වැසිකිළි තේමාව කර ගත් අවන්හලක් චීනයේ ෂෙන් ෂෙන් ප‍්‍රාන්තයේ විවෘත කර තිබේ. අවන්හලට ඇතුළුවූ විට වැසිකිළියකට ඇතුළුවූවා සේ හැඟීමක්, නව අවන්හල් අත්දැකීමක් සෑම දෙනෙක්ටම ඇති කර වීම ඔවුන්ගේ අරමුණයි.
අවන්හලේ බිත්තිවල වතුර කරාම සවි කර, ආසන සඳහා මුත‍්‍රා පොච්චි සවි කර ඇත. මෙහි ආහාර පිළිගන්වන බඳුන්, පිඟන්, ආසන මත තබා ඇති කොට්ට පමණක් නොව ආහාර වල හැඩය, පාට ආදි සියළුම දේ වැසිකිලියක තිබෙන දේවල් හා සමානව නිර්මාණය කර ඇත. දුඹුරු පාට, කැරළි සහිත අයිස් කී‍්‍රම් මෙහි ඇති විශේෂ ආහාරයකි.
පෙනුමෙන් අපි‍්‍රයජනක හැඟීමක් ඇති කළත් මෙහි රාති‍්‍ර ආහාර වේලක් ගන්නකු නැවත මෙම අවන්හල සොයා ඒමට තරම් එහි ආහාර පාන ඉතා ප‍්‍රනීත බව සඳහන්ය.මේ ජාතියේ මුල්ම වැසිකිළි අවන්හල තායිවානයේ විවෘත කළේය.ඉන් පසු එවැනි අවන්හල් තායිවානය හා හොංකොං නුවරද වීවෘත කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය, තායිලන්තය , වියට්නාමය වගේ රටවල් වල මිනිස් අසුචි කෙලින්ම යවන්නේ එයාල ඇතිකරන ඉස්සෝ ෆාර්ම් වලට. ඒවා කාල හැදෙන ඉස්සෝ ගොඩක් මහත් වෙනවා. ඔස්ට්‍රේලියාව ජපානය වැනි රටවල මිල අධික අවන්හල් වල රස කර කර කන්නේ අසුචි කාල හැදුන ඉස්සෝ. ඉතින් මේ අවන්හල ගැන අප්පිරිය හිතන්න උවමනාවක් නැහැ. (අ)
මෙතන නොවෙයි, ඇත්ත වසිලිකිලියට කෑම අරගෙන ගිහින් කන මම දැකපු ලෝකේ ඉන්න එකම ජාතිය චීන්නු. කෑම කන අතරේ, වැසිකිලි යන අතරේ උන් පොතකුත් කියවනවා. (අ)
අයිස් ක්‍රීම් අසූචි බණ්ඩාර වගේ ? (දී)
ලංකාවේ මේවා වෙනම හදන්න ඕන නෙහෙ පිටකොටුවේ කඩේකින් කෑවහම හොදටම ඇති වෙනස වාඩිවෙන්න මේස පුටු තියනෙක කඩේක පිටිපස්සට ගියාම බලාගන්න පුළුවන් අසුචි වැඩිපුර කන්නේ කව්ද කියල (අ)
විකෘති මනසක් ඇති උන්ට හොඳයි. අසූචි දුර්ගන්ධයකුත් දුන්න නම් එළකිරි එකට කන්න තිබුන.(අ)
අනේ මන්ද මටනම් එපා උනා එකක් බලලා(අ)
ස්භාවික රටාව වෙනස් වෙමින් මිනිස් මනසේ සිදුවන මේ වෙනස්වීම් ඉදිරියේ දී මිනිස් සමාජය ප්‍රමුක කරගත් මුළු ලොවටම ඉතාම අහිත කර ලෙස බලපාවි (අ)
ලංකාවටත් හොදයි. මොකද අධික තරබාරු කට්ටියගේ කෑම අඩුකරන්න (නි)
මෙහෙ හොටල් නං (වැඩි හරියක්) වැසිකිලි තමා. (අ)
හෙට අනිද්දම මැරිණු මිනිසුන් විදියට කෑම හදල මිනිමස් අවන්හල කියලා නමක් තියාවී. අපේ මැටි හරක් ගිහින් සල්ලි ගෙවලා ඒවා කාවී. අසූචී කන එවුන්ට මිනිමස් කන එක වැඩක්ද. (ස)
කෑම එක වැසිකිලියකට අරන් ගිහින් කෑවනම් ඉවරනේ. ගානත් ඉතුරුයි, තව ඕන නම් වැඩියෙන් ජාති කාල බලන්නත් පුළුවන්, ඒවා හොටෙල් වල නැහැනේ. (දී)
ඇත්තටම මානසික ලෙඩ්ඩු (දී)
ඇත්තටම මානසික ලෙඩ්ඩු (අ)
මෙව්වා තමා කොන්ඩේ බැදපු චීනුන්ගේ වැඩ (දී)
මේ වගේ තැන්වලට යන මිනිස්සුත් මානසික ලෙඩ්ඩු.(නදී)
මානසික ලෙඩ (දී)
එවැනි රටකනම් පොඩි වෙනසක් සදහා වැසිකිලි අවන්හල් සංකල්පය මා වැරදියි හිතන්නෙ නෑ. නමුත් කුඩා දරුවන්, ආබාධිත අයවලුන් එහෙම මෙම අවන්හල වැසිකිලියක් සේ වරදවා වටහාගත්තොත් මොකද වෙන්නේ? (අ)
අය්යෝ දෙවියනේ, උදේට කන ගමන් බලපු දේ. (ස)
ව්‍යාපාරික පින්වතුනි චීනයේ,හොන්කොන්ග් වල තියෙන නිසා ලංකාවෙත් පටන්ගන්න නම් හිතන්නවත් එපා,(දී)
අපිරිසිදු වැසිකිලි වලින් හමන දුර්ගන්ධයට සමාන එයාර් එයා ෆ්‍රේශ්න එකක් ස්ප්‍රේ කළා නම් තවත් රසවෙයි. මේ ලෙඩ්ඩුන්ට. ඒක අමතක වෙලා වෙන්න ඇති.(දී)
මම නම් හිතන්නේ මෙය හොදින් ජනප්‍රිය වෙන දෙයක්. විශේෂයෙන් තරුණ පරපුර මෙයට ඇබ්බැහිවීම වළක්වන්න බැරිවෙයි. ඉරුණු ඩෙනිම් අදිද්දී ඉස්සර මිනිස්සු මේවා කිව්වා. තරුණ කැඩුණු සද්ද තිබෙන සංගීතයත් ජනප්‍රිය වුණා. ඒ වගේ දෙයක් අනාගතයේ අපිට මේ තුලින් දකින්න පුළුවන්. (නි)
හප්පා! මිනිසුන්ට වෙන නස්පැත්ති! (නි)
මේ මිනිස්සු පුදුමාකාර විදියට කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ.ඒ වෙහෙසකාරී ජීවිතයට වෙනසක් ඔවුන්ට හැම වෙලේම ඕනෑ කරනවා,ඒ වෙනස ඇති කරන්න කරපු හොද දෙයක් මේක.මේක ලංකාවේ කකා බිබී ගෙදර ඉන්න අයටවත් කාර්යාලවලට ගිහිල්ලා පුටු රත් කරන අයටවත් තේරෙන්නේ නැහැ.මේවට යන නොයන එක තමන්ගේ තීරණයක්.අනිත් එක මේ වගේ දේවල් ලංකාවට වැඩක් වෙන්නේ නැහැ.මීට වැඩිය ආපන ශාලා ලංකාවේ ඕනෑ තරම් තියෙනවා (නි)
මානසික විකෘති තාවයක් මේකට බලපාලා තියෙන්නේ.(දී)