IMG-LOGO

වයස්ගත පියාගේ පුංචි පුතා නැති වෙයි

ලොව වයස්ගතම පියා ලෙස වාර්තා තැබූ රාම්ජිත් රගාව්ගේ (97) අවුරුදු 3ක් වයසැති වැඩිමහල් දරුවා වික‍්‍රමජීත් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

දරුවා මීට දින කිහිපයකට පෙර මව සමග බෙහෙත් ගැනීමට රෝහලට යන අතරතුර මේ සිද්ධියට මුහුණ දී තිබේ. මහන්සිය නිසා ඇයට බසයේ නින්ද ගිය බවත් විනාඩි 15කින් පමණ ඇහැරී බලන විට ඇයගේ අතේ සිටි දරුවා නොසිටි බවත්  ඇය පැවසුවාය. දරුවා කවුරුන් හෝ පැහැරගෙන ඇතැයි ඔවුන් සැක පළ කරයි.

දරුවාගේ අතුරුදහන් වීමත් සමග ඔවුන් ඉතා අසරණ වී ඇති බව සදහන්ය. ”අපි එයාව හැමතැනම හොයනවා. මම අසරණ වෙලා. එයා අපේ පළමු දරුවා. අපිට ඔහු නැතිවෙච්ච දවසෙ ඉදන් කෑමක් නෑ. නිදාගත්තෙ නෑ. මම ඔහු ගැන බයයි.” යනුවෙන් රගාව් පවසා ඇත. දරුවා ලැබෙන තුරු ඔහුට සැනසිල්ලේ මැරණයට පත්විය නොහැකි බවත් ඔහු පවසයි.සෑම පොලිසියක්ම දරුවා ගැන සෝදිසියෙන් සිටින බවත් ඔහු සොයා ගැනීමට උපරිමයෙන් වෙහෙසෙන බවත් දිල්ලි පොලීසිය පවසා ඇත. 

රගාව් ලොව වයසුගතම පියා ලෙස වාර්තාගත වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ ඔහුට අවුරුදු 96දී ඔහුගේ බිරිද සකුන්තලා ඔවුන්ගේ දෙවන දරුවා රන්ජීත් (මාස 9) බිහි කිරීමෙන් පසුවයි.

 



අදහස් (0)

වයස්ගත පියාගේ පුංචි පුතා නැති වෙයි

සඳරුවන් Friday, 05 July 2013 03:03 PM

දරුවාව සත්‍ය පියා ගෙනියන්න ඇති ! (අ)

:       0       0

මොහාන් Saturday, 06 July 2013 06:27 PM

වැඩේ නම් කැතයි හැබැයි හැබැයි ඉතින් තව බබෙක් හදන්න අන්කලට වයස තියෙනවා. අරින්න එපා තව පාරක් ට්‍රයි කරන්න.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 07:07 PM

චික් සමහරක්.(නදී)

:       0       0

ශාෆික් Saturday, 06 July 2013 10:13 AM

සම්පත් නිවැරදියි (නි)

:       0       0

සේනානායක Friday, 05 July 2013 03:49 PM

ඒක නම් මටත් හිතෙනවා සඳරුවන්. මම රාම් ගෙන් කලින්ම ඇසුවා දරුවා එයාගේ කියලා විශ්වාසද කියලා.(නදී)

:       0       0

සඳරුවන් Saturday, 06 July 2013 09:26 PM

මුළු මහත් ලෝකයම බොරුවෙන් වැහිලා. ඒ අතරින් සත්‍ය ප්‍රකාස කිරීම වරදක් නෙමෙයි. එයයි විය යුත්තේ, එහෙම අයත් මුතු මැණික් වගේ දුර්ලභයි.(නදී)

:       0       0

සම්පත් Friday, 05 July 2013 09:53 PM

රට කුමක් වුවත් මිනිසෙක් අසරණ උනමවත් ඔය වගේ පහත් විහිළු කොමෙන්ට්ස් දැමීමෙන් වලකින්න. (අ)

:       0       0

අශෝක් Saturday, 06 July 2013 11:54 AM

උණ හපුළුවගෙ දරුවා උණහපුලුවට ලොකුයි.(නදී)

:       0       0

දීපා Saturday, 06 July 2013 04:15 PM

කාගේ උනත් දරුවෙක්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 684 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site