ළමා කාලයේ දී වෘකයකුගේ ප්‍රහාරයකින් දත් සහ මුඛය විරූපී වූ 65 හැවිරිදි පුද්ගලයකුගේ මුහුණේ පෙනුම සැකසීමේ ශල්‍යකර්මයක් සාර්ථක වූ බව චීනයේ වෛද්‍යවරු කියති. ඒ වසර 56ට පසු වීම විශේෂත්වයකි.
වයඹ දිග චීනයේ කඳුකර ගයිසු පළාතේ ඩේටෑන් ගමේ ජීවත් වූ 65 හැවිරිදි ෂියුං අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 11 දී ය. වෘකයා ඔහුගේ මුහුණ උලාකෑමෙන් විරූපී ස්වභාවයක් ලැබී ඇති අතර එදා පටන් දියරමය ආහාරවලින් පමණක් ජීවත් වීමට ඔහුට සිදුව තිබිණි.
මුහුණේ විරූපී බව හේතුවෙන් ඉන් පසු පාසල් යාම නතරකැර දැමූ ඔහුට විවාහ වීමට ද හැකිවූයේ නැත. රැකියාවක් ද නොලැබුණු ෂියුං හුදකලා ජීවිතයක් ගත කළේය.
මේ විකෘති ස්වභාවය යළි නිසි පරිදි සකස් කිරීමේ ශල්‍ය කර්මය කළ වෛද්‍යවරු පවසන්නේ ඔහුගේ මුඛය සැබැවින්ම නොමැති බවයි. එමෙන් ම හකු පවා විකෘත්ති වී ඇතැයි ඔවුහු කියති. මෙතෙක් චීනයේ මුහුණ හා හකු සම්බන්ධව කරන ලද වඩාත්ම අභියෝගාත්මක ශල්‍යකර්මය ලෙස සැළකෙන්නේ ද මේ ශල්‍ය කර්මයයි.
ශල්‍යකර්මයට විවිධ ක්ෂේත්‍ර නියෝජනයකරන වෛද්‍යවරු 20 දෙනකු පමණ සහභාගී වූහ. වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී චෙං පවසන්නේ රෝගියාගේ ඉහළ සහ පහළ තොල් මෙන් ම මාංශ පේෂි පවා යළි සකස් කැර ඇති බවයි.
මුහුණේ පෙනුම ලබා ගැනීමට අවශ්‍ය පටක ලබාගෙන ඇත්තේ ඔහුගේ පාදයෙනි. මූළික සැත්කම දැන් අවසන් කැර තිබේ. එසේ වුව ද ඔහුගේ දත් යළි නිසිපරිදි සකස් කිරීමට තවත් මාස හයකින් දෙවැනි ශල්‍යකර්මය සිදුකළ යුතුය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විස්මිත සැත්කමකින් කට හදයි
ඉසුරු Tuesday, 22 July 2014 03:51 AM
අනේ පවු! (අ)
හේමන්ත Monday, 21 July 2014 06:51 AM
මෙතරම් කාලයක් නිසි ප්‍රතිකාරයක් කරන්න ප්‍රමාද කිරීම හරිම වැරදියි . මේ පුද්ගලයාට ජීවිතයක් තිබිලා නැහැ වගෙයි. (නි)
නුවන් Tuesday, 22 July 2014 12:22 PM
ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ විතරයි හරියට තේරුම් කරලා දුන්නේ (නි)
ජයත් Tuesday, 22 July 2014 06:38 AM
අපේ සමහර අයගෙ කටවල් ටික හැදුවොත් නරකද මම අහන්නේ ! (අ)
සුනිල් Wednesday, 23 July 2014 09:32 PM
අපේ රටේ සමහර දේශපාලකයන්ටත් මේ සැත්කම කළා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
සේරම් Tuesday, 22 July 2014 07:22 AM
ලංකාව මීට වඩා ගොඩක් ඉදිරියෙන් , මේ වගේ සිදුවීම්ව්කදී සෞක්‍ය බලධාරීන් කොයිතරම් කැපකිරීම් කරනවද .(අ)
සංජීව Monday, 21 July 2014 10:54 PM
පේනවා නේද ජීවිතයේ අනිත්‍යය? (නි)