අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජපාන රජය පවසයි.
ඒ සඳහා ලොව ප්‍රමුඛතම සමාගම් සමග එක්වී කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි ද ජපාන රජය සඳහන් කරයි.
ෆේස්බුක්, යාහු, ගූගල් හා ලයින් වැනි සමාගම්වලට අමතරව තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන පෞද්ගලික අංශයේ ආයතන ද මේ සඳහා යොදාගන්නා බව ජපාන සන්නිවේදන අමාත්‍යංශය පැවසීය.
ජපානයේ ස්වාභාවික විපත්වලදී ව්‍යාජ පුවත් ප්‍රචාරය වීමේ අවදානමකට ජපානය මුහුණපාමින් සිටියි.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
226
COMMENTS