ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ පාප් පදවියට වසරක් සපිරීම නිමිත්තෙන් වතිකාන රාජ්‍යය ටංකනයයෙන් නිකුත් කළ සමරු කාසිය ලොකු වරැද්දක් සොයා ගැනීමත් සමග එම කාසිය අළෙවි කිරීම නතර කළේය.
එම කාසියේ අකුරක වැරැද්දක් නිසා මේ ප්‍රශ්නය ඇති විය.
පාප්තුමන්ගේ මහුණ එක් පසෙකත් ජේසු තුමාගු උද්දෘතයකුත් එම කාසියේ අනෙක් පැත්තේ සහන් වේ රන්,රිදී ඇතුළු ලෝහ මිශ්‍රණයකින් යුතු මේ කාසිය පසුගිය 8 වැනිදා නිකුත් කරන විට කිසිවකුත් එහි වරද දැක නැත.
වැරැද්ද සිදු වී ඇත්තේ ‘jesus‘ යන වචනය වෙනුවට ‘Lesus‘යන වචනය මුද්‍රණය වී තිබීමයි.ජේසුතුමන්ගේ නමේ ඉංග්‍රීසියෙන් ලියන විට යොදා ගන්නා ‘ජීසීස් ‘පදයේ ජේ අකුර වෙන්වට ‘එල් ‘අකුර ඉංග්‍රීසියෙන් මුද්‍රණ දෝෂයකින් අතුල්ව තිබීමයි.
මේ පදක්කම නැවත එකතු කරන විටත් පදක්කම් 4ක් විකිණි තිබිණි.එම පදක්කම් අනාගතයේදී අධික මිලකට අළෙවි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන වගකිව යුත්තෝ සොයා බැලිය යතුයි (දිල්)
මෙම සිද්ධියේදී ඉතාලි රජය විසින් මුදල් නාස්ති කළ බව කියමින් ඉතාලි ජනතාව පෙළපාලි එහෙම යන්නේ නැද්ද? ලංකාවේ සිදු වුණා නම් හොඳ හොඳ පෙළපාලි ටිකක් බලාගන්න තිබුණා. (නි)
මම ලතින් භාෂාව ඉගෙන ගත්තු කෙනෙක් හැටියට මම කියනවා සත්‍යයා කිව්වා හරි. "ජේ" අකුර ලියන්නේ "අයි" හැටියට "යූ" අකුර ලියන්නේ "වී" හැටියට. ඉංග්‍රීසියෙන් JESUS = IESVS ලතින් භාෂාවෙන් (ස)
මෙම කාසියේ තිබෙන වචනය ‘ජේසුස්‘ යන වචනය නම් මෙහි 'වී(V)' ත් වැරදියි නේද? (නි)
මධුසංඛ,බය වෙන්න එපා. ඕක තියෙන්නේ ඉතාලි භාෂාවෙන්නේ. අපේ පිටිගල මහතා ඕක කියලා දෙයි (නි)
සිහිය උපදවාගන්න. යතාර්ථය දකින්න (නි)
මදුසංක,සිරියලතා,මේ අකුරු ඉංග්‍රීසි හෝ ඉතාලි අකුරු නෙමෙයි, ලතින් භාෂාවෙන් තියෙන්නේ (නි)
අපේ රටේ වුණා නම්, මහදැනමුත්තලා ටික සිංහල ශබ්දකෝෂයක් හදලා හරි වරද නිවැරදි කරලා (නි)
එහෙනම් ඒකෙත් අකුරු වැරදුණා? (නි)
මම හිතාගෙන හිටියේ ලතින් භාෂාව නොදන්නේ අපි වගේ අය තමයි කියලා. බලාගෙන ගියාම ඒ රටේ අයත් ඒ භාෂාව දන්නේ නැහැනේ. (නි)
ලතින් භාෂාවෙන් 'යූ' අකුර ලිව්වේ 'වී' කියලා පැරණි ක්‍රිස්තියානි පොත්වල, පල්ලිවල ඇති පුවරුවල 'යූ' වෙනුවට 'වී' යොදා ඇති අන්දම දකින්න පුළුවන්. මට තිබෙන ප්‍රශ්නය දෙවියෝ මේක කල්වේලා ඇතුව දැකලා නිර්මාණකරුට කිව්වේ නැත්තේ ඇයි කියලා. (නි)
සේනාරත්න,මේකට ඉතාලියෙ සම්බන්ධය මොකක්ද? (නි)