IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වායු දූෂණයෙන් ගැලැවීමට නවදිල්ලියේ සිසුන්ට මුඛ ආවරණ මිලියන 5ක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය හේතුවෙන්, පාසල් සිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මිලියන 5ක් පමණ මුඛ ආවරණ ඔවුන්ට නිකුත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

ඉන්දියාව මේ වනවිට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලිය ඇතුළු ආසන්නතම ප්‍රාන්ත දෙකකට වායු දූෂණය සම්බන්ධයෙන්  කොන්දේසි කිහිපයක්ම පනවා තිබේ.

දිල්ලි නුවර පාසල් ලබන අඟහරුවාදා වනතුරු වසා දමා ඇත. නගරයේ සිදුකරන සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, ගිනි ආශ්‍රිත කටයුතුද තහනම් කර තිබේ.

දිල්ලි නගරය ‘ගෑස් කුටීරයක්’ බවට පත්ව ඇතැයි දිල්ලිහි ප්‍රධාන අමාත්‍යඅර්වින්ද් කෙජ්රිවාල් මහතා පවසයි.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු - බංගලාදේශ ක්‍රිකට් තරගය සඳහා ද වායු දූෂණයෙන් බාධා එල්ල වී තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයින් මුඛ ආවරණ පැළඳගෙන පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටිති.

පසුගිය වසරේදී ද ඉන්දියාවේ මෙවැනි ම ආකාරයේ වායු දූෂණ තත්වයක් ඇති වූ බවද, ස්වේච්ඡා සංගම් ජනයාට දහස් ගණන් මුඛ ආවරණ ලබාදුන් බවද වාර්තා වේ.

(බීබීසී ඇසුරිනි)
16844



අදහස් (2)

වායු දූෂණයෙන් ගැලැවීමට නවදිල්ලියේ සිසුන්ට මුඛ ආවරණ මිලියන 5ක්

Raveendra Sunday, 03 November 2019 11:14 AM

අපගේ අගනගරයත් ඉතාමත් ඉක්මණින් මෙම තත්වයට පත්වෙන දින වැඩි ඈතක් නොවෙනු ඇත."ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්" පිළිබඳව නොසලකන්නේද.. එතැනදී සක්කරයත් ඇන ගන්නේය...

:       0       212

sampath Monday, 04 November 2019 12:14 PM

වාසනාවකට ලංකාවේ කොළඹ මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද එක පැත්තකින් මුහුද තියෙන නිසා කොහොම වුණත් නයිට්‍රජන් සහ සල්ෆර් සංයෝගවල සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක කොළඹ නගරය පවතිනවා.. ඒ වගේ වැඩිම බලපෑම තියෙන්නේ කොළඹ පාසල් දරුවන්ට... අනෙක් අතට ලංකාවේ මෙවැනි තත්වයක් ඇති වෙනවා නම් වෙන්නේ මහනුවර... මොකද කඳු වළල්ලකින් වටවෙලා නිසා මේ දූෂිත වායු සාන්ද්‍රණය දිනෙන් දින ඉහළ යනවා. දැන්ම පර දෙපැත්තේ ගස් වවන්න පටන් ගත්තොත් සාමාන්‍යයෙන් හෝ මෙය පාලනය කල හැකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site