ලොව සර්ප විශේෂ අතරින් කොල පැහැති පිඹුරා වඩාත් තදින් ගස් කඳන් මිරිකමින් ගස් දිගේ ඉහළට නගින බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අනෙක් සර්පයන් කඳ ග්‍රහණය කරනවාට වඩා පස් ගුණයක් තදින් කොල පැහැති පිඹුරන් ශාඛ කඳ ග්‍රහණය කැර ගන්නා බවයි.
ජීව විද්‍යාඥයින් විසින් ගස්වල බඩගා නගින සර්ප විශේෂ එම ගසවෙත තම ශරීරය මගින් යොදන බලය මැන බලා ඇත්තේ පළමු වතාවටය. මේ සඳහා බටයක සිරස් තලයට යෙදු පීඩන සංවේදක, ටෙනිස් පිත්තක දෘඩ ග්‍රහනයක්ද උපයෝගි කරගෙන තිබේ.
අධ්‍යනය සඳහා යොදා ගන්නා ලද සර්පයන් 10 දෙනාම අවශ්‍ය තරමට වඩා බලයක් යොදා ගත් බව සොයා ගෙන තිබේ. පර්යේෂකයන්ගේ නිගමනය වි ඇත්තේ සතුන් තම කාර්යක්ෂමතාවට වඩා ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙමින් බලය යොදන බවයි.
පර්යේෂණයේ ප්‍රධානි සින්සිනාටි විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ග්‍රෙග් බර්න්ස් පවසන්නේ මිනිසෙක් දිය පහරකින් පැනීමට අවශ්‍ය තරමට වඩා ශක්තියක් යොදවා ගැම්මක් ගණ්නා ආකාරයෙන් සතුන් ද අවශ්‍ය තරමට වඩා ගසක කඳක් අල්ලා ගැනීමට ශක්තිය යොදන බවයි.

COMMENTS
මේ සතා කොළ පැහැති වර්ණය මොනතරම් ස්වභාවිකද (නදී)
මහේෂ් දන්නේ නැත්තන් කට වහගෙන ඉන්න මේ ඉන්නේ පිඹුරෙක් ඔයාට පලා පොළඟ බලාගන්න ඕනනම් ඉන්ටෙර්නෙට් එකෙන් පුලුවන් (නදී)
ගාමිණී මේ පිඹුරෙක් නෙමෙයි මේ තමා පලා පොළගා කියන්නේ (නදී)
මෙම කොළ පැහැති පිඹුරා ගෙන් වැටහෙන්නේ සදාහරිත වනාන්තර වල ජීවත් වන උරගයෙක් යන්නයි. .තරබාරු කම නිසා ගොදුරක් පසු පස එලවන වාට වඩා තම දරනුව මතට එන මැඩියා,හාවා ,මුවා,ගෝනා, පවා ගිල දැමීමමට පසුබට වෙන්නේ නැත. ගොදුර ගිල දැමු පසු සතාගේ ඇට ,කටු පොඩිකර දැමීමට දෙගස් ,දෙබල් අතරින් රිංගනවාලු.!(අ)
නියමයි විස්තර තව ටිකක් තිබුනා නම් (නදී)
වැඩිපුර බලය යොදන සර්පයෝ, ලංකාවේත් ඕනෑතරම් ඉන්නේ. විරුද්ධව වචනයක් කිව්වොත්, දෂ්ට කරලම තමයි නවතින්නේ. (නදී)