IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිගරට් කොටෙනුත් වැඩක් ගනී

ඉවතලන සිගරට් කොට යොදාගෙන ආරෝපණ ගබඩා කර තබා ගත හැකි ක්‍රමයක් සොයාගත හැකිවුණු බව දකුණු කොරියා පර්යේෂක පිරිසක් පවසති.

ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රයේ දැනට භාවිතයේ ඇති සුපිරි - ධාරිත්‍රක නම් ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබා ගන්නා උපාංගයේ කාර්යක්ෂමතාව මෙන්ම එහිි ගබඩා කර තබාගන්නා ආරෝපණ ප්‍රමාණය මෙම ක්‍රමයෙන් වැඩිදියුණු කරගත හැකියැයිද ඔවුහු කියති.

මෙම ධාරිත්‍රක වල ආරෝපණ ගබඩා කර ගැනීමට දැනට යොදාගැනෙන්නේ කාබන් ස්ථරයකි.

පර්යේෂක පිරිස පවසන ආකාරයට සිගරට් කොට විශේෂ දහනයකට ලක්කර කාබන් වලටත් වඩා ආරෝපණ ගබඩා කර ගත හැකි සුවිශේෂ සංයෝගයක් බවට පත්කර ගැනීමට පිළිවන.

සුපිරි ධාරිත්‍රකයක කාර්යක්ෂමතාවයේ හා ආරෝපණ ගබඩා කර තබාගැනීමේ රහස ඇත්තේ එහි පෘෂ්ඨ වර්ගඵලයේ ප්‍රමාණය මතය.

මෙම නව සංයෝගය එකී පෘෂ්ඨ වර්ගඵලය දෙගුණ තෙගුණ කරවීමේ සමත් බව සඳහන්ය.

වසරකදී ලොව පුරා සිගරට් කොට ටොන් ලක්ෂ 8 ක පමණ ප්‍රමාණයක් මාර්ග වලට විසිකර දැමෙන බව සොයාගෙන ඇත.



අදහස් (0)

සිගරට් කොටෙනුත් වැඩක් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site