ග්‍රීස්ම සෘතුවේ දී සත්ත්වෝද්‍යාන සේවකයින් මුහුණ දෙන බරපතල ගැටළුවකට දැන් අයිස් ලොලී පිහිට කරගෙන ඇත. සතුන් අධික රස්නයෙන් ගලවා ගැනීමට අයිස් ලොලී උපකාරීවන බව මේ සේවකයෝ කියති. බ්‍රිතාන්‍යෙය් වර්වික්ෂයර් හි ට්වයික්‍රෝස් සත්ත්වෝද්‍යානයේ සේවකයන් පවසන්නේ අයිස් ලොලි වලට වැඩිම කැමැත්තක් දක්වන්නේ අලින් බවයි.
ඒ ඒ සතුන් ප්‍රියකරන හා ඔවුන්ට අවශ්‍ය ආහාරවර්ග අයිස් සමග මුසු කැර ලබාදීම මේ අයිස් ලොලි ක්‍රමයයි.
උද්‍යාන සේවකයින් පවසන්නේ අධික රශ්මිය හේතුවෙන් සතුන් විජලනය වීම වළක්වාගැනීමට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුව ඇති බවයි. උෂ්ණ කලාපික රටවලින් පැමිණෙන සතුන්ට පවා මේ තත්ත්වයෙන් ගැලවීමට නොහැකි වී ඇතැයි ඔවුහු කියති. විශේෂයෙන් අලින් ඇතුළු සතුන්ට අයිස් ලොලි ලබා දීමෙන් විජලන තත්ත්වය වළක්වාගැනීමට හැකිවී ඇති බැවින් දැන් ට්වයික්‍රෝස් සත්ත්වෝද්‍යානයේ අයිස් ලොලි වඩාත් ජනප්‍රිය වී ඇත.




COMMENTS
අපි පාසල් යන කාලයේ කඩවල තිබුනේ ලොලි පොප් මිසක් අයිස් ලොලි නම් නොවේ. තවමත් අයිස් ලොලියක් කන්න අපිට නොලැබුන එකේ ග්‍රීශ්මයේ බ්‍රිතාන්‍යයේ සතුන් ඒ අතින් වාසනා වන්තයි ! (අ)
ඉංග්‍රීසි කාරයා මොන නම දැම්මත් මේ ඉතින් ලොලි පොප් ම තමයි ගාමණී (අ)
අපි ඉස්කෝලේ යද්දී, පොප්සිකල් තිබුනා. පස්සේ අයිස් පැකට් ආවා.ලංකාවේ මිනිසුන්ටත් අයිස් කැටයක් ලෙවකාල ජීවත්වීමේ ක්‍රමයක් හදුන්වල දුන්නනම්, අල, පරිප්පු, චිකන්, බිත්තර මස් මාළු, ගණන් වුනාට බනින්නේ නැහැ. (නදී)
ගාමිණි, අයිස් ලෝලියක් කකා කූඩුවක ඉන්න තිරිසන් සතෙක් මනුෂ්‍යයෙකු තියා නිදහසේ කැලේ ඉන්න සතෙකු තරම් වත් වාසනාවන්ත වෙන්නේ කොහොමද? (නදී)
ගාමිණී - සිරි ඔයා කන බොන දේවල් ගෙදර ෆ්‍රීසර් එකක් තියෙනවා නම් එ්කේ දාලා තියල කන්න. එතකොට ඔයාට දුකක් හිතෙන එකක් නෑ. (නදී)