සෞදි අරාබියේ දමාම් මධ්‍යස්ථානයේ ජුනි 5 වැනිදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දමාම් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි “මුන්තජා අල් බහ්රි” ජල ක්‍රීඩා සහ උත්සව මණ්ඩපයේදී ශ්‍රි ලංකා සුහද හමුවක් පවත්වන බව සංවිධායක මණ්ඩලය පවසයි.
නොමිලේ පැවැත්වෙන මෙම හමුවේ සදහා විශේෂ වෛද්‍ය සායනයක් , විවිධ තරඟ ඉසව් ජල ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන් කිහිපයකින්ම සමන්විත වන අතර සහභාගිවන අයට වටිනා ත්‍යාගද ඇතුළත් බවත් ආහාර පාන ප්‍රවාහන පහසුකම් ද නොමිලේ සපයන බවත් ශ්‍රී ලාංකිකයින් හට පමණක් සහභාගි විය හැකි සැම වසරක් පාසාම පවත්වන මෙම සංස්කෘතිකමය වැඩසටහනට සහබාගි වන ලෙස සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනා කරන බව සංවිධායකයෝ කියති.
වැඩිදුර තොරතුරු පහත දුරකථන අංක වලින් දැන ගත හැක
0508832671 / 0558261260 ...
COMMENTS
මේකත් අර කලින් තිබ්බ වගේ එකක්ද. සිංහල ජන ක්‍රීඩා, ප්‍රජා සුහඳ හමු තියල කරන්නේ ඔවුන්ගේ මුස්ලිම් දහම් ප්‍රවර්ධනය කරන වැඩසටහනක්. (ම)
මමත් 2013 වසරේදී ඔය කියන ස්ථානයේ පැවැත්වූ ඔය වැනිම සංස්කෘතික වැඩසටහනකට සහභාගි වුනා. එහි සංවිධායකයින්ගේ අරමුණ අන්‍ය ආගමිකයන් මුස්ලිම් ආගමට නැඹුරු කර ගැනීමක්. එහිදී ඔවුන් පැමිණෙන සියලුම අයගේ දුරකථන අංක සහ ලිපිනයන් ලබාගන්නවා. පසුව ඔවුන් අමතා ආගමික වැඩසටහන් වලට සහභාගි වෙන්න බලපෑම් කරනවා.(බ)
හොඳ වැඩක්. (බ)