හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ කෘෂිකර්මාන්තයට යෙන් බිලියන 57 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 527 කට අධික හානියක් සිදුවී ඇත.

ප්‍රාන්ත 35 කින් මේ වන විට හානි වාර්තා වී ඇති බව ජපානයේ කෘෂිකර්ම, වනාන්තර හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පැවසීය.

කෘෂිකාර්මික පරිශ්‍රවලට සිදුවී ඇති හානිය අමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවා තිබේ.

වනාන්තර සඳහා පිවිසෙන මාර්ග නායයෑමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 95 ක් ජපාන ආර්ථිකයට අහිමී වී ඇත.

නාගානෝ ප්‍රදේශයේ ඇපල් වතු සහ වී වගා ද මේ හේතුවෙන් විනාශ වී තිබේ.

මෙම හානි තවදුරටත් ඉහළ යනු ඇතැයි ජපානයේ බලධාරීහු සඳහන් කරති.

(එන්.එච්.කේ. ඇසුරෙනි)

226