IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුළි කුණාටුවෙන් ජපානයට ඩොලර් මිලියන 500ක හානියක්

හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ කෘෂිකර්මාන්තයට යෙන් බිලියන 57 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 527 කට අධික හානියක් සිදුවී ඇත.

ප්‍රාන්ත 35 කින් මේ වන විට හානි වාර්තා වී ඇති බව ජපානයේ කෘෂිකර්ම, වනාන්තර හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පැවසීය.

කෘෂිකාර්මික පරිශ්‍රවලට සිදුවී ඇති හානිය අමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවා තිබේ.

වනාන්තර සඳහා පිවිසෙන මාර්ග නායයෑමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 95 ක් ජපාන ආර්ථිකයට අහිමී වී ඇත.

නාගානෝ ප්‍රදේශයේ ඇපල් වතු සහ වී වගා ද මේ හේතුවෙන් විනාශ වී තිබේ.

මෙම හානි තවදුරටත් ඉහළ යනු ඇතැයි ජපානයේ බලධාරීහු සඳහන් කරති.

(එන්.එච්.කේ. ඇසුරෙනි)

226



අදහස් (1)

සුළි කුණාටුවෙන් ජපානයට ඩොලර් මිලියන 500ක හානියක්

MAHESH Sunday, 20 October 2019 05:18 PM

ඩොලර් මිලියන 500 ක් නෙමෙයි වෙලා තියෙන සම්පූර්ණ හානියේ වටිනාකම හිතන්නත් බැහැ. ගංවතුරට අහුවුණු වාහන ටිකේම වටිනාකම ඩොලර් මිලියන 500 පනිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site