ඉතාලියේ සිසිලි දුපතේ හටගත් ලැව්ගිනි හේතුවෙන් කැලප්සෝ මුහුදු තීරයේ සිටි සංචාරකයන් 700ක් පමණ බෝට්ටු යොදාගෙන ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ප්‍රදේශයේ නගරාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ධීවර බෝට්ටු කිහිපයක ආධාරයෙන් මොවුන් සැන් විටෝ ප්‍රදේශයේ පාසලකට යොමුකර ඇත.
මුහුදු වෙරළට දිවවිත් ජීවිත බේරාගත් සංචාරකයන් පවසා ඇත්තේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවාස ලැව් ගින්නට හසුවී විනාශ වූ බවයි.
සිසිලි දූපතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක පමණ ඉහළ අගයක් ගැනීම මෙලෙස ලැව්ගිනි හටගැනීමට හේතු වී ඇතැයි කියැවේ.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.