සෞදි අරාබියේ රාමසාන් මාසයේ විවිධ ප්‍රදේශ හා නගරවල සිගමනේ යෙදෙන යාචකයින් 800 කට වඩා අත්අඩංගුවට ගත් බව ජෙඩා හි කම්කරු අමාත්‍යංශයට අනුබද්ධිත ප්‍රතියාචක දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල් සාද් අල් සහරානි මහතා ඇරැබි නිවුස් වෙබ් අඩවියට පවසා ඇත.
යාචකයින් අතර වයස අවුරුදු 10-15 අතර ළමයින් 300 ක් පමණ වන බවත් 400 ක් කාන්තාවන් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
මොවුන්ගෙන් සියයට අනු පහක් පමණ වු ප්‍රතිශතයක් විදේශිකයින් බවත් ඉන් බහුතරය අප්‍රිකාරටවල හා ආසියානු රටවලින් උම්රා සහ වෙනත් ක්‍රම වලින් සෞදියට පැමිණ නීතී විරෝදධිව රැදි සිටින බවද පැවසේ.
ජනාකීරණ ප්‍රදේශවල කණ්ඩායම් ලෙස පැමිණෙන මේ යාචකයින් විදුලි සංඥා පුවරු අසල හෝ විවිධ ව වෙළෙද සංකීර්ණ අසල රැදී සිටිමින් සිගමන් යෙදෙන බවත් මොවුන්ගේ එක් අයකුගේ ආදායම සෞදි රියාල් අටසීයක් (රුපියල් 25000) පමණ වන බව ප්‍රතියාචක දෙපාර්තමේන්තුව කියයි.
මෙම යාචකයින්ගේ සංක්‍රමණය රාමසාන් මාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින බවත් සදහන් කරයි.
කෙසේ වුවද ජෙඩා කළාපය ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇරැබි නිව්ස් වෙබ් අඩවියට ප්‍රකාශ කර සිටියේ මහා මාර්ග ,වෙළෙද සංකීර්ණ හා විදුලි සංඥා පුවරු අසල සිගමනේ යෙදෙන මෙම යාචකයින් අවම කිරීම පිණිස වැඩ පිළිවෙලක් දියත් කැර ඇති බවත් අත්අඩංගුවට ගන්නා මෙම පිරිස් සෞදි අරාබියෙන් පිටුවහල් කිරීම පිණිස රජයේ ආයතන සමග සම්බන්ධකරණය කරමින් සිටින බවයි .
ඒ අතර ජෙඩා කළාපයේ උසස් පොලිස් නිලධාරියකු පවසා සිටියේ පසුගිය මාස කිහිපයක් ඇතුළත ළමුන් 759 ක් කාන්තාවන් 829 ක් හා පුරුෂයන් 161 ක් වශයෙන් සිගමනේ යෙදුන යාචකයින් අත්අඩංගුවට ගත් බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සෞදියෙත් යාචකයෝ
බණ්ඩාර Thursday, 25 July 2013 07:09 PM
කුවේට් වලත් ඉන්නවා බොහොම දෙනෙක්. හැබැයි අපේ අය නොවේ බංගලියෝ (නි)
මොහෙමඩ් Wednesday, 24 July 2013 11:59 PM
මෙම යාචකයන් අතර ලාංකිකයන්ද සිටිනවා විය හැකිය. (නි)