IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞදි ලාංකිකයන්ට නව හැඳුනුම්පතක්

සෞදි අරාබියේ වෙසෙන විදේශිකයින් හට යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි නව හැදුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞදි රජය පුවත්පත් වලට නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වංචා දුෂණ වැළැක්වීම සහ අභ්‍යන්තර ක්‍රමවේදයන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම මෙහි මුලික අරමුණ බව සෞදි බලධාරීන් පවසන අතර මෙම හැදුනුම්පත  ඔක්තෝම්බර් 14 දින සිට නිකුත් කිරීමට නියමිත බවද පවසයි.

සෞදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඔටුන්න හිමි මොහොමඩ් බින් නයිෆ් කුමරු විසින් පසුගියදා රියාද් නුවරදී  දියත් කරන ලද මෙම “මුකීම්” (නේවාසික) ලෙසින් හදුන්වාදෙන නව හැදුනුම්පත් ක්‍රමය පෙර පැවති  ඉකාමා හැදුනුම්පත් ක්‍රමයට සාපේක්ෂව ප්‍රතිස්ථාපනය කිරීමක් වන අතර මින් ඉදිරියට ඉකාමා ක්‍රමය භාවිතයෙන් ඉවත් කරන බවද සඳහන් වේ.

මෙම නව හැදුනුම්පත වසර පහක් හෝ ඊට වැඩි කාලයක් වලංගු වන අතර එහි අවලංගු වන දිනයක් සඳහන් කර නොමැති නමුත් සුරක්ෂිත භාවය රැකෙනුයේ නේවාසිකයා විසින් එය පරිහරණය කරන  පිළිවෙළ අනුව බවද සෑම විදේශිකයකු සතුව ඉකාමා වෙනුවට මෙම නව හැදුනුම්පත තම සන්තකයේ තිබිය යුතු බවද සෞදි තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ කර්නල් කාලිඩ් අල් සේකාන් මහතා සදහන් කරයි.

කෙසේ වුවද මෙම මුකිම් හැදුනුම් පත්ක්‍රමය හඳුන්වා දුන් නමුත් නේවාසිකයන් සදහා පෙර පැවති නීතිරීති වල කිසිදු වෙනසක් සිදු නොවන අතර හුදෙක් මෙම නව හැදුනුම්පත් ක්‍රමය දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තාක්ෂණ ක්‍රමවේදයන්ගේ  කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පමණක් බවත් ඔහු අවධාරණය කරයි.

මේ මගින් විදේශිකයින්ගේ නේවාසික කාල සීමාවෙහි කිසිදු වෙනසක් නොවන නමුත් අබ්ෂර් ක්‍රමවේදය හරහා රැදී සිටින කාල සීමාව අනිවාර්යයෙන්ම වාර්තා කළයුතු අතර එසේ වාර්තා කිරීමෙන් මෙම නව හැදුනුම්පත ස්වයංක්‍රියව ලියාපදිංචි වේ.

මාර්ග බාධක,බැංකු,සහ වෙනත් ස්ථානවල ඇති විශේෂ යන්ත්‍ර මගින් මෙය කියවීමට හැකි බවද පුද්ගලයාගේ ඡායාරූපය, නම සහ අනිකුත් තොරතුරු සියල්ල මෙහි සඳහන් වන අතර විදේශිකයා මෙහි රැදී සිටින කාලසීමාව සෘජුවම පරිගණක හරහා යාවත්කාලින කෙරේ.

මේ අතර සෞදි ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන් පවසනුයේ මෙම නව මුකිම් හැදුනුම්පත අයදුම් කිරීමට සහ යාවත්කාලින කිරීමට ආයතන සහ පුත්ගලයන් හට දෙපාර්තමේන්තුවට පැමිණීම අගෝස්තු 16 වැනි දිනෙන් පසුව අවශ්‍ය නොවන්නේ මෙම සියලු සේවාවන් සෘජුවම පරිගණක හරහා සිදුකර ගතහැකි බැවයි.

තවද නව හැදුනුම්පත් සියලුම විදේශිකයින් අතට පත් කරනුයේ සෞදි තැපැල් මගින් පමණක් බව සදහන් කෙරේ.



අදහස් (0)

සෞදි ලාංකිකයන්ට නව හැඳුනුම්පතක්

ප්‍රදීප් Wednesday, 24 June 2015 12:55 PM

අසාධාරණයක් කිසිවෙකුට නොවෙන විදියට කරනවා නම් වැඩේ නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site