IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිරියා කැරැලිකරුවන්ට එරෙහිව රජය රසායනික අවි යොදා ගන්නවා

සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා කැරැුලිකරුවන්ට එරෙහි සටන්වලදී රසායනික අවි සුළු පරිමාණයෙන් යොදා ගන්නා බවට ඇමෙරිකා ආරක්ෂක

ලේකම් චක් හේගල් චෝදනා කරයි.
ජනපති අසාද්ගේ රජය රසායනික අවි භාවිත කරන්නේ නම් ඊට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය කාලයේ කැරැලිකරුවන් ඉලක්ක කර ගෙන සිරියා රජය රසායනික ප‍්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව චෝදනා කළ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඇමෙරිකා බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.
මේ අතර ඊශ‍්‍රායල බුද්ධි අංශ ප‍්‍රධානියා චෝදනා කරන්නේ මේ වනවිට 70,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ 2011 වසරේ ඇරඹි සිරියානු සිවිල් යුද්ධයේදී එරට රජය අවස්ථා කිහිපයකදී රසායනික අවි භාවිත කර ඇති බවයි.
කෙසේ වෙතත් සිරියා රජය රසායනික අවි භාවිත කරන බව කිසිදු පාර්ශවයක් විසින් තහවුරු කර ගෙන නැත. යම් ලෙසකින් එය තහවුරු වුවහොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

 



අදහස් (0)

සිරියා කැරැලිකරුවන්ට එරෙහිව රජය රසායනික අවි යොදා ගන්නවා

ඇසළ Saturday, 27 April 2013 07:17 PM

වැඩේට බහින්ඩ පොටක් පාදගන්න ඔය හදන්නේ. ඉරාකෙටත් වැඩේ දුන්නේ ඔහොම කියලා තමයි. (නි)

:       0       0

චූලා Sunday, 28 April 2013 10:06 AM

තමන්ගේ රටේ මිනිසුන් රවටා ඔවුන් පෙළමින් සිටිනා ඒකාධිපතියන් විනාශ කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සම්පත් කල්පගේ Sunday, 28 April 2013 10:46 AM

බොරුකාරයා.(නදී)

:       0       0

වේදප්‍රිය Sunday, 28 April 2013 01:07 PM

ඔහොම කියලා නේද ඉරාකයට හමුදාව බැස්සුවේ. කෝ ඒ හොයන්න ගිය රසායනික අවි හම්බ වුණාද? කාවද මේ ආයෙත් සැරයක් රටට්ටන්න හදන්නේ ? (නි)

:       0       0

උදය Sunday, 28 April 2013 02:17 PM

ලෝක විනාසය ලඟයි වගේ (දී)

:       0       0

ධම්මිත Sunday, 28 April 2013 04:26 PM

අනිවාර්යයෙන්ම සිරියාවට පහර දිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site