IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුන්දර ලක් තරුණයා පැරිසියේ දී තෝරයි

පැරිසියේ සිටින ශ්‍රී ලාංකීය සුන්දර තරුණයා තේරීමේ තරඟයක් මැයි 17 දා පැවැත්වීම ප්‍රංශ ලංකා සුබසාධන සංවිධානය කටයුතු කරයි. එහිදී තුෂාර සුරවීර, ප්‍රංශ ජාතික පිලිෆ් පුසාඩ්, බර්ට්‍රන්ඩ් ලෙම්, ජෝර්ජ් රිවානෝ, එයිනෙස් චිකා, ජෝන් මාර්ක් යන අයෝමය පුරුෂයන් විසින් ඉදිරිපත් කරන විශේෂ සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයන් වඩාත් දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් මේ තරඟය පැවැත්වෙන බවත් ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දැනටමත් අයදුම් පත් භාර දී ඇති බවත් සංවිධායකයෝ කියති.

සංවිධායක කමිටුවේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා පවසන්නේ මෙතෙක් කාන්තාවන් වෙනුවෙන් වැඩසහන් රැසක් ක්‍රියාත්මක කළ ද තරුණයන් වෙනුවෙන් මෙවැනි තරඟයක් සංවිධානය කළ පළමු අවස්ථාව බවයි.  

තරඟ කරුවන් පුහුණු කරවීම ජයමිණි කලායතනෙය් සුජීවා විජේසිංහ මහත්මිය විසින් සිදුකරයි. එදින උත්සවයේ දී ලහිරු පෙරේරා ද ගායනයට එක්වීමට නියමිතය.

මෙම උත්සවයෙන් ලැබෙන අරමුදල් ශ්‍රී ලංකාවේ පිළිකා රෝහල්වෙත අත්‍යවශ්‍ය උපකරණ ලබාදීමටත් වකුගඩු රෝගීන් වෙනුවෙන් අවශ්‍ය රෝහල් වෙත භාණ්ඩ ලබා දීමටත් යොදවන බව සංවිධායකවරු කියති.

Mr sri lanka

 



අදහස් (0)

සුන්දර ලක් තරුණයා පැරිසියේ දී තෝරයි

රොහාන් දයාදර. පැරිස් Thursday, 14 May 2015 08:30 AM

පැරිසියේ සිටින ශ්‍රී ලාංකීය සුන්දර තරුණයා තේරීමේ තරඟයක් මැයි 17 දා පැවැත්වීම ප්‍රංශ ලංකා සුබසාධන සංවිධානය. මෝරපු හිරු බැස ගිහින් මූදුවෙලා නැගෙන සුපුන් සදෙන් පොලව නැහැවෙන සඳ කිරනෙන් සිපගත් සුන්දර රාත්‍රියේ කැකුළු මල්වල මෞලි මංගල්ලය ද ? හිරිමල් යෞවනයේ පොපියන චමත්කාරය නෑඹුලෙන් දොරට වඩින කුලුදුල් නිමැයුමක්ද මේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site