IMG-LOGO

සුබසාධන කප්පාදුවට එරෙහිව ස්පාඤ්ඤ තරුණයෝ වීදි බසිති

යුරෝපා කලාපයේ හටගෙන ඇති ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤ රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ උග‍්‍ර විරැකියාවට සිය විරෝධය පළ කිරීම පිණිස දහස්ගණනක් වූ තරුණ පිරිස් පෙරේදා(21) මැඞ්රිඞ් නුවරට රැස්වූහ. ආර්ථික අර්බුදයේ ගිලී සිටින යුරෝපා කලාපයේ රටවල් අතුරින් වැඩිම විරැකියා අනුපාතය වාර්තා වන රට ලෙස ස්පාඤ්ඤය සැලකෙන අතර එරට සෑම පස්දෙනෙකුගෙන් එක් අයකුම විරැකියාවෙන් පෙළෙන බව ද වාර්තා වේ. ‘රටේ විරැකියාව නැති කිරීමට අප දිගටම විරෝධතා රැගි පවත්වනවා. දැනට ස්පාඤ්ඤයේ විරැකියාවෙන් පෙළෙන ගණන මිලියන හයක් පමණ වෙනවා.’ යැයි විරෝධතාවට එක් වූ තිස්එක් හැවිරිදි රෆායෙල් ලිඩෝ පැවැසීය. ඉකුත් වසරේදී විශිෂ්ට ජයක් හිමි කරගනිමින් බලයට පත් මධ්‍ය දක්ෂිණාංශික රජය මේ වන විට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට අපොහොසත්ව සිටී.  රජය ඉදිරිපත් කළ කම්කරු නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් කම්කරුවන් රැකියාවෙන් ඉවත් කිරීමට හාම්පුතුන්ට ඉඩප‍්‍රස්ථා ලැබී ඇත. මෙය රටේ විරැකියාව ඉහළයාමට බලපෑ තවත් එක් සාධකයක් බවට පත්ව ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පවසති. මේ සමඟම ස්පාඤ්ඤ රජය සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සුබසාධන කප්පාදු කර ඇත. මෙකී තත්ත්වයන් හේතුවෙන් පසුගිය කාලය තිස්සේ රජයට එරෙහි විරෝධතා රැල්ලක් මතුවිය.



අදහස් (0)

සුබසාධන කප්පාදුවට එරෙහිව ස්පාඤ්ඤ තරුණයෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site