සෝමාලියාවේ මොගඩිෂු අගනුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධන කාර්යාලයකට පෙරේදා (20) ආයුධ සන්නද්ධ පිරිසක් පහර දුන් අතර, එයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 15 දෙනෙක් තුවාල ලැබූහ.
ආයුධ සන්නද්ධ පිරිස, එම කාර්යාලයට බෝම්බවලින් ද දමා ගසා ඇත. ප‍්‍රහාරය සැලවීමත් සමඟ පොලිස් නිලධාරීහු, කඩිනමින් එම ස්ථානයට පැමිණ සටන්කාමීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළහ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටියේ තම කාර්යාලයට එල්ල වූ එම ප‍්‍රහාරය තරයේ හෙලා දකින බවය.
ප‍්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගෙන නොමැති අතර, සෝමාලියානු රජය පවසා ඇත්තේ එය ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ ප‍්‍රහාරයක් කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd