දෙවැනි ලෝක යුධ සමයේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට පතිත කෙරුණු පරමාණු බෝම්බ වල බිහිසුණු බව දුටු ලෝකයා න්‍යෂ්ඨික අවි වල බිහිසුණු බවත්,ඒවායින් ලෝක විනාශයට මංපෑදීය හැකි වීමත් සංකේතවත් කරමින් නිර්මාණය කරගත් ලෝක විනාශයේ ඔරලෝසුවේ’ මිනිත්තු කට්ට දොළහේ කණිසමට තවත් ආසන්න කිරීමට විද්‍යාඥයින් තීරණය කර ඇත.
ලෝක විනාශයේ ඔරලෝසුවෙන් සංකේතවත් කෙරෙන්නේ රට රටවල් තමන් කෙරේ රැස් කරගෙන සිටිනා න්‍යෂ්ඨික අවි ආයුධ වලින් සමස්ථ පෘථිවියටම ඇති තර්ජනයයි.මෙම අවි එකවර භාවිතා කළහොත් පෘථිවියේ විනාශය නියතය.
ලොව ඇති න්‍යෂ්ඨික අවි ප‍්‍රමාණය ඉහළ යන්නට ඉහළ යන්නට පෘථිවියේ ආරක්ෂාවටද ඇති තර්ජනය ඉහළ යන හෙයින් මෙම සංකේතාත්මක ඔරලෝසුවේ මිනිත්තු කට්ට එසේ ඉහළ යන අවි ආයුධ ප‍්‍රමාණයට අනුරූපව 12 කණිසමට ආසන්න කිරීමට විද්‍යාඥයෝ කටයුතු කරති.ඔරලෝසුවේ වේලාව මෙවර වෙනස් වන්නේ 2012 වසරට පසු ප‍්‍රථම වතාවටය.
වර්තමානයේ නම් න්‍යෂ්ඨික අවි පමණක් නොව ත‍්‍රස්ත කටයුතු,කාලගුණ විපර්යාස ආදියද ඔරලෝසු කට්ටේ කැරකීමට දායක වේ.
මේ පිළිඹද අවසන් තීරණය ගැනීමට ලෝක පරමාණුක විද්‍යාඥයින්ගේ සංසදය අද (22) රැස්වීමට නියමිතය.
1947 දී ඇතිකෙරුණු මේ ලෝක විනාශයේ ඔරලෝසුවේ මිනිත්තු කට්ට මේ වන විට 18 වතාවක් වෙනස් කෙරී තිබේ.එම අවස්ථාවලින් බොහෝමයක් ලොව ඇතැම් රටවල් තම න්‍යෂ්ඨික බලය ලොවට පෙන්වීමට උත්සාහ කළ අවස්ථාවීම විශේෂය.
ඔරලෝසුවේ මිනිත්තු කට්ට 12 කණිසමෙන් ඉවතට ගෙන යනු ලැබුණු අවස්ථාද නැතිව නොවේ.ලෝක බලවතුන් න්‍යෂ්ඨික අවි සම්බන්ධව එකඟතා හා එම අවි භාවිතයන්ට සීමා පනවාගන්නා අවස්ථා වලදී එසේ මිනිත්තු කට්ට 12 කණිසමෙන් ඉවතට ගෙන යනු ලැබේ.
පුදුමයකට මෙන් එසේ පසුපසට කටු කැරකැවුණු අවස්ථා ගණන ඉදිරියට කටු කැරකුවුණු අවස්ථා ගණනට වඩා වැඩිය.
මේ වන විට ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ රාතී‍්‍ර 12 ට මිනිත්තු 5 ක් ලෙසය.
ලෝකයේ රටවල් සැළකූ විට න්‍යෂ්ඨික අවි නිපදවීම්,පර්යේෂණ,අත්හදාබැලීම් අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාව හා රුසියාවයි.ඔවුන් සන්තකයේ මොහොතක දැනුම්දීමකින් එල්ල කළ හැකි න්‍යෂ්ඨික අවි 26000 කට අධික සංඛ්‍යාවක් පවතින බව සඳහන්ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විනාශයේ හෝරා යතුර