IMG-LOGO

සලබයාගෙනුත් වැඩ ගන්න හදයි

මිනිස් අණට අනුව සලබයෙකු පියාසර කරවිය හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ කටයුතු කරමින් සිටිති.

මෙහි අරමුණ මිනිසාට යෑමට අපහසු ස්ථාන වලට සලබයින් පියාසර ‘‘කරවා‘‘එම ස්ථාන වල තොරතුරු ලබා ගැනීමයි.

මෙම ක්‍රමවේදය සාර්ථක වන්නේ නම් ආපදා අවස්ථාවකදී විපතට පත්ව සිටින්නවුන් සොයාගැනීම වැනි කටයුතු සදහා මෙය භාවිතා කළ හැකිවනු ඇතැයි පර්යේෂකයෝ කියති.

මේ සදහා මුලින්ම සලබයින් අත්තටු සළන රටාවන් ඔවුන් අධ්‍යයන කර ඇත.එහිදී එක් එක් රටාවන්ට අනුව චලනය වන මාංශ පේෂී පිළිබදව වඩාත් අවධානය යොමු කළ බව පර්යේෂක පිරිස පවසති.

මෙසේ චලනය වන මාංශ පේෂීන් සම්බන්ධ තොරතුරු සලබයාගේ තටු වලට සවිකළ ඉලෙක්ට්‍රෝඩ ආධාරයෙන් ලබාගෙන ඇති ඔවුන් දැන් කරන්නට සැරසෙන්නේ පිටතින් ලබාදෙන සංඥාවක් මගින් සලබයින්ගේ තටු සැළීමට බලපාන මාංශ පේෂීන් සක්‍රීය කරවිය හැකිදැයි සොයාබැලීමටය.

පර්යේෂණය සාර්ථක වුවහොත් මිනිස් අණ පරිදි සලබයෙකු පියාසර කරවිය හැකි වනු ඇතැයි ඔවුහු කියති.

ඒ අනුව එම සලබයින්ට කැමරා වැනි ආම්පන සවිකිරීමටද ඔවුහු අපේක්ෂාවෙන් සිටිති.

මෙම පර්යේෂණය කිසිසේත් සතුන්ට හිංසා දැනවීමේ අරමුණක් ඇතිව නොකරන බවටද පර්යේෂක පිරිස සහතික වෙති.

මිනිස් වර්ගයාගේ හිතසුව පිණිසම මෙය කරන බව ඔවුහු කියති.

1408650359970_wps_1_North_Carolina_State_Univ



අදහස් (0)

සලබයාගෙනුත් වැඩ ගන්න හදයි

මලිත් Monday, 25 August 2014 09:29 AM

කොහොමද වැඩේ (දී)

:       0       0

සමාරා Monday, 25 August 2014 09:29 AM

නියමයි (දී)

:       0       0

හෂාන් Monday, 25 August 2014 09:29 AM

වැදගත් වැඩක් (දී)

:       0       0

රන්ජි Monday, 25 August 2014 09:29 AM

තාක්ෂනය (දී)

:       0       0

රමසි Monday, 25 August 2014 09:29 AM

අයියෝ, ඕකට ඔච්චර වියදම් කරගෙන නටන්න ඕන නැහැ. අපේ වයිෆ් ගෙන් ඇහුවනම් ඉවරනේ. උන්දැ සක්කරයාගෙන් උනත් වැඩ අරන් පෙන්නාවි. (දී)

:       0       0

රම්සි Monday, 25 August 2014 09:31 AM

අයියෝ, ඕකට ඔච්චර වියදම් කරගෙන නටන්න ඕනෑ නැහැ. අපේ බිරියගෙන් ඇහුවා නම් ඉවරනේ. උන්දෑ සක්කරයාගෙන් වුණත් වැඩ අරගෙන පෙන්නාවි. (නි)

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:51 PM

සත්‍යයා මිනිස්සු විද්‍යාත්මකව හිතුවේ නැත්නම් මිනිසා තවම ගල් යුගයේ මේවගේ සොයා ගැනීමක් වැඩි දියුණු කරෝතින් රුපවති අහිංසක මිනිස් ජීවිත ලක්ෂ ගණනක් බේරගන්න පුළුවන් ඒවා අහිංසක සතා වගේද ? (අ)

:       0       0

රූපවතී Monday, 25 August 2014 11:44 AM

පව් අහිංසක සතා ..! (නි)

:       0       0

සත්‍යයා Monday, 25 August 2014 02:43 PM

"මිනිස් වර්ගයාගේ හිතසුව පිණිසම මෙය කරන බව...." එහෙනම් අපේ පාලකයෝ හිතන විධියටම තමයි ඒ ගොල්ලොත් හිතල තියෙන්නේ. විද්‍යාත්මකව හිතන්න පුරුදු වුණාම ඔහොම වෙනවා. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 08:48 AM

මෙහෙම අදහසක් එන්න තරම් මිනිස් මොළය කොච්චර දියුණුද නේද? (නි)

:       0       0

ලාල් Monday, 25 August 2014 09:31 AM

සත්ව හිංසනය පිටු දකිනවා (දී)

:       0       0

හසන්ති Monday, 25 August 2014 09:29 AM

සන්තෝසයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site