අපේ හිට්ලර් පවුල හොරකම් කරපු වස්තුව ගොඩ දාන්නේ කවදාද? කවුරුන් විසින් ද? (නදී)
හිට්ලර් ගැන කියනකොට බොහෝ දෙනෙකුට ඇතිවන්නේ පිළිකුලක්. ඒ වුණත් ඔහු තමන්ගේ රටට හා ජර්මන් ජාතියට පණ වගේ ආදරය කළ කෙනෙක්. කලාවට පුදුම විදියට ආදරය කළා. ඔහු නැත්නම් ජර්මනියේ ඒ වකවානුවේ අධිවේගී මාර්ග ඉදිවෙන්නේ නැහැ. ෆොක්ස්වාගන් ජනතා වාහනය නිපදෙන්නේ නැහැ. ඒවායින් සතයක් ගැහුවේ නැහැ. හොඳ වෙලාවට අයියලා මල්ලිලා හිටියේ නැහැ. එකම වරද අහිංසක යුදෙව්වන් මිලියන් ගණනින් මරාදාපු එක. ඔහු නම්බුකාර පරාජිතයෙක් ලෙස නැවත බලයට එන්න නොසිතා දිවි නසා ගත්තා. (නි)
අපේ ලොක්කත් එහෙම තමයි සිංහල ජාතියට ආදරය කළා. අදිවේගී මාර්ග බිහිකළා. නමුත් පරාජය බාර ගත්තේ නැති නිසා දිවි නසා ගත්තේ නැහැ. දිවි නසා ගත්තොත් එය සිංහල ජාතියම දිවි නසා ගැනීමක් දැන් පෙනෙනවානේ රටට මොකද වෙන්නේ කියන එක. ඔයාටත් පෙනෙනවද අනේ ? කට්ටියක් හිතන්නේ එ් ගොල්ලයි මේ රජය හදල මෙයාලව බලයට දැම්මේ එම නිසා එයාල කියන දේ කරන්න ඕනේ කියලා. (නදී)
එතකොට අපේ හිට්ලර් පවුල හොරකම් කරපු වස්තුව ගොඩ දාන්නේ කවදාද? ඔයාගේ මොනවද ඇත්තටම නැති උනේ (නදී)
සත්‍යයා හැම නිවුස් එකකටම දේශපාලනේ ගාවගන්න එපා. (ම)