පසුගිය සිකුරාදා (19) ලෙබනනයේ බේරූට් නගරයේ දී පුපුරා ගිය බෝම්බය හා සිරියාවේ සම්බන්ධතාවයක් ඇතැයි ලෙබනන අගමැති නජීබ් මිකාඩි චෝදනා කරයි. බෝම්බය පුපුරා යාමෙන් ලෙබනනයේ බුද්ධි අංශ ප්‍රධානී විසාම් අල් හසන් ඇතුළු සාමාන්‍ය වැසියයෝ 8 දෙනෙක් මරුමුවට පත්වූහ. බෝම්බයේ ඉලක්කය මියගිය බුද්ධි අංශ ප්‍රධානියා බවට සැක කෙරේ. ලෙබනනයට අත පෙවීමට සිරියාව තැත් කරන්නේ බොහෝ කාලයකට පෙර සිටය.ඒවායේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශක 3 ක කාලය පුරා ලෙබනනයට සිරියාවේ යුධමය හා දේශපාලනය බලපෑමට යටත්ව ජීවත් වීමට සිදුවිය. ඒ සදහා සිරියාව කි්‍රයාත්මක කර තිබූ සැලැසුම් බොහෝමයක් හෙළි කර ගැනීමට විසාම් අල් හසන් සමත් වී ඇති බව සදහන් වේ.මේ නිසා ලෙබනනයට සිරියාවේ සැබෑ පරමාර්ථ අවබෝධ කරගැනීමට හැකි විය. කෙසේ වුවද සිරියාවට සහය දක්වන පිරිසක්ද ලෙබනනයේ සිටින අතර පුපුරා ගිය බෝම්බය නිසාවෙන් ඔවුන් හා සිරියා විරෝධීන් අතර ගැටුම් හට ගැනීමේ අවධානමක්ද දැන් උද්ගත වී ඇත. (කෝ වි ගු)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිරියාව ලෙබනනයට බෝම්බ ගහයි?
අමරා Monday, 22 October 2012 10:01 AM
ලෙබනනය අවුල් වූ නූල් බෝලයක් හා සමානය (නි)