IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වේගවත්ම කැමරාව ජපානේ

දැනට ලොව භාවිතාවන කැමරාවට වඩා 1000 ගුණයකින් වේගවත් කැමරාවක් නිපදවමීට ජපානයේ ටෝකියෝ හා කියෝ විශ්ව විද්‍යාලයන්ගේ පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. ලොව වේගවත්ම කැමරාව මෙහි තීව්‍රතාව (පික්සල් ප්‍රමාණය) බිලියන 440 කි.

මේ සා ඡායාරූප ප්‍රමාණයක් තත්පරයක් වැනි කෙටි කාලයකදී ගැනීමට භාවිතා කර ඇත්තේ අලූත්ම තාක්ෂණයක් යැයි පැවසේ.

දැනට ලොව භාවිතයේ ඇති වේගවත් කැමරා වල සිදුවන්නේ මුලින් ඡායාරූපය ගැනීමට අවැසි වස්තුව වෙත ආලෝක දහරාවක් එල්ල කර හෝ එම වස්තුවට ලැබී ඇති ආලෝක ප්‍රමාණය අනුව වස්තුවේ ඒ ඒ ස්ථාන වලට වැටී ඇති ආලෝක තීව්‍රතාවය ලේසර් කිරණයක් ආධාරයෙන් ගණනය කර ඡායාරූපය සැකැසීමයි.ආලෝක ප්‍රමාණය ගණනය කිරීම සිදුවන්නේ ලේසර් කිරණයක් ආධාරයෙන් නිසා ඡායාරූපය ඉක්මනින් සැකසෙන අතර එකක් පසු පස එකක් වේගයෙන් ඡායාරූපද ගත හැකිය.

ජපාන පර්යේෂකයින් නිපදවා ඇති කැමරාවේ මේ ක්‍රියාවලියට එහා ගිය අලූත්ම තාක්ෂණයක් භාවිතයට ගෙන ඇත.කිසියම් කාලාන්තරයක් ඇතුලතදී වස්තුවේ විවිධ දිශාවන් ඉලක්ක කොට ගන්නා ඡායාරූප රැසකින් අවසානයේ ප්‍රධාන ඡායාරූපය සැකසීම මෙම කැමරාවේ සිදුවේ.එම ඡායාරූපයන් ගැනීමේ වේගය කෙතරම්ද යත් පර්යේෂකයින්ට අනුව කැමරාවට තත්පරයකදී ඡායාරූප ට්‍රිලියන 4.4 ක ප්‍රමාණයක් ගත හැකිය.

එක් අවස්ථාවකදී ගත හැකි ඡායාරූප ප්‍රමාණය අතින් මේ කැමරාව දැනට ලෝකයේ ඇති වේගවත්ම කැමරාවට වටා දහස් ගුණයකින් පමණ වේගවත් බව පැවසේ.

ඡායාරූප වග ගුණාත්මක භාවයද කැමරාවේ වේගය සේම ඉහළය.

මෙය ආධාරයෙන් රසායනික ප්‍රතික්‍රියා, වෛද්‍ය හා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රවල හඳුනාගත හැකි ඉතා සියුම් සංසිද්ධීන් හොදින් නිරීක්ෂණය කළ හැකිවනු ඇතැයි පර්යේෂක පිරිස පවසති.



අදහස් (0)

වේගවත්ම කැමරාව ජපානේ

ලකී දොඩන්ගොඩ Thursday, 14 August 2014 06:32 PM

මම පොඩි කාලේදී අසා තිබෙනවා මගේ සීයා, ආච්චි , දෙමව්පියන් කියනවා ජපනා සියල්ලටම හපනා කියලා. ඒක අදටත් සැබෑවක් (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 04:36 AM

ලෝක ජනප්‍රසාදය දිනාගත් කැමරා නිර්මාතෘ ජපනුන්ට මේකත් කජ්ජක්ද? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 01:26 PM

ජපන් බඩු වලට වෙළදපොළේ තියෙන්නේ පුදුම ඉල්ලුමක්. මොකද තාක්ෂණය අතින් ඉහළ නිසා.හැබැයි ඉතින් මිල තමයි වැඩි. (නි)

:       0       0

සිල්වා Thursday, 14 August 2014 04:50 PM

ජපාන ජාතිකයන් හරිම නිහතමානියි. ඒ වගේම නිර්මාණශීලිත්වයෙන් හොඳම හැකියාවක් තිබෙනවා. පොඩි කාලේ සිටම පාසලෙන් මේ දැනුම ලබාදෙනවා. ප්‍රධාන වශයෙන් මුහුදු මාලු ආහාරයට ගැනීම මේ කුසලතා වලට ලොකු රුකුලක් බව විද්‍යාඥයින්ගේ මතයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site