පිරිවැය දෙගුණවීම නිසා න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීම අතරමඟ නවතා ඇතැයි ඇමෙරිකාවේ සමාගම් දෙකක් පවසයි.
ඉදිකිරීම් ප්‍රමාදය නිසා දකුණු කැරොලිනාහි ස්ථාපිත ප්‍රතික්‍රියාකාරක දෙකක් නියමිත කාලය වන 2024 වන විට නොලැබෙන බවත් එම ප්‍රතික්‍රියාකාරක හිමිවන්නේ ඉන් අවුරුදු 4කට පසුව බවත් න්‍යෂ්ටික සමාගම්වලට සම්බන්ධ එක් සමාගමක් වන ‘සැන්ටි කූපර්’ සමාගම පවසයි.
මේ හේතුවෙන් තම පිරිවැය දෙගුණ වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.
මේ අනුව දැනට ඇමෙරිකාව තුළ ඉදි කෙරෙමින් පවතින්නේ න්‍යෂ්ටික බලාගාර දෙකක් පමණක් වන අතර සියයකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතියි.
ඇමෙරිකාව ලොව ප්‍රමුඛතම න්‍යෂ්ටික බලශක්තිය නිපදවන්නා වුවද න්‍යෂ්ටික බලශක්තියෙන් ආවරණය වන්නේ එරට සමස්ත බලශක්ති ප්‍රමාණයෙන් 10%ක් පමණි.
2008 දී ‘වෙස්ටින්ග්හවුස්’ සමාගම ‘වී.සී.සමර්’ යනුවෙන් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් දියත් කරන ලදි. ‘වෙස්ටින්ග්හවුස්’ සමාගම පසුගිය මාර්තු මාසයේදී බංකොලොත් බව ප්‍රකාශයට පත් කරන ලදි.
‘වී.සී.සමර්’ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් වූ අතර ඉදිකිරීම් ප්‍රමාදය සහ ආරක්ෂක අවශ්‍යතා නිසා එහි වියදම දෙගුණ වී ඇතැයි අදාළ එම සමාගම පවසයි.
ඒ අනුව ‘සැන්ටි කූපර්’ සහ ‘වෙස්ටින්ග්හවුස්’ යන සමාගම් ආරම්භ කරන න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති තාවකාලිකව නවතා දමා තිබේ.
1960 දශකය සහ 70 දශකයේදී න්‍යෂ්ටික බලශක්තිය ඇමෙරිකාව තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබූ අතර 1979 දී පෙනිසිල්වේනියාවේ ‘ත්‍රී මයිල් අයිලන්ඞ්’ බලාගාරයේ ඇති වූ සිදුවීමත් සමඟ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තිබූ ජනප්‍රියතාව අඩුවිය.
වසර 1996 සිට 2016 වසර දක්වා කාලයේදී කිසිදු නව න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් ඇමෙරිකා එක්සත් ජනපද න්‍යෂ්ටික බලශක්ති පද්ධතියට එක් නොවිණි.
ඒ.එෆ්.පී 055
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වියදම වැඩි නිසා න්‍යෂ්ටික බලාගාර 02ක වැඩ නවතී