IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සෞදි තරුණිය ගෙදර යාම ප්‍රතික්ෂේප කරයි

සෞදි අරාබියේ තරුණ කාන්තාවක් තම රටට පිටුවහල් කිරිම ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හෝටල් කාමරයකට වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය රාවුෆ් මොහොමඩ් අල් කුනුන් නැමැති 18 හැවිරිදි තරුණියකි. තම පවුලෙන් පලා යාමට තැත්කරන බව ඇය පවසන්නීය.
ඇයගේ පවුලේ උදවිය සිටින කුවේටයට යැවීමට තායි ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය වී තිබේ.

ඇයගේ පවුලේ සාමාජිකයෝ කුවේට්හි වාසය කරති. බැංකොක් ගුවන්තොටුපලෙන් කුවේට් බලා අද (7)  පිටත් විමට තිබු ගුවන් යානයට යෑමට ද ඇය ප්‍රතික්ෂේප කළාය.  

‘මගේ සහෝදරයා , පවුලේ උදවිය සහ සෞදි තානාපති කාර්යාලය මා එනකම් කුවේටයේ බලා සිටිනවා’ යැයි ඇය රොයිටර් පුවත් සේවයට කීවාය.

‘ඔවුන් මාව මරයි. මගේ ජිවිතය අනතුරේ. මගේ පවුලේ අය ඉතාමත් සුළු කාරණයක දී පවා මට මරණ තර්ජන කරනවා’ වැනි දෑ ඇය පැවසුවාය.

ඇයගේ සුබසාධනය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානය දැඩි කනස්සල්ල පල කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී සරණාගතභාවය ප්‍රකාශ කිරිමට අවසර දෙන තුරු කාමරයෙන් පිටත නොපැමිණෙන බව ඇය පවසා තිබේ.
 

(28535)



අදහස් (2)

සෞදි තරුණිය ගෙදර යාම ප්‍රතික්ෂේප කරයි

aththanayaka Monday, 07 January 2019 10:54 AM

අනේ ඔය කෙලීව අපේ ගෙදරට ගෙනත් ඇරලපල්ලා.

:       1       0

sampath Monday, 07 January 2019 12:35 PM

අනේ ඔය ළමයව යවන්න එපා... අර මාධ්‍යවේදියාට කරපු දේ දැක්කා නේද?

:       0       1002

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site