IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සියෙරා ලියෝන් පිපිරීමෙන් 91 ක් මරුට

සියෙරා ලියෝන්හි අගනුවර වන ෆ්‍රීටවුන් හි සිදු වූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන ප්‍රවාහනය කරන ලොරියක් සහ තවත් ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන එම ගැටීමෙන් පසු විශාල පිපිරීමක් සිදුව ඇතැයි ද වාර්තා වේ.

ඉන්ධන ටැංකිය සහිත ලොරිය සහ අනෙක් ලොරිය ගැටීමෙන් අනතුරුව තෙල් කාන්දුවක් සිදුව තිබෙන අතර අනතුර සිදුව ටික වේලාවකින් විශාල පිපිරීමක් ද සහිතව ගින්නක් ඇති වී තිබේ.

එම ගින්නට අසල සිටි පුද්ගලයන් ගොදුරු වී තිබෙන අතර ගින්න ඒ ආසන්නයේ වූ වාහනවලට ද පැතිර ගොස් තිබේ.

ඉන්ධන ප්‍රවාහන ලොරිය ආසන්නයේ දැඩිව පිළිස්සුණු සිරුරු තිබෙන අයුරු දැක්වෙන විඩියෝ පට කිහිපයක් ද සියෙරා ලියෝන් හි මාධ්‍ය වාර්තා කර තිබිණි.

“මෙම සිදුවීමෙන් සහ සිදු වූ දරුණු ජීවිත හානිවලින් තමන් දැඩි කම්පනයට පත්ව සිටිනවා” යැයි අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ පැවැසීය.

“මෙම අනතුරින් බලපෑමට පත් වූ පවුල්වලට සහාය දීම හැකි සෑම පියවරක්ම ගන්නවා” යැයි ජනාධිපතිවරයා ඉන් ටික වේලාවකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

“අතිශය ඛේදජනක ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණු. 100කට වැඩි පිරිසක් මරණයට ගොස් ඇතැයි වාර්තා වෙනවා” යැයි ෆ්‍රීටවුන් හි නගරාධිපතිනි ඉවෝන් ආකි ස්වෝයර් පැවැසුවා ය.

මෘතශරීරාගාරයට මළසිරුරු 90ක් පමණ ලැබී ඇතැයි ද තවත් 100කට ආසන්න පිරිසක් ෆ්‍රීටවුන් නුවර රෝහල්වලට සහ ඒ ආසන්නයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බව සියෙරා ලියෝන් සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

සියෙරා ලියෝන් වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ජනාකීර්ණ වෙලින්ග්ටන් පිහිටි චොයිත්‍රම් සුපිරි වෙළෙඳසැලක් ආසන්නයේ මංසන්ධියක දී මෙම අනතුර සිදු ව තිබේ.

මඟීන්ගෙන් පිරුණු බස් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන දැවුණු බවත් ඒ ආසන්නයේ තිබූ කඩසාප්පු වෙළෙඳසැල් ද ගින්නට ගොදුරු වූ බවත් එක් වාර්තාවක දැක්විණි.

(බී.බී.සී.)



අදහස් (0)

සියෙරා ලියෝන් පිපිරීමෙන් 91 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 253 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site