පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ්ට පෙරේදා (20) ඇප නියම විය.
පාකිස්තාන රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කර දෙකක් මත මුෂාරෆ් මුදා හරින්නැයි රාවුල්පිණ්ඩි නුවර ත‍්‍රස්ත මර්දන අධිකරණය තීන්දු කළ බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.
බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වීමත් සමඟ, මුෂාරෆ් නිවාස අඩස්සියට පත් කෙරුණි. ඔහුගේ නිවාස අඩස්සි කාලය, ලබන 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ද මීට දින කිහිපයකට පෙර රාවුල්පිණ්ඩි නුවර ත‍්‍රස්ත මර්දන අධිකරණය තීන්දු කළේය.
දීර්ඝ කාලයක් රටින් පිටවී සිටි හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීම සඳහාය. එහෙත් මුෂාරෆ් ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණයට ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි.
මහාධිකරණ එසේ තීන්දු කළේ මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු කළ නිසාය.
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් තෙවැනි වර ජයග‍්‍රහණය කළ නවාස් ෂරිෆ්, අවසන් වරට අගමැති ධුරය හොබවද්දී 1999 වසරේ දී ඔහුට එරෙහිව හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ් හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කර බලය අල්ලා ගත්තේය.
එකල දූෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත. තමා යළි බලයට ආවත් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බවත් මුෂාරෆ් සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණය බලා ගනු ඇති බවත් ෂරීෆ් පවසා ඇත.
කෙසේ නමුත් මුෂාරෆ්ට එරෙහිව චෝදනා ගොනු කිරීම, පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ නවාස් ෂරීෆ්ට පැවැරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ෂරීෆ්, පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමටත්, නව රජයක් පිහිටුවීමටත් සූදානමින් සිටී. ෂරීෆ්, පාකිස්තාන අගමැති ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ තෙවැනි වරටය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු ජනපති මුෂාරෆ්ට ඇප