IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


විලිරුදාවටත් දඩ

දරු උපතකදී මවක විලි රුදාවෙන් කරනා කෑගැසීම් වලට දඩයක් අය කරනා රෝහලක් ගැන වාර්තා වන්නේ සිම්බාබ්වේ වලිනි.

දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ඇමරිකා සංවිධානයක් වන ‘ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්  සිම්බාබ්වේ හිදී සිදුකළ විමරශනයකින් මේ රෝහල සොයාගෙන තිබේ.

දඩ අයකරනවාට අමතරව මෙම රෝහල දඩ ගෙවීමට ප්‍රමාද වන්නේ නම් ඊට පොළියක්ද අය කරන බවත් ඇතැම් අවස්ථාවන්හි දරුවා ලැබූ මව දඩය ගෙවන තෙක්ම බලහත්කාරයෙන්ම රෝහලේ රදවාතබාගන්නා බවත් මෙම විමර්ශනයේදී හෙළියැය. මෙය සිම්බාබ්වේහි රෝහල් බොහෝමයක දක්නට ඇති තත්ත්වයක් බවද ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැශනල් සංවිධානය කියයි.

එක් කෑගැසීමකට ඩොලර් 5 බැගින් අයකෙරෙන බව කියැවේ.සිම්බාබ්වේ හි සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ඇති ආර්ථීකයට නිසාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ඩොලර් 150 ක් පමණ වේ.එයිනුත් ඩොලර් 5 බැගින් රෝහලට ගෙවන්න සිදුවේ නම් ඉතිරියක් නොමැති බව

දන්නා සිම්බාබ්වේ වැසියන් දරු උපතකදී රෝහලක් කරා යොමු වන අවස්ථාවක් ඇත්තේම නැති තරම් වන බව විමර්ෂණය සිදු කළ කණ්ඩායම කියයි.මේ නිසාම සිම්බාබ්වේහි නිසි වෛද්‍ය උපදෙස් නැතිව සිදුවන දරු උපත් නිසාවෙන් මියයන මවුවරුන් සංඛ්‍යාවේද ඉහළ යාමක්ද දක්නට ඇතැයි පැවසේ.

ආර්ථීක අර්බුදය නිසාවෙන් සිම්බාබ්වේහි සියලූ දෙනා උත්සාහ කරන්නේ කුමන කරුණක් ඉදිරිපත් කර හෝ මුදල් සොයා ගැනීමට බව විමර්ෂණ කණ්ඩායම කියයි‍.



අදහස් (0)

විලිරුදාවටත් දඩ

දනු Friday, 19 July 2013 03:36 AM

මොන ප්‍රශ්න තිබුනත් අපේ රට රත්තරන්. ඒක තේරෙන්නේ මේ වගේ කාලකන්නි රටවල් වලින් අහන්න ලැබෙන දේවල් එක්ක.(නදී)

:       0       0

මාපති Friday, 19 July 2013 05:15 AM

දනුගේ කතාව ඇත්ත, අපේ රට රත්තරන්. රට කාපාලුවෝ ටික දෙනෙක් හිටියට බොහොම දෙනෙක් මනුෂ්‍යත්වය හඳුනන උදවිය ඉන්නේ.(නදී)

:       0       0

දර්ශන් Thursday, 18 July 2013 08:15 PM

අපොයි මොන අපරාදයක්ද, කසාද ගාස්තුව වැඩි නිසා නීතියෙන් විවාහ නොවී ජීවත්වන පවුල් හතරක් පමණ මම හදුනනවා. මෙහෙම දෙයකුත් ආවොත් නම් ඉවරයි.(නදී)

:       0       0

රාජරත්න Friday, 19 July 2013 09:36 AM

අපි තාම සිම්බාබ්වෙ රටත් එක්ක රාජතාන්ත‍්‍රික සම්බන්ධතා පටන්ගත්තෙ නැහැ නේද? (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 18 July 2013 08:49 PM

විලිරුදාව ,වගේම තමා අපේ බස් රුදාව, ස්වීප් රුදාව..කොන්දොස්තර මොනතරම් කෑගැහිල්ලක් ද කෑගහන්නේ උදේ සිට රෑවෙනකම්, එතකොට ස්වීප් වෙළෙන්දා ..පේමන්ට් වෙළෙන්දා ...දඩ තියා ඔවුන්ට ගානක් ගෙවන්න හිතෙනවා.පව් අනේ! අපි මොනවා කරන්නද ? (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 18 July 2013 09:02 PM

මේ නීතිය දාපු අයට පස්ස පැත්ත මහල බඩයන්න බේත් දෙන්න ඕනේ එතකොට එයාලටත් විලිරුදාව තේරේවි (අ)

:       0       0

සමන් Thursday, 18 July 2013 04:19 PM

මෙන්න නියම අයිඩියා එකක්. අපේ කඩා වැටෙන ආර්ථිකයට සල්ලි හොයන්න මාර ක්‍රමයක්.(නදී)

:       0       0

ශෙහාන් Thursday, 18 July 2013 10:47 PM

පේරාදෙණිය රෝහලේ අම්මලාට පහරදුන් දෙන්නා එහෙනම් සිම්බාබ්වේ ගිහින් වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 113 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site