සිරියා රජයේ හමුදා ඊයේ (6) එරට ඩරායා නගරයට එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 95 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන පවසයි. සිරියා හමුදාව ඩරායා නගරයට ෂෙල් වෙඩි එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද ඊයේ අන්තර් ජාලයේ යූ ටියුබ් හරහා පළ වී තිබුණි. එම වීඩියෝ දසුන් අන්තර් ජාලයට එක් කරනු ලැබ තිබුණේ සිරියාවේ විපක්ෂ කණ්ඩායම් විසිනි. ඩරායා නගරය පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවර ද අයත් වන ඩමැස්කස් ප‍්‍රාන්තයේයි. මානව හිමිකම් සුරැුකීමේ සංවිධාන පෙන්වා දෙන අන්දමට ඩරායා නුවර කැරැුලිකරුවන් සහ රජයේ හමුදා අතර පැවැති දරුණු ගැටුම්වලදී හමුදා සෙබළුන් 24 දෙනකු ද මියගොස් ඇත. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයකු වන කොෆී අනන්ගේ සාම සැලැස්ම අසාර්ථක වීමෙන් පසු සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. මාස 16 කට ආසන්න කාලයක් තිස්සේ පවතින ගැටුම්වලින් 16,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් කියා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාස කරන්නේ සිරියාවේ පවතින අර්බුදය විසඳා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට නම් සිරියා රජයේත් කැරැලිකාර පාර්ශ්වයේත් නියෝජිතයන් එක් කොට සමඟි රජයක් පිහිටුවිය යුතු බවය.
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
375
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියා හමුදා ප‍්‍රහාරයෙන් ඩරායා නුවර 95 ක් මරුට