IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සංගක්කාරට තවත් සම්මානයක්

ලන්ඩන් නුවර කියා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පසුගිය 23 වැනි දා පැවැත්වුණ  ආසියා ක්‍රිකට් සම්මාන  උත්සවයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වෙත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදුකළ සේවය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමනු ලැබිය.

බ්‍රිතාන්‍යයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම  සුවිශේෂි සම්මාන උළෙල තුළින් බ්‍රිතාන්‍යයේ සිටින ආසියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් අගය කිරීමත් ආසියාවේ සුවිශේෂි ක්‍රීඩකයින්ගේ සේවය අගය කිරීමත් සිදු කරයි. මෙය බ්‍රිතාන්‍යයේ වැදගත් වාර්ෂික සම්මාන උළෙලකි.

සම්මානය ලබාගනිමින් අදහස් පළ කළ සංගක්කාර " තමන් අතින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා කිසියම් සේවයක් සිදුවුවා නම් එම සේවය අගය කිරීම පිළිබඳව කෘතඥ වන බව කිවේය. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර එංගලන්තයේ මෙන්ම ආසියාවේ රටවලත් අපගේ දරු පරපුර ඒ සඳහා නිසි අයුරින් යොමු කිරීමත්, අවශ්‍ය ගුරු හරුකම් ලබාදෙමින් උනන්දු කිරීමත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමට කරගෙන යාම සඳහා අතහිත දීමත් සඳහා අපට ඇති වගකීම වටහාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද සංගක්කාර පැවසුවේය.



අදහස් (0)

සංගක්කාරට තවත් සම්මානයක්

ජෝති Friday, 30 September 2016 10:09 AM

දෛනික ජීවිතයෙ බාධක අඩුවේවා... ජීවන වෘත්ති නිසි අයුරින් සැලසේවා... ආදර්ශමත් ජීවිත දෙව් රැකදේවා... ඔබ අපඅතර යසඉසුරින් වැඡඹේවා! (ර)

:       0       0

රූපසිංහ Saturday, 01 October 2016 10:36 PM

ශ්‍රී ලංකාවේ වසන්තයේ ආරම්භකත්වයට අතපොත් තැබූ නිසාත්, තැනට සුදුසු අයුරින් කතාකිරීමට ඇති හැකියාව නිසාත්, නොබියව කතා කිරීමට හැකිවූ නිසාත් සහ කිසිවිටෙක කිසිතැන කලබල නොවී තීරණ ගැනීමට හැකිවීමත් ඔහු තුළ තිබූ හැකියාවයි. (නි)

:       0       0

වසන්ත Sunday, 02 October 2016 12:49 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සෙනරත් Friday, 30 September 2016 11:02 AM

ඔබ නියම දක්ෂයෙක් තමා. ඔබගේ වාර්තා දෙවෙනි වන්නේ සර් බ්‍රඩ්මන් ට පමණි. (ර)

:       0       0

අබය Sunday, 02 October 2016 02:04 AM

රූපසිංහගේ කතාව ඇත්ත (නි)

:       0       0

නලින් Thursday, 29 September 2016 11:56 PM

තිරිමාන්නටත් මේ වගේ සම්මානයක් හිමිවිය යුතු බව අපේ අදහසයි

:       0       0

චාමර Friday, 30 September 2016 01:13 AM

ක්‍රිකට් ගොඩනැගීමට අතිවිශාල පිරිසක ලංකාවේ ඉන්නවා. සංගක්කාර මගේ වීරයෙක්. ඔබතුමා නියම දක්ෂයෙක් නම් ක්‍රිකට් වලින් ලබපු පන්නරය, ලංකාවේ දියුණු විය යුතු ක්‍රීඩා සඳහා යොදවන මෙන් ඉල්ලා සිටිමි. (ම)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 01 October 2016 04:56 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

පියසේන Sunday, 02 October 2016 09:19 PM

ඔවු අභය, රූපසිංහ කිවුවා වගේ ඔහුගේ එවැනි පැත්තක් තිබුනා. අර කොහේදෝ තිබුනු වසන්තය නිසා ඒ රටවල් වල වෙනස්වීම් වුණානේ. එ්කත් ඒ වගේමයි කියලයි මම හිතන්නේ.

:       0       0

මොහොමඩ් මහරුෆ් Thursday, 29 September 2016 10:03 AM

ඔබ අපිට ආඩම්බරයි. (ර)

:       0       0

ටිරෝන් Thursday, 29 September 2016 10:45 AM

සුබ පැතුම් ! සංගා. (බ)

:       0       0

වින්ධ්‍යා Friday, 30 September 2016 08:34 AM

මෙයාගේ ලංකාවේ වෙළඳ දැන්වීම් මඟින් කරන නරක/බොරු ප්‍රචාර, කැකුළු අමාත්‍යංශය, රාත්‍රී අසභ්‍ය සංගීත සංදර්ශන ආදිය මම නම් අනුමත කරන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 243 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site