IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සයිමන්ට විස්සයි

ලොව මුල්ම ස්මාර්ට් ෆෝනය ලෙස සැළැකෙන ‘‘සයිමන්‘‘ පසුගියදා තම 20 වැනි උපන්දිනය සැමැරීය.

සයිමන් ඇමරිකාවේ අයිබීඑම් සමාගමේ නිශ්පාදනයකි.ජංගම දුරකථනයක් හා සාක්කු පරිගණකයක දෙමුහුමක් ලෙස නිර්මානය කෙරුණු එය වර්තමානයේ නැතුවම බැරි උපාංගයක් බවට පත්ව ඇති ස්මාර්ට් ෆෝනයන් වල පළමු උත්සාහයයි.

ගඩොල් භාගයක් තරමේ වන ‘‘සයිමන්‘‘ ග්‍රෑම් 500 ක් පමණ බරැතිය.

සංවේදී ද්‍රවිකෘත පුළිගු තිරයකින් (එල්.සී.ඩ්) හා එම තිරය මත ඇඳීීමට ලබාදී තිබුණු විශේෂ පෑනකින් එය සමන්විතය.

දුරකථන ඇමතුම් ගැනීම,ෆැක්ස් පත් යැවීම මෙන්ම සංවේදී තිරය මත පෑනෙන් එක එක දේ ඇඳ හෝ ලියා හෝ විද්‍යුත් ලිපියක් ලෙස පරිගණකයක් වෙත යැවීමේ හැකියාවද එයට ඇත.

එයින් කළ හැකිදේ මෙපමණකි.  සයිමන් අයිබීඑම් සමාගම සිතූ පරිදි ජනපි‍්‍රය නොවුනි.එහි විශාලත්වයත්, සංකීර්ණ භාවයත් සාමාන්‍ය ජංගම දුරකථනයක් භාවිතා කිරීමට පුරුදුව සිටි පරිශීලකයෝ එයට ආකර්ෂණය වීම වැළැක්වූ හේතු විය.

ඇතැමුන් සයිමන් මිලදී ගත්තද පසුව හෙළිවූයේ දුරකථන ඇමතුමක යෙදිය හැකිව සිටින්නට හැක්කේ පැයක පමණ කාලයක් පමණක් බවය.එම කාලය ගතවී අවසානය වන විට බැටරිය බින්දුවටම බසී.

මෙවන් කරුණු නිසා සයිමන් අසාර්ථක ව්‍යාපෘතියක් වුනි.ඩොලර් 899 කට මිල කර වෙළඳපොළට නිකුත් කෙරුණද මාස කිහිපයක ඇවෑමෙන් මිල ඩොලර් 599 ක් දක්වා පහත බැස්සේය.මෙනිසා තවත් මාස කිහිපයක් බලා සිට සයිමන් සදහටම වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට අයිබීඑම් සමාගම කටයුතු කළේය.

වෙළඳමය අයුරින් අසාර්ථක වුවත් දැනට ඔබ මම සියලූදෙනා අත අනිවාර්ය උපාංගයක්වී ඇති ස්මාර්ට් ෆෝනයන් සියල්ල පදනම් වී ඇත්තේ සයිමන් ලොවට හදුන්වාදුන් ජංගම දුරකථනයක් හා සාක්කු පරිගණකයක් එකට එක් කිරීමේ අදහස මතය.

20 වැනි උපන්දිනය සමරන සයිමන් හා සංසන්දනය කිරීමේදී වසර 20 ක වැනි කෙටි කාලයක් ඇතුළතදී ජංගම දුරකථන ලොව ලබා ඇති තාක්ෂණික දියුණුව ඇත්තෙන්ම පුදුම සහගතය.

 



අදහස් (0)

සයිමන්ට විස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site