IMG-LOGO

සිංගප්පුරු අගමැතිගෙන් සොහොයුරන්ට තර්ජනයක්

සිංගප්පූරුවේදීය (රොයිටර්)
 
සිංගප්පූරුවේ අගමැති ලී හ්සියැන් ලූන්ග්ගෙන් තමන්ට තර්ජනයක් එල්ලවී ඇතැයි ඔහුගේ බාල සොහොයුරා සහ සොහොයුරිය ප්‍රකාශ කර තිබේ. 
 
“අගමැතිවරයා සම්බන්ධයෙන් අපේ විශ්වාසය නැතිවී ගිහින්. අපට එරෙහිව බලය ක්‍රියාත්මක කරයි කියා බියක් තිබෙනවා. තර්ජනයක් තිබෙනවා” යැයි ලී වී ලින්ග් සහ ලී හ්සියැන් යෑන්ග් ඒකාබද්ධ පුවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සිංගප්පූරු වේලාවෙන් අද (15) අලුයම 2ට නිකුත් කළ එම නිවේදනයත් සමඟ පිටු හයක ප්‍රකාශයක් ද ඔවුන් දෙදෙනා නිකුත් කර ඇත. 
 
මෙම විරසකය නිසා ලී හ්සියැන් ඔහුගේ බිරිඳත් සමඟ රටින් පිවී යෑමට තීරණය කර ඇත. 
“මට රටින් පිටවී තිබෙන එකම හේතුව මගේ සොහොයුරායි. අපි අපේම රටේ දැඩි නිරීක්ෂණයකට ලක්වෙලා. මෙය අපට මහත් අපහසු තත්ත්වයකැයි ලී හ්සියැන්  එම ප්‍රකාශයේ සඳහන් කර ඇත.
 
තම සොහොයුරියගේ සහ සොහොයුරාගේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන සිංගප්පූරු අගමැති ලී හ්සියැන් පවුලකට පමණක් සීමා වූ පෞද්ගලික කරුණු ප්‍රසිද්ධියට පත් කිරීම පිළිබඳව කණගාටුවට පත් වන බව ද ප්‍රකාශ කර ඇත. ‍
 
“මා දැඩි ලෙස කනගාටුවට පත්වෙනවා. මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. මේ චෝදනා සියල්ල අසත්‍යයි” මේ වන විට  විදේශ සංචාරයක යෙදී සිටින සිංගප්පූරු අගමැතිවරයා නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.
 
“සොහොයුරු සොහොයුරියන් ලෙස අප අතරේ වෙනස්කම් තිබෙනවා. එහෙත් ඒ දේවල් පවුලට පමණක් සීමා විය යුතු යැයි ඔහු සඳහන් කර ඇත. 
 
අගමැති ලී හ්සියැන් ලූන්ග්, ලී වී ලින්ග් සහ ලී හ්සියැන් යෑන්ග් යනු සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එරට ප්‍රථම අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූගේ දරුවන් තිදෙනාය.
දරුවන් අතර විරසකයක් හටගෙන ඇත්තේ සිය පියා ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ජිවත් වූ නිවස පිළිබඳ ප්‍රශ්නයක් හේතුකරගෙනය.
 
2015දී මියගිය ලී ක්වාන් යූ ජිවත්ව සිටියදී ප්‍රකාශ කර ඇත්තේ තමාගේ මරණයෙන් පසුව මෙම නිවෙස කඩා දැමිය යුතු බවය. කෙසේ වෙතත් අගමැති ලී හ්සියැන් ලූන්ග් සිය පියාගේ අන්තිම කැමැත්ත අනුව කටයුතු නොකරන බවටත්, දේශපාලන වැසිය පිණිස මහ ගෙදර එලෙසින්ම තබා ගැනීමට ඔහු උත්සාහ දරන බවත් ඔහුගේ සොහොයුරා සහ සොහොයුරිය චෝදනා කරති.

 



අදහස් (1)

සිංගප්පුරු අගමැතිගෙන් සොහොයුරන්ට තර්ජනයක්

upali Friday, 16 June 2017 04:53 AM

මේක පෞදගලික ප්‍රශ්නයක්. ඇයි දේශපාලනීය කරන්නනේ .

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 156 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site