දෙවන ලෝක යුද්ධය සමයේ සිට රහසක්ව පවත්වා ගෙන ආ කොකා කෝලා ආයතනයේ රහස් වට්ටෝරුව ඊබේ වෙබ් අඩවියේ විකිණීමට දමා තිබිණි.
චැතනූගා නැමති රසයනාගාරයේ ලිපි ගොනුවක් සමග තිබී මෙම වට්ටෝරුව සොයාගෙන ඇත.
එයට ගැනුම්කරුවෙකු හමුවිය. ගැනුම්කරුවා වයස අවුරුදු 15ක ළමයෙකි. ඔහු දින තුනක් ඇතුළත ඩොලර් මිලියන 15.19 (රුපියල් මිලියන 1944.32) ගෙවා වේගජොර්ජියා වල පරණ බඩු වෙළෙන්දෙකු වන ක්ලිෆ් ක්ලූගෙන් මෙය ලබා ගතයුතුව තිබිණි.
මෙම ලිපිය වෙන්දේසියට දමා තිබුණේ ඩොලර් මිලියන 5ක (රුපියල් මිලියන 640) මිලකට බවත් ළමයා මෙය අරන් තිබුනේ එකවර මුදල් ගෙවා භාණ්ඩය ගැනීමට තිබු අවස්ථාවෙන් වන අතර එහි මිල මිලියන 15ක් වේ.
ඊබේ වෙබ් අඩවියේ ගනුදෙනු නීති වලට අනුව භාණ්ඩයක් ඉල්ලූම් කර දින තුනක් යන තුරු ගැනුම්කරු සදහා භාණ්ඩය ලබා ගැනීම සදහා ඉඩ ප්‍රස්ථාව ඇත.
අද වන විට එම දින තුන ඉක්ම ගොස් හමාරය. ගැනුම්කරුවාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.
COMMENTS
දිල්ශානි මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕන නේද? කළල දැමිල්ල කෙසේ වෙතත් කෙමිකල් සැරට කළල විනාශ වෙන්න නම් පුලුවන්.(ස)
කෙමිකල්ස් විතරයි තියෙන්නේ. දිගටම පාවිච්චි කළොත් ඇට කටුත් දිරාවි. (ස)
කොකා කොලා වලට මිනිස් කළල වල කොටස් දමන බව අන්තර්ජාලයේ තිබුණා. ඒක ඇත්තක්ද කියා දැන් දැනගන්න පුළුවන් වේවි. (ස)
දිල්ෂානි ඉන්දියාවේ කෙනෙක් ද? මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව ගෙදර වැඩක් කරගෙන ඉන්න බබා... (නි)