ශී‍්‍ර ලංකාවේ මසකට අධි සුඛෝපභෝගී රථවාහන 50 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරෙන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නවතම සංඛ්‍යාලේඛණ පෙන්වා දේ.
ලියාපදිංචි කෙරෙන සුඛෝපභෝගී රථවාහන අතුරින් බහුතරය බී.එම්.ඩබ්ලිව් හා ජගුවර් යන වර්ග වලට අයත් ඒවා බව සදහන්ය.
බදු සහන හා වෙනත් අවසරයන් යටතේ ගෙන්වූ සුඛෝපභෝගී රථවාහන ලියාපදිංචි කිරීමේ කටයුතු වලින් ගතවූ මාස 6 ක කාලයේදී මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමෙන්තුව රුපියල් බිලියන 2.44 ක මුදලක් උපයාගෙන තිබේ.
රථවාහන ආනයනය කිරීමේදී අධික බදු මුදලකට යටත් වීමට සිදුවුවද ශී‍්‍ර ලංකාවේ සුඛෝපභෝගී රථවාහන වෙළදපොල ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව දැකගත හැකිය.
COMMENTS
ඇත්තෝ කති බොති. නැත්තෝ බිඩි බොති පාන් කති.(නදී)
අපේ ආකල්ප වෙනස් කරන්න ඕන මුල ඉදලම.. හොරාකන සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න ඕනනේ (ස)
අයියෝ! ඒකටත් එක්ක අපි? (නි)
ඇත්තට මහජනයාගේ දේපල කාබාසිනියා කරන දේශපාලකයන්ට හැම වරප්‍රසාදයක්ම තියනවා. ඇයි රටට විදේශ විනිමය උපයන් එන අසරණ මිනිසුන්ට තමන්ගේ පාවිච්චියට බදු රහිත එක වාහනයක් ගෙනෙන්න අවසරය දුන්නොත් නරකද ? ඇයි දුප්පත් අපිට සැප විදින්න තහනම්ද?(නදී)