IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වතිකානු මූල්‍ය පාලකවරයාට අපහරණ චෝදනා

වතිකානු කතෝලික දෙව්මැඳුරේ තෙවැනි ඉහළතම තනතුර දරන ජෝර්ජ් පෙල් කාදිනල්වරයාට ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන කාදිනල්වරයා තම චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බව ද කියයි.

දෙවසරක් තිස්සේ පැවැති පරීක්ෂණයකින් අනතුරුව මෙලෙස ජෝර්ජ් පෙල් කාදිනල්වරයාට ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා පාප්වහන්සේ තමාට නිවාඩු දුන් බව ද  පෙල් කාදිනල්වරයා කීවේය.

“මම අධිකරණයේ පෙනීසිටීමට බලාපොරොත්තු වෙනවා. මේ චෝදනා වැරැදියි. මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා” යැයි 76 හැවිරිදි ජෝර්ජ් පෙල් කාදිනල්වරයා පැවැසීය.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කාදිනල්වරයාට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබෙන අතර මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවේ අධිකරණ පද්ධතියට වතිකානය ගරු කරන බවත් පෙල් කාදිනල් මීට පෙරත් පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ වී තිබෙන බවත් වතිකානයේ ප්‍රකාශක ග්‍රෙග් බර්ක් පැවැසීය.

පෙල් කාදිනල්වරයා 2014 සිට වතිකානයේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කරයි. වතිකානයේ මෙතරම් ඉහළ තනතුරක් දරන අයකුට ලිංගික අපහරණ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.
මූල්‍ය පාලකවරයා එසේත් නැතිනම් භාණ්ඩාගාරික පදවිය වතිකානු කතෝලික දෙව්මැඳුරේ තෙවැනි ඉහළතම තනතුර ද වෙයි.

රොයිටර් 055



අදහස් (6)

වතිකානු මූල්‍ය පාලකවරයාට අපහරණ චෝදනා

sam Friday, 30 June 2017 05:57 AM

මේ වතාවේ මෙතුමාට මොන විධියේ අපචාර චෝදනා එල්ල වී තිබෙනවාද? කියා මා දන්නේ නැහැ. නමුත් 60-70 දශකවල මෙතුමා මෙල්බන් ආර්ච් බිෂොප් කාලේ මෙවන් දේ සිදුකල පූජකවරුන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ඒ චෝදනා බොහොම සැහැල්ලුවෙන් ඉවතලා ඒ චෝදනා ලැබූ පුජකවරුන් වෙනත් ප්‍රදේශ වලට මාරුකර යවා ප්‍රශ්නය යටගැසූ බවත් පසු කාලීනව උසාවි මගින් ඔප්පු වුණා....

:       1       213

ලුම්බිණිSaturday, 01 July 2017 12:41 AM

ඒකම තමයි චෝදනාව.

:       1       5

dasaMonday, 03 July 2017 01:02 AM

මම ආගම අදහන කතෝලිකයෙක් ලෙසයි මේ කියන්නේ. මෙතුමා නෙමේ.. පාප් වහන්සේ හරි වරදක් කර තියේ නම් දෙවියන් වහන්සේ වෙලාවට දඩුවම් කරාවි. අපේ රටේ වුණත් වරද කරපු සමහර උදවියට දෙවියෝ දඬුවම් කල හැටි අපි අත් දැකලා නැත්තේ නැහැනේ. කාවවත් විනිශ්චය කරන එක කිසිවක් නොදත් අපිට අයිති දෙයක් නොවේ..

:       1       0

Perumal Sunday, 02 July 2017 11:45 AM

ලංකාවේ මහානායක, අනුනායක ස්වාමීන් වහන්සේලාට තියා සාමාන්‍ය භික්ෂුවකටවත් ඔය ප්‍රශ්න නෑනේ... දරු පවුලක් හිටියත් කමක් නෑ මතවාදය හරි නම්...

:       39       1

අජිත් විජේවර්ධනSunday, 02 July 2017 02:19 PM

බෞද්ධයෙකු ලෙස මම ඔබගේ අදහසට විරුද්ධයි. මේ කාදිනල්තුමාට විරුද්ධව එල්ල වෙලා තියෙන්නේ චෝදනාවක්. ඕනෑම මනුෂ්‍යයෙක්ට විරුද්ධවාදීන් ඉන්න බව අපි හොඳටම දන්නවනේ. ඒත් ඒවා ඇත්තද නැද්ද කියලා දන්නේ එතුමාගේ හෘදසාක්ෂිය. නිර්දෝශී මනුෂ්‍යයෙක්ට චෝදනාවක් එල්ලවූ ගමන් ඔහු වරදකරු කරන්න සමාජය දක්ෂයි. හැබැයි ඒක මුලුමහත් නිර්දෝශී මනුෂ්‍ය වර්ගයාටම කරන නින්දාවක්. ඔහු වරදකරු නම් කර්මය ඔහුට දඬුවම් දේවි. ඒ මොකක් වුණත් එතුමාව වෙනත් පූජක උතුමන් එක්ක සසඳා දක්වන්න මෙතන හේතුවක් නෑනේ. බෞද්ධයෝ නෙමේනේ එතුමාණන්ට චෝදනා කරන්නේ.

:       214       128

නුමාMonday, 03 July 2017 04:23 AM

මනුෂ්‍යත්වය පැත්තක දාලා ආගම ඉහමොළ වල පුරවා ගෙන ඉන්නේ. ආගමික නායකයින් මොනවා කළත් හරි කියන මතයේ තමා ඉන්නේ. මම බෞද්ධ නිසා බිය නැතිව කියන්න පුළුවන් අනුරාධපුර උඩමළුවේ අනුනායක හාමුදුරුවෝ කෙනෙක් කාන්තාවක සහ දරුවෙකු නඩත්තු කළ බව....ආගමට පෙර මනුෂ්‍යත්වයට තැන දෙනවානම් මේ ප්‍රන කිසිවක් නැත.

:       46       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site